Wednesday 6 January 2016

පාකිස්තානෙන් ලංකාවට ප්‍රහාරක ජෙට් 7ක්..




නවාස් ෂරීෆ් ලංකාවට ඇවිත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ අස්සන් කළ ගිවිසුම්වල ප්‍රතිපලයක් හැටියට ප්‍රහාරක ජෙට් යානා හතක් මිලට ගැනීමට ලංකාණ්ඩුව කටයුතු කරනවා.

ඒ J-F17 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා හතක්..

පාකිස්තාන් ගුවන් හමුදාව නම් දැනටමත්  J-F17 පාවිච්චි කරනවා. ඒ ත්‍රස්ත මර්දන ප්‍රහාරවලට. 

එරට මාධ්‍ය සඳහන් කරන විදියට නම් පාකිස්තානු ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීම්වලට ශ්‍රී ලංකාව අවස්ථා කීපයක දී සාකච්ඡා සිදුකර තිබෙනවා.  ඒක සිදුවෙලා නැත්තේ ඉන්දියානු මැදිහත්වීම් නිසයි. ඒකට හේතු වෙලා තිබුණේ මෙම ප්‍රහාරක ජෙට් චීන නිපැයුමක් වන නිසා ලංකා ගුවන් හමුදාව ඒවා භාවිත කිරීම ඉන්දියාවට තර්ජනයක් වේවි කියලයි. 

කොහොම නමුත් එම බාධා නොසළකා ගනුදෙනුව ස්ථිර වෙලා තිබෙන්නේ පාකිස්තානු අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුවයි. පාකිස්තානු අගමැතිවරයා ඉන්දීය අගමැතිවරයා එක්ක යාළු මිත්‍රකම් වර්ධනය කරගැනීම මේකට හේතු වුණා වෙන්නත් පුළුවන්..( නවාස් ෂරීෆ් කොළඹ සිට මෝඩිට සහතිකයක් දෙයි)

එල්.ටී.ටී.ඊ සිව් වැනි ඊළාම් යුද්ධයේදී ශ්‍රී ලංකා රජයට අවි සැපයීම මඟින් පාකිස්ථානය ලංකාවට වඩාත් සමීප වුණා..

මූලාශ්‍ර- http://economictimes.indiatimes.com/

6 comments:

  1. බිගුන් දිගට ම ලියනවානං තවත් හොදයි....... සුභ පැතුම්...

    ReplyDelete
  2. ලොකු හයියක් කුරුටු.. මේ දිරිගැන්වීම තමයි වටින්නේ..

    ReplyDelete
  3. මඩු වලිගෙ අත් ඇරලා ජෙට් වලට බැහලා වගේ ..

    ReplyDelete
    Replies
    1. නැතුව.. නැතුව.. උඹල වගේ ත්‍රස්තවාදීන්ට ගහන්න ජෙට් නැතුව කෝමෙයි..

      Delete
  4. ඔය ජෙට් ගන්න එක රතුපස්වල මිනිස්සුන්ට වතුර දෙන එක තරම් අමාරු දෙයක් නෙවෙයි වෙන්නැති මයෙ හිතේ

    ReplyDelete
  5. ජෙට් එකක් ඇමෙරිකන් ඩොලර් මිලියන් 32යිලු. ඒ වගේද උඩුවෝ වතුර ෆිල්ටර් එකක්..කීයක් නම් වෙනවද?

    ReplyDelete