Tuesday 5 January 2016

ශ්‍රී ලංකාවේ රඳවා සිටින ඉන්දීය ධීවරයන් තෛපොංගල් ගැන අපේක්ෂාවෙන්..



ධීවර යාත්‍රා තුනකින් අනවසරයෙන් ශ්‍රී ලාංකීය මුහුදු සීමාවට ඇතුලු වූ ඉන්ධීය ධිවරයන් 12දෙනෙක් ඊයේ (4) රාත්‍රියේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
රාමේෂ්වරම් සිට යාත්‍රා දෙකකින් 8 දෙනෙක් ද ජගතාපට්ටිනම්හි සිට සෙසු සිව් දෙනා තවත් යාත්‍රාවකින් ද සිය ගමන ආරම්භ කර ඇත.

වෙරළාරක්ෂක බළකායේ මූලිකත්වයෙන් තලේමන්නාරම හා ඩෙල්ෆ්ට් දූපත් අවට පෙදෙස්හිදී මෙම අත්අඩංගුවට ගැනීම් කර ඇති බව නාවික හමුදා වෙබ් අඩවිය පවසයි.

ධීවරයන් හා යාත්‍රා කන්කසන්තුරේ පිහිටි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට බාර දී ඇති අතර ජනවාරි 15 ට යෙදෙන තෛපොංගල් දිනයට පෙර ඔවුන් නිදහස් කරන බවට ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා කර ඇති ප්‍රකාශයක් නිසා ඉන්දීය ධීවර ප්‍රජාව තුළ යම් අපේක්ෂාවක් හටගෙන තිබේ.

අනවසර ඇතුල්වීම මත ශ්‍රී ලංකාවේ විවිධ බන්ධනාගාරවල රඳවා සිටින ඉන්දීය මුළු ධීවරයන් සංඛ්‍යාවෙන් 144 කි.

ඉන්දීය හා ශ්‍රී ලාංකික ධීවර පිරිස් දෙකක් අතර 4 වැනිදා රාත්‍රියේ මුහුද මැද දී හටගත් වචන හුවමාරුවක් ගැටුමක් දක්වා දුරදිග ගිය අතර එහි ප්‍රතිපලය වී ඇත්තේ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව විසින් ශ්‍රී ලාංකික බෝට්ටුව හප්පා මුහුදුබත් කිරීමයි.

පසුව ශ්‍රී ලාංකික ධීවර පිරිස මිතුරු ධීවර පිරිසකගේ ද සහාය ලබාගෙන ඉන්දීය ට්‍රෝලරය මුලතිව් වෙරළට රැගෙන ගොස් ඇත.

මූලාශ්‍රය - ද හින්දු



No comments:

Post a Comment