Tuesday 20 March 2012

දර්ශනේ ඉගෙනගැනීමෙන් ලෝකය තේරුම් ගමු?

නියත ඥානයක් ලෝකයේ තියෙනවද කියන ප‍්‍රශ්නෙට කෙළින් උත්තරයක් දෙන්න තිබෙන බාධා වටහාගන්නකොට තමයි අපි දර්ශනවාදය හදාරන්න පටන්ගන්නේ. ඒ කියන්නේ දර්ශනවාදය කියන්නෙම ප‍්‍රශ්න අඳුරගන්න වැඩකට. හැබැයි ඒක නොසැලකිලිමත්ව ආධානග‍්‍රාහීව කරන්න බෑ. එහෙම අමාරු ප‍්‍රශ්න හදන හේතු මොනවද කියලා හොයලා අපි දරන සාමාන්‍ය අදහස්වලට යටින් තියෙන නොපැහැදිලි බවයි අවුල්බවයි වටගෙන තමයි ඒක කරන්න  ඕනේ.
සාමාන්‍ය ජීවිතේදි අපි ගොඩක් දේවල් නියත විධියට තමයි සලකන්නේ. ඒත් හොඳට බැලූවොත් ඒවායේ ප‍්‍රතිවිරුද්ධතා ගොඩයි. අපි ගොඩක් කල්පනා කළොත් තමයි ඇත්තටම අපි විශ්වාස කරන්නේ මොකද්ද කියලා තේරුම්ගන්න පවා පුළුවන් වෙන්නේ. ඒ කල්පනා කිරීම කරන්න වෙන්නෙත් වර්තමාන අත්දැකීම්වලින් (දැනට දන්න දේවල්වලින්) තමයි. ඒවායින් යම් දැනුමක් ගන්න පුළුවන් වුණත් ගොඩක් වෙලාවට අපි දැනගෙන ඉන්න දේවල්වලින් කරන ප‍්‍රකාශ වැරැුදියි.
උදාහරණයක් ගමු. මම ඉන්නේ යම්කිසි හැඩයකින් යුත් මේසයක් ළ`ග තියෙන පුටුවක වාඩිවෙලා. මොනව හරි ලියපුු කඩදාසි වගයක් මේසෙ උඩ තියෙනවා. ඔලූව හරවල බැලූවම ජනේලෙන් එහා පැත්තේ බිල්ඩින්ග්ස් වලාකුළු ඉර මට පේනවා. හිරු පෘථිවිය වෙතින් සැතපුම් මිලියන අනූ තුනක් දුරින් පිහිටා ඇතැයි ද පෘථිවියට වඩා කිහිප ගුණයකින් විශාල අති උෂ්ණ ගෝලයකියි ද පෘථිවියේ භ‍්‍රමණය හේතුකොටගෙන හිරු සෑම උදයකම පායතියි ද අනාගතයේ යම් අවිනිශ්චිත කාලයක් මුළුල්ලේත් එහෙමම සිදුවෙනවාය කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම කවුරුහරි ආවොත් මේ මේස පුටු පොත් ඔහුත් දකිනවය කියලා මම විශ්වාස කරනවා. මේව කොච්චර පැහැදිලිද කියනවා නම් මෙහෙම කියන්නවත්  ඕනේ නෑ කියලත් හිතෙනවා. අපි එහෙම හිතුවට මේ හැම දෙයක්ම සාධාරණ සැකයකට භාජනය කරන්න පුළුවන්. අපි ඒ දේවල් ගැන කියන දේවල් පූර්ණ සත්‍ය කියලා සහතික(නිසැක) වෙන්න නම් අපි ඒ ගැන පරීක්ෂාකාරීව සාකච්ඡුා කරලා ඉන්න  ඕනේ.
මේසයම උදාහරණයට ගමු. මේසය ගැන දන්න සාමාන්‍ය දේවල්  තමයි
