Wednesday 6 January 2016

ජපානය උතුරු කොරියාවට සම්බාධක පනවාවි ද?


උතුරු කොරියාව සීරුවෙන්

උතුරු කොරියාව විසින් අත්හදා බලන ලද හයිඩ්‍රජන් බෝම්බය සිය ජාතික ආරක්ෂාවට පැහැදිලි තර්ජනයක් යැයි ජපානය මේ වනවිට පවසනවා.

ජපාන අගමැති ෂින්සෝ අබේ පවසන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුතින් උල්ලංඝනය කෙරෙන ආකාරයෙන් සිදු කෙරුණු මෙම පරීක්ෂණ නිසා උතුරු කොරියාවට සම්බාධක පැනැවීම සම්බන්ධයෙන් කරුණු සොයා බලනවා කියලයි.

හයිඩ්‍රජන් බෝම්බ පරීක්ෂාවෙන් පසුව  උතුරු කොරියාවේ ඊසාන දිග පෙදෙසහි සිදු වූ කම්පන තත්ත්වය සමඟ ජපානය වහාම සිය ආරක්ෂක මණ්ඩලය කැඳවුවා. 

භූ දේශපාලනික අවුල


ඇමෙරිකාව, රුසියාව ,චීනය හා  දකුණු කොරියාව සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ජපානය පවසනවා.

උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණේ සිය පළමු හයිඩ්‍රජන් බෝම්බ පරීක්ෂණය සාර්ථකව නිමා වූ බවයි. 

උතුරු කොරියාව මීට පෙර න්‍යෂ්ටික අත්හදාබැලීම් කළේ 2006, 2009 හා 2013 යන වසරවලදීය. 

මූලාශ්‍ර - ද හින්දු

No comments:

Post a Comment