Wednesday, 13 January 2016

ඇල්ජීරියාව හා ලංකාව...



ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප්‍රශ්නයෙන් ලංකාව පෙලෙද්දී ව්‍යවස්ථානු ඒකාධිපතිත්ව නිසා පීඩා විඳින රටවල් ලෝකයේ තවත් තිබෙනවා. ලංකාවේ 18 වැනි සංශෝධනය වගේ ඒකාධිපති ව්‍යවස්ථාවලින් දිගටම පාලන බලයේ රැඳී ඉන්න ගේම් ගහපු හා තවමත් ගේම් ගහන පාලකයන් තවත් ඉන්නවා. මධ්‍යධරණී මුහුදටත් ලිබියාවටත් ටියුනීසියාවටත් මොරොක්කෝවටත් මායිම් වෙලා තිබෙන  උතුරු අප්‍රිකානු රටක් වන ඇල්ජීරියාවත් මේ වෙනකොට ගිණියම් වෙලා තිබෙන්නෙ එවැනි පාලකයෙක් නිසයි. නොකර බැරි තැන

පොලිස් බලයට යටවන මහජනයා


ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ ෆ්ලැට් කරලා ඡන්ද තියන්න සූරයෙක් වෙච්ච මෙයා මීට කාලෙකට කලින් නම් ඒ රටට වීරයෙක් වුණා. එයාගෙ නම ආබ්දෙලාසිස් බූටෙෆ්ලිකා. අපට ආගන්තුක වුණාට යුරෝපයේ අප්‍රිකාවෙ මෙයා හරි ප්‍රසිද්ධයි. අරාබි වසන්තයේ සුළඟ ඇල්ජීරියාවටත් හමාගෙන ආවෙ නැතුව නෙවෙයි. හැබැයි ගඩාෆිට වඩා හමුදා සහාය ලැබුණු නිසා මෙයා ජාමෙ බේරගත්තා. ඒත් මේ වෙද්දි නැවතත් මහජන උද්ඝෝෂණ දරුණු විදියට මතුවෙමින් තිබෙනවා. ඒ නිසාම ජනාධිපති ධුරයේ රැඳී ඉන්න පුළුවන් වාර දෙකකට පමණයි කියලා ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න දැන් මෙයා කටයුුතු කරමින් ඉන්නවා කියලයි කියන්නේ.

එක වල්ලේ පොල්- සදාම් හුසේන්, අල් අසාද් සමඟ

ලෝකෙට පරකාසේ- බ්‍රසීල ජනපති ලූලා ද සිල්වා සමඟ

ඒකාධිපතියන්ට රුසියාව සෙවණක් ද?- පුටින් අමතක නෑ


මෙයාගෙ ඉතිහාසයත් ඒ තරම්ම හොඳ එකක් නෙවෙයි. 1922 දි අහමඩ් බෙන් බෙල්ලාගේ රජයේ තරුණ හා ක්‍රීඩා කටයුතු ඇමැතිවරයා හැටියට කැබිනට්ටුවට රිංගපු බූටෙෆ්ලිකාට 1965- 79 කාලයේදී බරපතල මූල්‍ය වංචාවකට චෝදනා එල්ලවුණා. එතකොට ඔහු දැරුවෙ විදේශ ඇමැතිකම. වංචාවේ තරම ඇල්ජීරියානු ඩිනාර් මිලියන 60 ක්. ඒත් වර්තමාන ලංකාවෙ වගේම පසුව පැමිණි පාලකයා ඔහුට සමාව දුන්නා. වර්තමාන ඇල්ජීරියාව මේ තරම් අභාවවාචී ඉරණමකට ගොදුරු වෙන්න තරම් ඒ තීන්දුව බලපාවි කියලා ඇතැම්විට ඒ ජනාධිපති හිතන්නේ නැතුව ඇති.

කොහොම වුණත් හරිහැටි ස්ථාපිත නොවුණු රාජ්‍යය තුළ මෙයාට අහඹු ලෙස නැවත වාසනාව කැරකිලා එනවා. ඒ 1999 දි. හමුදා සහාය කියන ප්‍රබල සාධකය උඩ ජනාධිපතිවරණයෙන් සීයට 74 ක ප්‍රතිශතයක් ඡන්ද අරන් තමයි මෙයා දිනුවෙ. අපේ හිටපු ජනාධිපතිවරයා වගේම බලයට ආවට පස්සේ තෝරාගත් රටවල් සමඟ සබඳතා තර කරගැනීමට බූටෙෆ්ලිකා කටයුතු කළා. එරිත්‍රියාව හා සෝමාලියාව සමඟ සමගි සන්ධානයකට එළඹුණු ඔහු අසල්වැසි ස්පාඤ්ඤයත් එක්කත් මිත්‍ර සන්ධානයකට ආවා. ප්‍රංශ ජනාධිපති ජැක් ශිරාක් පවා 2002 දී ඇල්ජීරියාවේ සංචාරයක නිරත වුණා. ඒත් ඔහු තමන්ගේ ඉලක්කයට රට අභ්‍යන්තරයේ හෙමින් ගමන් කරමින් හිටියේ ඉතාම සූක්ෂමවයි.