පෙනීම-ඒක චතුරස‍්‍රාකාර දුඹුරු පාට දිලිසෙන වස්තුවක්.   දැනීම- සිනිඳු සිසිල් දැඩි   ශ‍්‍රවණය- තට්ටු කළ විට දැවමය ශබ්දයක්     මේසේ දකින ස්පර්ශ කරන තට්ටු කරන  ඕනෙම කෙනෙකුට මේ විස්තරය එක්ක එක`ග වෙන්න පුළුවන් නිසා ප‍්‍රශ්නයක් නෑ කියලා අපි හිතනවා. එහෙම හිතල සහතික වෙන්න ගියාම තමයි අවුල එන්නේ. උදාහරණෙකට මේසෙ හැමතැනම එකම පාට යයි කියල අපි විශ්වාස කළාට ආලෝකය පරාවර්තනය වන කොටස් අනෙක් කොටස්වලට වඩා ගොඩක් දීප්තිමත්නේ. පරාවර්තිත ආලෝකය හින්දා සමහර කොටස් සුදු පාටටත් පේනවනේ. ඒ වගේම මම ඉන්න තැනින් වෙන තැනකට ගිහින් බැලූවොත් ඒ දකින එකත් වෙනස් වෙනවා. ඒ කියන්නේ එකම වෙලාවේ මේසෙ දිහා කීප දෙනෙක් බැලූවොත් ඒ කිසිම පුද්ගලයෝ දෙන්නෙක්ට එකම වර්ණ පැතිරීමක් පේන්නෙ නෑ. ඒකට හේතුව පුද්ගලයන් දෙන්නෙකුට එකම දෘෂ්ටි කෝණයෙන් බලන්න බැරිවීම. දෘෂ්ටි කෝණෙ පොඩිහරි වෙනසක් වෙනකොට ආලෝකය පරාවර්තනය වෙලා තියෙන විධියෙත් වෙනසක් වෙනවා.
එදිනෙදා කරන ගොඩක් වැඩවලට මේ වෙනස්කම් වැදගත් වෙන්නෑ. හැබැයි චිත‍්‍රකාරයෙක්ට ඒක හරිම වැදගත්. ව්‍යවහාර බුද්ධියෙන් සමහර දේවල්වල ඇත්තටම තියෙනවාය කියලා විශ්වාස කරවන වර්ණ ඒ වස්තුවේ ඒ විධියටම නෑ කියලා ඒ වස්තූන් පේන ආකාරයෙන් ඒ දිහා බලන්න ඉගෙනගන්න චිත‍්‍රකරුවට සිද්ධ වෙනවා. මේකට තමයි පෙනීම සහ තථ්‍යතාව කියන්නේ. යම් දෙයක් පෙනෙන හැටි සහ ඇත්තටම ඒක තියෙන හැටි. මේක දර්ශනවාදයේ විශාල ගැටලූ උපද්දන බෙදීමක්. දාර්ශනිකයට වගේම ප‍්‍රායෝගික මිනිහට වැදගත් වෙන්නෙත් වස්තුවක් ඇත්තට තියෙන ආකාරය. හැබැයි මේ දෙන්නගෙන් අවශ්‍යතාව වඩා බලවත් දාර්ශනිකයගේ.
මෙච්චර වෙලා මේසෙ ගැන කරපු කතාවෙන් අපට පැහැදිලියි විවිධ දෘෂ්ටි කෝණවලින් විවිධ වර්ණ පේනව කියලා.  තවත් වෙනස්කම් තියෙනවා. කෘතිම ආලෝකය යටතේ කෙනෙක් බලද්දී, වර්ණාන්ධ පුද්ගලයෙක් බලද්දී, නිල් උපැස් යුවලක් දාන් ඉන්න කෙනෙක් බලද්දී එහෙම වෙනස් වෙන්න පුළුවන්. අන්ධකාරෙ බැලූවොත් කිසිම දෙයක් පේන්නේ නෑ. ඒ කියන්නේ වර්ණය කියන්නේ මේසේ සහජයෙන් තියෙන දෙයක් නෙවෙයි කියන එක. ඒක ර\ පවතින්නෙ මේසෙයි මේසෙ දිහා බලන කෙනයි මේසෙට ආලෝකය වැටෙන විධියයි අනුව. එතකොට අපි මේසෙ පාට කියල කියන්නේ සාමාන්‍ය ආලෝකයක් ඇති වෙලාවක සාමාන්‍ය පුද්ගලයකුට සාමාන්‍ය දෘෂ්ටි කෝණයකින් පේන පාටට. හැබැයි වෙනත් තත්ත්වන් යටතේ පේන අනෙක් පාටත් ඇත්ත පාට විධියට සලකන්න අයිතියක් ඒකෙන් නැති වෙන්නෙ නෑ. අන්න එතැනදි මේ දෙපක්ෂයටම අනිසි පක්ෂග‍්‍රාහී බවක් ඇතිවෙන එක වළක්වන්න මේසෙට විශේෂ පාටක් තියෙනව කියන එක ප‍්‍රතික්‍ෂේප කරන්න අපට සිද්ධ වෙනවා.

