Tuesday 5 January 2016

පාකිස්තාන දේශපාලන අස්ථාවරත්වය නවාස් ෂෙරීෆ් අවසන් කරාවි- ජනපති මෛත්‍රිපාල සිරිසේන



පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් අටකට අස්සන් තැබීම කොළඹ දී අද (5) දී සිදුවිය. වෙළෙඳ, ආරක්ෂක, ත්‍රස්තමර්දන යන ක්ෂෙත්‍ර ඇතුලු තවත් ක්ෂෙත්‍ර ඊට අයත් වේ.  වෙළෙඳ ප්‍රවර්ධන, සංස්කෘතික, සෞඛ්‍ය, මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්ත මර්දනය ඇතුලු විවිධ අංශවල අන්තර්සහාය වර්ධනයට මෙම ගිවිසුම් හේතුවනු ඇති බව පාකිස්ථාන අගමැති නවාස් ෂරීෆ් මහතා පැවැසීය. 

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාමට විශාල අවස්ථා තිබෙන අතර ගිවිසුම් අනුව සිමෙන්ති හා සීනි කම්හලක් මෙරට පිහිටුවන බව ද හෙතෙම පැවැසීය. වෙළෙඳාමේදී ශ්‍රී ලංකාවට  අතිශය අනුග්‍රාහිත ජාතිය බවට පත්වීමට පාකිස්තානය සූදානම් බව ද අගමැතිවරයා කීය. 
මැණික් හා ස්වර්ණාභරණ යන අංශවලට අමතරව අධ්‍යාපන, ආරක්ෂක, විද්‍යා, තාක්ෂණ යන අංශවලදී ද එක්ව කටයුතු කිරීමට රටවල් දෙක එකඟවෙලා තිබෙනවා ..මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඉතා ඉක්මණින්ම පාකිස්තාන සංචාරයක නිරත වනු ඇතැයි අපි අපේක්ෂාවෙන් සිටිනවා. ″ නවාස් ෂෙරීෆ් වැඩිදුරටත් කීය.
පාකිස්තානයේ දේශපාලන අස්ථාවරභාවය අගමැති නවාස් යටතේ ඉතා ඉක්මණින්ම පහව යාවි. . ජනාධිපති සිරිසේන ද දේශපාලන අනාවැකියක් ප්‍රකාශ කළේ එසේය.
නියෝජිත මට්ටමේ සාකච්ඡා කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවැති අතර පාකිස්තාන වාණිජ ඇමැති කුරාම් ඛාන්, විදෙස් සබඳතා විෂයෙහි අගමැතිවරයාගේ විශේෂ සහකාර තරික් ෆටේමි ද ඊට සහභාගී වූහ.

පාකිස්තාන අගමැතිවරයා හෙට(6) මෙරටින් පිටත්විමට නියමිතය.

No comments:

Post a Comment