Thursday 30 April 2015

ශාන්ත විජේසූරියගේ ආගමනය...

මල්ලී.. මම ශාන්ත.. මම ආවා.. වෙලාව හරියටම හවස 5.18 යි. වසර දෙකක් තිස්සේ නේපාලයේ කත්මණ්ඩුවල සිර කර තිබූ නිර්භීත මාධ්‍ය අකුරක මනුස්ස හඬ හෑන්ඩ් ෆෝන් එකට ගලාගෙන එන්නට වුණා..අම්මටහුඩු.. මට කියැවුණේ එච්චරයි. කාලයක් තිස්සේ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ (පත්‍රකලාවේදීන්ගේ)සංගමය හැටියටත් අප පෞද්ලිකවත් ගත් මහන්සියක ප්‍රතිපලය.. ශාන්ත අයියා මුණගැසීමේ දැඩි වුවමනාව තිබුණත් රාත්‍රී සේවයත් බහුල රාජකාරිත් නිසා ගමන දවසකට දෙකකට කල්දමන්නට සිදුවුණා. කොහොම වුණත් ශාන්ත විජේසූරියගේ පැමිණීම වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට නම් ලොකු හයියක්.

ශාන්ත විජේසූරිය කියන්නේ ලංකාවේ ජනමාධ්‍ය නිදහස පිළිබඳ ඇත්ත කතාවේ ජීවමාන සාක්කියක්. ඒක රැකගත යුතු වුණේ ජනමාධ්‍ය නිදහස ගැන පොර ටෝක්ස් දෙසන බොහෝ දෙනෙකුට නොදන්නා පැති ගැන කතාකරන්නට ඉඩක් ඉතුරු කරගන්න ඕනෑ වුණ නිසයි. කොහොම වුණත් දැන් ශාන්ත නැවතත් ලංකාවේ. දීර්ඝ නිහැඬියාවකින් පසු කුරුල්ලාගේ නාදය ආයේමත්. ඒක මොන කූඩුවෙන් ඇහේවිද එහෙම නැත්නම් ඒ නාදය කූඩු නොවී නිදහසේම ගලායාවිද කියලා දැන්ම කියන්න අමාරුයි. අලුත් පත්තර පටන්ගන්න තවත් පත්තර අර්බුදයට යන කාලයක් ඇවිත්. කොහොම වුණත් කර්මාන්ත ශාලාවල අයිතිය අපේ නෙවෙයි. අපි වැටුප් ශ්‍රමිකයෝ. එතැනදි ශාන්තලා අපි කවුරුත් එකයි. ඉතින් තව ටික දොහක් බලාගෙන ඉම්මු වෙන්නේ මොකද කියලා..

4 comments:

  1. //අලුත් පත්තර පටන්ගන්න තවත් පත්තර අර්බුදයට යන කාලයක් ඇවිත්. කොහොම වුණත් කර්මාන්ත ශාලාවල අයිතිය අපේ නෙවෙයි. අපි වැටුප් ශ්‍රමිකයෝ. එතැනදි ශාන්තලා අපි කවුරුත් එකයි.// ඔන්න ඕකයි ගහල තියන හෙනේ. අන්තර්ජාලයේ ලියන ඒවා ගැන දැන් දැන් මිනිස්සු ඇදී එන ගතියක් තියනව . ඒහින්ද මොන පැක්ටරියේ මොන පත්තරේට ගියත් කමක් නෑ යමක් නොලැබුණත් බ්ලොග් ලෝකය අතඅරින්න එපා කියල අපිඉල්ලනවා

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම සාරිකා..පත්තරේ අපේ ප්‍රකාශනය වෙන්නේ බඩරස්සාවට. ඒකෙ ලියන්නේ අපේ ස්වාධීන අදහස් ඒ අයුරින්ම පලවෙන්නේ නෑනෙ. මේක කාටවත් වාරණය කරන්න බැරි තැන.. ලිවිල්ලට ආස කරනතුරු ඒක අත්හැරෙන්නේ නෑ..දිරියට තුති..

      Delete
  2. මැයි 1 දා බෝම්බයකින් රට වෙනස් වුනා වගේ භූමිකම්පාව නිසා ජීවිත වෙනස් වෙන හැටි!

    ReplyDelete
  3. අනිවාර්යෙන් සහෝ..භූමිකම්පාව ඛේදවාචකයක් වෙලා ජීවිත දාස් ගණනක් නැතිකරද්දී මර්දනය හමුවේ ජීවිතය අතරමං වූ මාධ්‍යකරුවන්ට ජීවිතය ගෙනාවෙත් ඒ භූමිකම්පාවමයි..

    ReplyDelete