මේ කාරණා මේසයේ මතුපිටට ද අදාළය. පියවි ඇසින් බැලූවිට සිනිඳු සමතලා මතුපිට අන්වීක්ෂයෙන්  බැලූවිට රළු වල ගොඩැලිත් පේනවා. එතකොට වඩා තථ්‍ය මොකද්ද? මේසයේ හැඩයත් මේ වගේ. මේසයේ විරුද්ධ පැති දෙක සමාන්තරව පේනකොට බලන්නාගෙන් ඈතට යන යම් ලක්ෂයකදී ඒ දෙක එක්වෙනවා වගේ පේනවා. ඒ වගේම පැති දෙක සමාන දිගින් යුක්ත නම් වඩා ළ`ග පැත්ත දිග බවක් පේනවා. මේසයක් දිහා බැලූ බැල්මට මේ සියල්ල පේන්නෑ. ඒකට හේතුව ‘‘සැබෑ’’ හැඩය සකස් කරගන්න අපේ අත්දැකීම් අපට උගන්වලා තිබීම. ස්පර්ශ ශබ්දත් මේ විධියටම අදාළයි.
මෙහෙම බැලූවම අපි දැකීමෙන් ස්පර්ශයෙන් හෝ ශ‍්‍රවණයෙන් එක්වරම අත්දකින්නේ සැබෑ මේසයක් ඇත්නම් ඒ සැබෑ මේසය නොවන බව පැහැදිලියි. එතකොට සැබෑ මේසය (සැබෑ මේසයක් තිබෙනවානම්)අපට ඒක කිසිසේත්ම එක්වරම දැනගන්න බෑ. ඒක අපි එක්වරම දැනගන්නා දේ ආශ‍්‍රයෙන් අනුමාන කළයුත්තක් විතරයි. මේ අනුව ඉතාම දුෂ්කර ප‍්‍රශ්න දෙකක් එකපාර හටගන්නවා. 1)සැබෑ මේසයක් කියලා එකක් කොහෙත්ම තියෙනවද?   2)තියෙනවනම් ඒක මොන විධියේ වස්තුවක්ද?   මේ ප‍්‍රශ්න සලකල බලනකොට නිශ්චිත පැහැදිලි අර්ථ ඇති සරල වචන කීපයක් භාවිත කරන එක අපට පහසුවක්.
⋆සංවේදනවලින් එක්වරම දැනගන්න දේ- ඉන්ද්‍රිය දත්ත  උදා:-වර්ණ, ශබ්ද, ආඝ‍්‍රාණ, තද බව, රළු බව                              ⋆මේවා එකපාරම දැනගන්න අත්දැකීම - සංවේදන                                                                                                           ඒ අනුව පාටක් දකිනකොට අපි පාට පිළිබඳ සංවේදනයක් ලබනවා. ඒත් පාට කියන්නේ සංවේදනයක් නෙවෙයි. ඉන්ද්‍රිය දත්තයක්. පාට කියන්නේ අපි එකපාරටම දැනගන්න දේට අයිති දෙයක් විතරයි. සංවේදනය කියන්නෙ ඒ දැනගැනීමට. එතකොට අපි මේසය ගැන යමක් දැනගන්නවානම් ඒක සිද්ධවෙන්නේ අපිව මේසයට සම්බන්ධ කරන දුඹුරු පාට දිග හැඩය සිනිඳු බව ආදී ඉන්ද්‍රිය දත්ත මාර්ගයෙන්.     ඒත් අපි සඳහන් කරපු හේතු නිසා මේසය කියන්නේ ඉන්ද්‍රිය දත්තයන්ය කියල හරි ඉන්ද්‍රිය දත්ත කියන්නේ කෙළින්ම මේසයේ ගුණයන්ය කියලා හරි කියන්න බෑ. එතකොට සැබෑ මේසයක් තියෙනවනම් ඒ සැබෑ මේසයට ඉන්ද්‍රිය දත්තවල ඇති සම්බන්ධය මොකද්ද කියන ප‍්‍රශ්නය හටගන්නවා.
සැබෑ මේසයක් තියෙනවනම් ඒ සැබෑ මේසයට අපි ‘‘භෞතික වස්තුවක්’’ කියමු. සියලූම භෞතික වස්තු ද්‍රව්‍ය යනුවෙන් හැඳින්වේ. ඒ අනුව අර ප‍්‍රශ්න දෙක නැවත මෙහෙම අහන්න පුළුවන්.
1)ද්‍රව්‍ය යනුවෙන් දෙයක් තිබේද? 
2)තිබේ නම් එහි ස්වභාවය කුමක්ද?

