Tuesday 12 January 2016

කොළඹ අැඩිලේඩ් වේවි ද?



ඕස්ට්‍රේලියානු ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සිය පෞද්ගලික මෝටර් රථ වෙනුවට පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බව ඇඩිලේඩ් සරසවිය පවසනවා.

දකුණු දිග ඕස්ට්‍රේලියාවේ අගනුවර වූ ඇඩිලේඩ්හි එක් සතියකදී පමණක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක්ලක්ෂ පනස් දහසක් පමණ සිය නිදහස් ප්‍රවාහන වරපත පාවිච්චි කරමින් ගමන් බිමන් යෑම සිදුවන බව ඔවුන් සමීක්ෂණයක් මඟින් හෙලිකරගෙන තිබෙනවා.. 

ඇඩිලේඩ් සරසවිය 


 එමඟින් සොයාගත් තොරතුරු පුදුමසහගතයි කියලයි ඕස්ට්‍රේලියානු ජනගහණ හා සංක්‍රමණික පර්යේෂණ මධ්‍යස්ථානයේ වැඩ බලන අධ්‍යක්ෂ ආචාර්ය හෙලන් ෆියෙස්ට් මහත්මිය කියන්නේ..

ස්වෙච්ඡා සේවයට, යාළු මිත්‍රයන් බලන්න, මුණුපුරු මිණිපිරියන් සමඟ ඇවිදින්න, කලා සාහිත්‍ය උළෙලවලට සහභාගී වෙන්න ඔවුන් මේ විදියට පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරනවා. මෙමඟීන් සතියකට කාර් 80 000 ක් පමණ මහා මාර්ගවලින් ඉවත්කර තියන්න හැකිවෙනවා. 

ආචාර්ය ෆියෙස්ට් කියන විදියට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ යහපත් ජීවන තත්ත්වයටත් මෙම පොදු ප්‍රවාහනය ඉතාම වැදගත්. මේ නිසා පොදු ප්‍රවාහනය තවත් පුළුල් කිරීමට මේ නව ප්‍රවණතාව අවස්ථාවක් කරගන්න ඕනෑ කියලයි ඇය අවධාරණය කරන්නේ.



ගම්වාසී ජනතාව මේ අතින් ටිකක් අවාසනාවන්තයි. මොකද ඔවුන්ට පොදු ප්‍රවාහන සේවා සැපයීම නගරයට සාපේක්ෂව අඩුයි. නිර්මාණාත්මක ක්‍රමවේද මඟින් අපට ඒකට උත්තර හොයන්න පුළුවන්. උදාහරණෙකට පාසලේ ඉගැන්නුම් ක්‍රියාවලිය සිදුවෙන වෙලාවලදි පාසල් බස් පොදු ප්‍රවාහනයට යොදාගන්න පුළුවන්. 

ඇය වැඩිදුරටත් කියන්නේ ඇඩිලේඩ්හි පාවිච්චි කරන මේ පොදු ප්‍රවාහන ක්‍රමවේදයන් අනෙකුත් නගරවලටත් පාවිච්චි කරන්න පුළුවන් කියලයි.. ඒ විතරද? 

පොදු ප්‍රවාහනය මුළුමනින්ම අවුල් ජාලයක් වෙච්ච ලංකාව වගේ රටවලටත් මේවායින් කොච්චර නම් දේවල් ඉගෙන ගන්න පුළුවන්ද? හැබැයි ජාතික ප්‍රතිපත්තියක් කිය කියා පුරසාරම් දොඩවන ටොම් පච කියන නිලධාරින් හා දේශපාලකයන්ට නම් ඇඩිලේඩ්වලින් වුණත් පාඩමක් ඉගෙනගත්තට නරක නෑ.. 

ලංකාවෙ නම් කොළඹ තමයි ප්‍රවාහනය හිසරදයක් බවට පත්වෙලා තියෙන තැන. ප්‍රවාහනය සම්බන්ධයෙන් ප්‍රමාණික දැනුමක් තියෙන මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමල් කුමාරගේ මහත්තයාගේ කතාවත් මේ ගමන් පොඩ්ඩක් බලමු.... 


බස් සේවයට කෙරෙන ආයෝජනය බස් රථ පර්යන්තයක් දුටු ගමන් පේනවා. අධිවේගී මාර්ග තිබුණාට සමබර ආයෝජනයක් නොවීම හේතුවෙන් තමයි අද වාහන තදබදය ඇතිවෙලා තිබෙන්නේ. ඉතින් අපි දකින්නේ පොදු ප්‍රවාහනය මේ ආකාරයෙන් නවීකරණය වුණේ නැත්නම් ඊළඟ අවුරුදු පහ හය වෙනකොට සමහර විට වාහනවල වේගය පයින් යන වේගයටම එන්න පුළුවන්. වෙනත් රටවල ඒක සිදුවෙනවා අපි දැකලා තිබෙනවා. එවැනි තත්ත්වයක් විසින් විශාල ආර්ථික පසුබෑමක් ඇතිකරන්න පුළුවන්. මොකද ජාත්‍යන්තර වරාය, ජාත්‍යන්තර ගුවන්තොටුපල සියල්ල තිබෙන්නේ බස්නාහිර පළාතෙයි. ඒ නිසා කොළඹ පමණක් නෙවෙයි. රටේ තිබෙන සියලු සේවාවන්වලටත් එය බලපානවා. එනිසා මෙගාපොලිස් සංවර්ධන ව්‍යාපෘතියේදී ප්‍රවාහන අංශය ප්‍රතිව්‍යුහගත කිරීම සැලැසුම්සහගතව කඩිනමින් සිදු විය යුතු යැයි මම විශ්වාස කරනවා“ 


6 comments:

  1. නූගතුන් විසින් උගතුන් පාලනය කරන රටක් වන ලංකාවේ ඔවා වෙයිද ?

    ReplyDelete
    Replies
    1. මේ පාරත් දුන්නා බැටේ..

      Delete
  2. නූගතුන් උගතුන් පාලනය කිරීමට තෝරා යවන්නා වූ උපරිම නූගතුන් ඉන්නා රටක මේවා වේවිද??????????

    ReplyDelete
    Replies
    1. ට්‍රාන්ස්පෝට් අවුල නම් ඇතිවෙලා තියෙන්නේ.. ට්‍රේන් එකේ සෙට් එක පුදුම ආසාවෙකින් ඉන්නේ නිමල් සිරිපාල එක්ක එකට යන්න..

      Delete
  3. බිඟුන් හොයාගත්කේ අද.. ජය වේවා

    ReplyDelete
  4. දේශකව නම් අපි දන්නෙ කාලයක් තිස්සෙ..ජය.. ජය..

    ReplyDelete