Thursday 18 February 2016

මුසාවාදා වේය රමණී..





මුසාවාදා වේය රමණී
ඇති පදම් මම කියමි
දහම උකසට තබමි
ධම්මාලෝක මම වෙමි..

ඉඳ ඉඳම එක වෙහෙරේ
මාත් සමඟම නුදුරේ
ආපු එකෙකු පෙරහරේ
අලි පැටවකුම තනි කළේ..

ඒත් ඒ බව නොදන්නේ
මගේම දොස් දක්නේ
පර ටොයියනි දැනගන්නේ
ජනපති මා සමඟ ඉන්නේ..

ඒත් දුන්නොත් දානේ
නිසැක යැයි කියනව නිධානේ
ඇහැ පියවෙනා ගානේ
පෙනෙන්නේ ඇයි එකම හීනේ..

6 comments:

  1. අනේ බිගුන් පට්ට බං.................. සුපිරියි.....

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි කුරුටු..නොලියා ඉන්න බැරිම වුණා..ඒකයි.. මහා පාපකරුමයකට නොවැ කර ගැහුවේ..හිහ්..හිහ්..

    ReplyDelete
  3. //නිසැක යැයි කියනව නිධානේ//
    නිවානේ (නිර්වාණය) දැම්මොත් මොකද?

    ReplyDelete
  4. යකෝව් මෙන්න බඩු

    ReplyDelete