බත් පතට වැලි දැමුව
බත් අතට ඇණ ගැහුව
බත්ම කන මහත්වරුනේ ගරුතර
පත්තරවලට අමතර..
බස්තමක් වුව වනන්නට දුරක් ඇත
මට්ටුවක් වුව කරන්නට කලක් ඇත
මඳහසින් බොටුව වෙත පනින විට
කැඩපතින් බලනු මැන නුඹේ වත..
බහට නිරිඳුන් තෙපළ බලය ගැන සිතුණු සඳ
කෙවිටකින් නොතලාම වුව දණින් වැටුණු සඳ
රජ භොජුන් වළඳමින් ආත්මය වළ දැමුව
අතීතය මරන්නට පහසු නැත
මිහිරි වුව මුසා බස් පවිටුමය
ගලන්නේ සිත්වලින් කහටමය
ඊනියා කිත් යසස් සුමටමය
මේනියාවක් වුණේ පවටමය
ඒ නිසා මැතිඳුණේ බත්ම කන
බත් පතට වැලි දමන විටදි තව
ඉක්මනින් සක්මනට නොයනු මැන
යපස් ගිනි දියෙන්මය උදම් වන
යදම් පුපුරවාලයි උදම් රළ..
මම කවි ලියන්න දන්නා කෙනෙක් නෙවෙයි. ඔබේ කවිය ලස්සනයි, නමුත් කන්ස්ට්රක්ටිව් විවේචනයක් දෙනවාට මනාප නම් අදහසක් දක්වන්නම්.
ReplyDeleteඅදහස් දැක්වීමට ඔබට ඇති අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නවා නිසැකවම..
ReplyDeleteමේ කවියේ රිද්මයක් එකලෙස පවත්වාගෙන ගිහිල්ලා නෑ නේද? වෙසෙසින්ම තුන්වන කවි කොටස රිද්මයෙන් බැහැර වෙලා වගේ දැනෙනවා. නමුත් අර්ථ රසයෙන් නම් පොහොසත්
Deleteඅමුතු රහක් තියෙනවා........ සුපිරියි
ReplyDeleteබොහෝම ස්තුතියි කුරුටු.. මේ කවිය පසුපස කතාවක් තිබුණත් ඒක දැන් කියන්න බෑ.. පසුව බෙදාහදාගමු..
ReplyDelete