ලයිබ්නිටිස් :- ද්‍රව්‍ය යනු යම් ආකාරයක ප‍්‍රාථමික මනස් රාශියක එකතුවකි.
අපේ ඉන්ද්‍රියයන්ට එක්වරම ගෝචර වන වස්තු අපෙන් ස්වාධීනව පවතින්නේ නැත.  මේ මතය ඔප්පු කරන්නට හේතු ප‍්‍රබල ලෙස ඉදිරිපත් කළ දාර්ශනිකයා නම් බර්ක්ලේ බිෂොප්වරයා(1685- 1753)ය. ද්‍රව්‍ය යනු අදහස් රාශියක එකතුවකි.
‘‘අඥෙයවාදීන්ට හා අදේවවාදීන්ට විරුද්ධව හයිලෑස් හා ෆිලෝනූස් පැවැත්වූ සංවාද’’ නම් කෘතියේ ඇත්තේ ද්‍රව්‍ය ඇතැයි විශ්වාස කළ හයිලෑස්ට එය එසේ නොවන බව ඔප්පු කරන ෆිලෝනූස් අතර වන සංවාදයයි. මීට ෆිලොනූස් යොදන ඇතැම් තර්ක වැදගත් සප‍්‍රමාණ ඒවා වුවද ඇතැම් ඒවා දුර්වලය. වියවුල්ය. එය අභූත බවින් තොරව පෙන්වාදීමේ ගෞරවය බර්ක්ලේ දිනාගන්නේ ඒ නිසාය.

බර්ක්ලේ වර්ගයේ මතය තහවුරු කිරීමට යොදන තර්කය :- සිතන සෑම දෙයක්ම සිතන පුද්ගලයාගේ මනසේ පවතින අදහසකි. එහෙයින් මනසේ ඇති අදහස් හැර වෙනත් කිසිවක් ගැන සිතිය නොහැකිය. එහෙයින් ඉන් පරිබාහිර කිසිවක් ගැන සිතාගත නොහැකිය. සිතාගත නොහැකි දේ නොපවතී’’. ඒ අනුව චිත්ත චෛතසික හැරෙන්නට තථ්‍ය වූ කිසිවක් නැතැයි පවසන්නෝ විඥානවාදීහු වෙති.

එහෙම වුණත් මේ අය මනසට ප‍්‍රතිපක්ෂ වූ ද්‍රව්‍යයක පැවැත්ම ප‍්‍රතික්‍ෂේප කරන ගමන් වෙන විදියකට(වෙනත් අර්ථයකින්)ද්‍රව්‍යයේ පැවැත්ම පිළිගන්නෝ. අපි මුලින්ම ප‍්‍රශ්න දෙකක් ඇහුවනේ.1)සැබෑ මේසයක් කියලා එකක් කොහෙත්ම තියෙනවද?   2)තියෙනවනම් ඒක මොන විධියේ වස්තුවක්ද?   කියලා......බර්ක්ලේයි ලයිබ්නිටිසුයි දෙන්නම සැබෑ මේසයක් තියෙනව කියල පිළිගන්නෝ. ඒත් බර්ක්ලේ කියන්නේ ඒක දෙවියන්වහන්සේගෙ ඹනසේ තියෙන නිශ්චිත දෙයක්ය කියලා. ලයිබ්නිටිස් ආත්ම රාශිියක එකතුවක් කියනෝ. ඒ දෙන්නම අපේ පළමුවෙනි ප‍්‍රශ්නෙට ඔව් කියනෝ. සාමාන්‍ය පෘථග්ජන අදහස්වලින් වෙනස් වෙන්නේ දෙවැනි ප‍්‍රශ්නෙට දෙන උත්තරෙන්.
ඒ කියන්නේ මේසෙ හැඬේ මොකක් වුණත් සැබෑ මේසයක් තියෙනවය කියලා දාර්ශනිකයෝ එක`ග වෙනවා.

No comments:

Post a Comment