ඒකාධිපතියෝ පුංචි වුන් අමතක නොකරති


බූටෙෆ්ලිකාගේ ප්‍රධානම ආයුධය වුණේ ජනමත විචාරණ හා ව්‍යවස්ථා සංශෝධනයි. ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම මඟින් ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යවන නූතන ක්‍රමය එයා හොඳින් අභ්‍යාස කළා. මේ නිසාම 2009 හා 2014 අන්තිමේදි පැවැති ජනාධිපතිවරණ වර්ජනය කරන්නට විපක්ෂයේ පක්ෂ කටයුතු කළා. ඇල්ජීරියාවේ සිදුවන ප්‍රජාතන්ත්‍රවිරෝධී බොහෝ ක්‍රියාකාරකම් හා සිදුවීම් බැලුවාම ලංකාවත් ඇල්ජීරියාවත් අතර සාම්‍යක් පෙන්නුම් කරන තැන් තිබෙනවා. ඇතැම් දේ සිදුවීම්.

ඇල්ජීරියාවෙ ව්‍යවස්ථාව හැදුවේ 1976 දි. අපට චුට්ටක් කලින්. ව්‍යවස්ථාවෙ මොනවා තිබුණත් බලය දැරීමට හමුදා සහාය අතිශය වැදගත්. අපේ වගේම රාජ්‍ය නායකයා ජනාධිපති. ආණ්ඩුවේ ප්‍රධානියා අගමැති කිව්වට එයා ජනාධිපතිගේ රබර් මුද්‍රාවක් විතරයි. දේශපාලන පක්ෂ 40 කට වඩා තිබුණත් ඒවා තිබෙන්නේ මර්දනය කළ තත්ත්වයක.

මාධ්‍ය මර්දනයත් අනිවාර්ය අංගයක්


ඇල්ජීරියාව කියන්නෙත් අපි වගේම සිවිල් යුද්ධයකින් දැඩි සේ පීඩා විඳි රටක්. වසර දහයක් තිස්සේ පැවැති මේ  යුද්ධයෙන් ජීවිත මිනිස්සු ලක්ෂ එකහමාරක් පමණ ඝාතනය වුණා කියලයි වාර්තා වෙන්නෙ. සිවිල් යුද්ධය..පස්සෙ සංහිඳියා තත්ත්ව තුළ පීඩකයන්ටත් වින්ධිතයන්ටත් පොදු තැනකට එන්න වුණා. කොහොම වුණත් අධික උද්ධමනයත්, අධිකාරිවාදී පාලන රටාවත්, අවම වැටුප්, විරැකියාව, අසාධාරණ බදු අාදියෙන් දැඩි සේ පීඩා විඳින ඇල්ජීරියානුවන්ගේ කෝපය මේ වනවිට තිබෙන්නේ උතුරා යන තත්ත්වයකයි. මේක ඒකාධිපති ජනාධිපතිටත් හොඳටම තේරිලා. ඇල්ජීරියානු මහජන විරෝධතාවන්ට සහාය දක්වන්නේ ලොව පුරා වෙසෙන ප්‍රජාතන්ත්‍රවාදය අගයන පිරිස් පමණක්ම නෙවෙයි. විවිධ අන්තවාදී කල්ලි කණ්ඩායමුත් ඒ අතරේ ඉන්නවා. කොහොම වුණත් මේ ඒකාධිපති පාලකයාට මේ මර්දනකාරී පිළිවෙත වැඩිකල් ගෙනයන්න ලැබේවි කියලා නම් හිතන්න අමාරුයි. (මහජන විරෝධතා.. උත්සන්නයි

දහසක් ප්‍රශ්න මැද වුණත් අප්‍රිකාවෙ සූරයෝ 

13 comments:

  1. ඇල්ජීරියාවේ බූම් ඩීන් ලංකාවට ආවා නේද ?

    ReplyDelete
  2. වෙන්න පුළුවන්.. මම හෙව්වා..ඒත් අහුවුණේ නෑනෙ.. තව ටිකක් බලන්නම්..

    ReplyDelete
  3. ලංකාවේ සිද්ධ වුණු සහ වෙන දේවල් සමග බොහෝ සමානකම් තිබෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව්වොව්.. ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්ව...

      Delete
  4. මෙවැනි අය ආදර්ශයට ගන්නෙත් එකාධිපතියන්වමයි. තමන් යන්නේ විනාශයට බව තේරෙනකොට විනාශය සිදුවී හමාරයි.

    ReplyDelete
    Replies
    1. බලේ තියෙද්දි මොලේ නෑනෙ විචාරකතුමෝ.. ඒකනෙ අවුල..

      Delete
  5. ඒකාධිපතියෝ පුංචි උන් අමතක නොකළ බව අපි දන්නවානේ....

    ReplyDelete
  6. නැතුව නැතුව.. මෛත්‍රිපාල ලොක්කත් පොඩි වුන්ට ළං වෙනකොට අපිට බයයි..

    ReplyDelete
  7. පුංචි වුන් කිව්වම මතක් වුණේ.. ෂේක්ෂ්පියර්ලාගේ කාලේ සාහිත්‍යය තුළ පවා ඒකාධිපති නායකයෝ පුංචි උන්ව මූනේ තියාගෙන හුරතල් කරපු හැටි පෙන්වනවා.... රටකට හෝ කාලයකට සීමා වෙච්ච සීන් එකක් නෙවෙයි මේක...
    මං හිතන්නේ දේශපාලනයේ තීරණාත්මකම කාරණය තමයි ඒකාධිපතිත්වය.. දේශපාලනයේ හරය තමයි ප්‍රජාතන්ත්‍රවාදී අරගල

    ReplyDelete
  8. සර්වකාලීන සත්‍යන් වෙනස් වෙන්නේ නෑ ඇල්ජීරියාව හෝ ලංකාව කියලා.. හැබැයි කාලය එක්ක වටිනාකම් මෙන්ම අගතීනුත් වර්ධනය වෙනවා..

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. Replies
    1. ස්තුතියි මචන්...

      Delete