Monday 8 June 2015

අස්ගිරි මහ නාහිමියන්ට මහින්ද බය වේවි ද?

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගේන්නේ ඇයි කියලා සවිස්තරාත්මකව නිවේදනයකින් කිව්වේ මහින්ද රාජපක්ෂ. ඒ කියන්නෙ විශ්වාසභංගය ගේන අයවත් නෙවෙයි. ජනාධිපතිවරණෙන් පැරදිලා ගෙදර ගියපු හිටපු ජනාධිපති. පොඩ්ඩක් කලබල වුණා වැඩිද මංදා. මහින්ද මහත්තයාගෙ ඉක්මනට බළලා මල්ලෙන් එලියට පැන්නා. එතකොය විශ්වාසභංගෙ කාගෙ වැඩක්ද කියලා වැඩේ දැන් ක්ලියර්නෙ.

විශ්වාසභංගෙ අයිතිකාරයා...

ඒක එහෙමයි කියමුකෝ. මේ අතරේ රටේ මහනාහිමි කෙනෙකුත් තමන්ගේ නිල මතය රටට කියනවා. හැබැයි මහනාහිමියන් කියන්නේ තාම නිල බලේ ඉන්න කෙනෙක් මිස ගෙදර ගිය කෙනෙක් නෙවෙයි. මේ කතාව කියන්නේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක ගලගම ශ්‍රී අත්ථදස්සී මහ නාහිමියෝ...

අත්ථදස්සි නාහිමියන් කියන කතාව

නාහිමියන්ගෙ කතාවට අනුව නම් දැන් තියෙන්නෙ ජාතික ආණ්ඩුවක්. මෙහෙම වෙලාවක අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙනඒම තමන් අනුමත කරන්නේ නෑ කියලයි උන්වහන්සේ කියන්නේ. එතකොට හිටපු ජනාධිපතිටත් දැන් ඉන්න මහනාහිමි කෙනෙකුගෙන්ම උත්තරයක් ලැබිලා තිබෙනවා.

කුකුල් මස් සාදන ආකාරය කියන අතරේ වුණත් අපේ හාමුදුරුවනේ කියලා නිරායාසයෙන් කියවෙන්න තරම් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳ වූ සිත් ඇති අපේ හිටපු ජනාධිපතිට ඔන්න මහනාහිමි කෙනෙකුගෙන්ම උත්තරයක් ලැබිලා තිබෙනවා. ඉතින් මහින්ද රාජපක්ෂ ගලගම අත්තදස්සි නාහිමියන්ගේ වදනට කීකරු වේවිද? ඕක තමයි බලන්න ඕනේ..

හැබැයි ඕක බලන්න ඕනේ මේ බෞද්ධ නඩේ පරණ කෙරුම්වලින්ම මිස කියන කතාවලින් නම් නෙවෙයි. සරත් ෆොන්සේකා හිරේ විලංගුවේ දාන්න එපාය කියලා ත්‍රෛනිකායික නාහිමිවරු නිවේදනයකින්ම කියලත් රාජපක්ෂ මහත්තයා වැඩ කරපු හැටි අපට අමතක නෑ..  දළදා මාළිගාව වටේ රේස් පදින්න දෙන්න එපාය කියලා මල්වතු අස්ගිරි නාහිමි දෙපළ කට කැඩෙනකන් කිව්වත් ජය සිරිමා බෝධියේ ඔළුව ගහගෙන පොටෝවලින් පත්තර පුරවපු මේ මහා බෞද්ධයා වැඩ කළ හැටි අපට අමතක නෑ.. තමන්ගෙ දේශපාලන මතයට වෙනස් මතයක් දරපු නිසා මිහින්තලේ රාජමහා විහාරයට සළකපු සැලකිල්ල මිහින්තලේ මිනිස්සු දන්නවා. මේ විදියට කියන්න ගියොත් අපේ හාමුදුරුවනේ කිය කියා රඟන මේ නළු දේශපාලන බලවේගය අපේ හාමුදුරුවන්ට ඇට්ටි නෙවෙයි කුරුම්බැට්ටිත් හැලෙන්න සළකපු සැලකිල්ල රටම දන්නවා. 

අනේ ඉතින් දැන් මේ අස්ගිරි මහානාහිමියෝ දෙන පණිවුඩේ ආයෙත් අදාළ වෙන්නේ මේ ඊනියා බෞද්ධ නඩේටම තමයි. මොකද විශ්වාසභංගය ගෙනඑන හේතුව තතු ඇතිව පහදලා දීලා ඒකෙ නිල අයිතිකාරයා තමන් කියලා රාජපක්ෂ මහත්තයා රටටම කියලා තිබෙන නිසා.. ඔළුවක් තියෙනවා නම් මන්ත්‍රීවරු ඔහොම කරන්නේ නෑ කියලයි මහනාහිමියන් කියන්නේ..දැන් අපිට බලන්න පුළුවන් ඔළු තියෙන අය කවුද කියලා.. ඒ වගේම රාජපක්ෂ කල්ලිය සවන් යොමුකරන්නේ මොන පැත්තටද කියලයි.. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිට ද ගලගම අත්ථදස්සි නාහිමිට ද? 

5 comments:

  1. වයස අනූපහක් උනත් මේ මහනායක හාමුදුරුවෝ රට තොට ගැන නිතරම අවධානයෙන් ඉන්න බව නම් පේනවා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම. ඒ අතින් නම් හාමුදුරුවෝ ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කිචී..

      Delete
  2. අපේ රටට, බුදු දහමට, සංස්කෘතියට සිදුවෙමින් පවතිව විනාශයන් ගැනත් මේ විදිහටම අවදියෙන් සිටලා, ඒ ගැන මත පළ කරලා ඒවාට අවශ්‍ය පියවර ගැනීමට පාලකයන්ව පොළොඹවා ගන්නත් පුළුවන් නම් අන්න එතකොට උන් වහන්සේ නියම මහනායක හාමුදුරු කෙනෙක් වෙයි. නැත්නම් දේශපාලුවන්ගේ අටපිරිකරවල් අරන්, ඔවුන්ගේ අතේ පිරිත් නූල් ගැටගහලා කවද හරි අපවත් වෙලා යයි නිකම් වහන්සේ නමක් විදිහට.

    ReplyDelete
    Replies
    1. අටපිරිකර නම් දේශපාලකයෝ සීනි බෝල තත්ත්වයට ගෙනැල්ලා දැන්..

      Delete
  3. නාහිමියෝ දේශපාලනයට නම් සංවේදී බව පේනවා, ඒත් තාම පාර වහගෙන කරදරයට පත් වෙලා තියෙන්නේ සාමාන්‍යය මිනිස්සුනේ. ආගම වෙනුවෙන් කරදර වෙච්ච තරමටලුනේ පිං වැඩි, අපි ලවා දවස ගානේ වැඩි වැඩි යෙන් පින්කරවන මේ වහන්සේට ම ඒ පින් අනුමෝදන් වෙත්වා.

    ReplyDelete