Wednesday 10 June 2015

මොකද්ද බොල තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියන්නේ?




සුදුසුකම් නැතුව ඉතාම පහසුවෙන්න කරන්න පුළුවන් රස්සා දෙකක් තියෙනවා කියලයි රටේ ප‍්‍රසිද්ධ. එකක් දේශපාලනය. අනෙක ජනමාධ්‍ය. ඒක එහෙමමද කියලා හොයනවට වඩා යම් පමණෙකින් හෝ එය ඇත්ත නම් ඒකට උත්තරයක් හොයන්න අපිට  ඕන වුණා. ශ‍්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය බිහිවෙන්නේ ඒ අනුවයි. ඒ සමග බැඳුණු තවත් හේතු ගණනාවක් තිබුණත් මම කිව්ව කාරණය මූලික හේතුවක් වුණා. ඒකයි ඒ ගැන මෙතැන ලිව්වේ.



ඇත්තටම තමන් වැඩ කරන ක්‍ෂෙත‍්‍රය හැර අනෙක් සියලු ක්‍ෂෙත‍්‍රයන්හි දොස් දකින්න නුගුණ කියන්න දක්ෂයන් බහුතරයක් ඉන්න රටක් මේක. විශේෂයෙන්ම මේ සියලු විපත්ති කරදර වෙන්නෙ තමන් හැර සෙසු සමාජය නිසාය යන ආකල්පය අපේ ඇගපත පුරාම මුල්බැහැගෙන තියෙන්නෙ. හැබැයි හැම දෙනාම අවංකවම හිතලා තම තමන්ගෙ ක්‍ෂෙත‍්‍රවල අභ්‍යන්තර ප‍්‍රතිසංස්කරණ සඳහා පෙනී ඉන්නවා නම් දේශපාලකයටම සියල්ල පවරන්න  ඕන නෑ.. 

තීරණාත්මක කාලපරිච්ඡෙදවල බිහිවෙලා ඉදිරියට ඇවිත් කිසියම් කාර්යභාරයක් කරපු ජනමාධ්‍ය සංවිධාන කීපයක්ම මේ රටේ තිබෙනවා. ඒත් ඒ බොහෝ සංවිධානවල සැකැස්ම ගත්තොත් ඒවා පරණ වෙලා. ඒ වගේම ඒවායේ නියෝජනයත් පරණ වෙලා. තරුණ පිරිස ඒ වටා රොඳ බැඳගන්නෙ නැති තරම්. සමස්ත සමාජය පුරාවට පැතිරිලා තිබුණු අවිශ්වාසය ජනමාධ්‍ය සංවිධාන කෙරෙහිත් එල්ල වෙලා. ඒ කවර සීමාසහිතකම් තිබුණත් එකී සංවිධානවලිනුත් මේ රටේ ජනමාධ්‍ය ක්‍ෂෙත‍්‍රයට සැළකිය යුතු වටිනාකම් හා ඇගයීම් රාශියක්ම එකතු වුණා. 



දැන් අපි ගැන කතා කරනවා නම් අපේ ඉලක්කය අපේ ක්‍ෂෙත‍්‍රය ප‍්‍රතිසංස්කරණය කරගැනීමයි. කෙටියෙන් කිව්වොත් රෙද්දක් ඇදගෙන රස්සාව කරන්න පුළුවන් තත්ත්වයට ඒකට කිසියම් හෝ පරිවර්තනයක් අත්පත් කරගැනීමයි. ඒක මෙහෙම මියනවා වගේ පහසු ක‍්‍රියාවලියක් නෙවෙයි. වැඩසටහන් හතර පහකින් ළගා විය හැකි ඉලක්කයකුත් නෙවෙයි. දුරදර්ශීව හිතලා අවංකව කැප වෙලා කළ යුතු බුද්ධිමය ගනුදෙනුවක ප‍්‍රතිපලයක්. ඇත්තටම පුළුල් හා ගැඹුරු වැඩක්. 

එතැනදි අපිට උදවු  ඕනෑ සමාජ කොටස් රාශියක්ම සිටිනවා. විශේෂයෙන්ම පොදු සමාජය. අපිට හරිම වැදගත්. මොකද පොදු සමාජයේ කොටසක් ලෙස තමයි අපිත් ඉදිරියට එන්නේ. විශේෂයෙන්ම අවංක විවේචනය වැදගත්. සංවිධානයක් හැටියට ඒ විවේචනයට දොරගුළු අපි විවරකරලයි තිබෙන්නේ. කාලාන්තරයක් තිස්සේ පොදු සමාජ අගතීන්ගෙන් ව්‍යාධීන්ගෙන් රෝග පීඩාදියෙන් පෙලෙන ජනමාධ්‍ය ක්‍ෂෙත‍්‍රයට බෙහෙත් කරන්න තමයි මේ උත්සාහය. ඒ වෛද්‍ය භූමිකාවෙ එක කලාපයක් ඔබට බාරයි..

(මේ අපි අන්තිමට කළ වැඬේ)ඔන්න පාර..

මේක ගැඹුරු සාකච්චාවක්..දැනට ඒ ආරාධනාව කරන්නම්..අපි කරපු වැඩ හා අපේ දර්ශනය ගැන ඉදිරියේදී කතාකරමු..දැනට මේ සහෝදරත්වයේ ආරාධනාව බාරගන්න..

6 comments:

  1. ඉහලම සුබපැතුම් ! ගොඩාක් වටින වැඩක් කියල මට හිතෙනවා.පුළුවන් විදියට හැමෝම එකතු වෙමු. http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සයිබර්...ඔබේ විවේචනයට විචාරයට අපි විවෘතයි..එකතුවෙලා වැඩ කරමු..අපි වෙනස්වෙන්න සූදානම්..

      Delete
  2. ඔබේ සංවිධානය වීම, මැදිහත් වීම වටිනවා. අගය කරනවා වගේම ඔබ සමඟ ඉන්නවා. මේ එකතුවීම වගේම සංවිධානය කරන වැඩ දැනට මාධ්‍ය ක්ෂේත්‍රෙය් ඉන්න අයටත්, ඉදිරියෙදි එන්න ඉන්න නවකයින්ටත් ආදර්ශයක් වේවි...

    මල් මෙන්ම ගල් මුල් ඒවි... අරමුණ යහපත් වීම සහ කැපවීම තමයි වැදගත්... ඉදිරියටම යන්න සුබ පැතුම්...

    ස්වයං විවේචනයක් ඇතිව යහපත් වෙනසක් වෙනුවෙන් වැඩ කරන එක මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විතරක් නෙවි අපි හැමෝටම වැදගත්..

    ReplyDelete
    Replies
    1. ආරාධනය සහෝදරත්වයෙන් බාරගත් තරුරසිට හදපිරි ස්තුතිය...

      Delete
    2. මගේ සුබ පැතුම් මම හිතනවා විශ්වාස කරනවා හොද දෙයක් කරාවි කියලා. ඒ වගේම මම ආශිර්වාද කරනවා හදවත‍ේ ගැඹු්රුම තැනින් මල්ලි
      පද්මිණි අක්කා.

      Delete
    3. අනිවාර්යෙන්ම... නැගී සිටිය හැක එක්සත් වී අක්කේ...එකතුවෙලා වැඩක් කරලා පෙන්නමු..

      Delete