Wednesday, 6 January 2016
පාකිස්තානෙන් ලංකාවට ප්‍රහාරක ජෙට් 7ක්..
නවාස් ෂරීෆ් ලංකාවට ඇවිත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ අස්සන් කළ ගිවිසුම්වල ප්‍රතිපලයක් හැටියට ප්‍රහාරක ජෙට් යානා හතක් මිලට ගැනීමට ලංකාණ්ඩුව කටයුතු කරනවා.
ඒ J-F17 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා හතක්..
පාකිස්තාන් ගුවන් හමුදාව නම් දැනටමත් J-F17 පාවිච්චි කරනවා. ඒ ත්‍රස්ත මර්දන ප්‍රහාරවලට.
එරට මාධ්‍ය සඳහන් කරන විදියට නම් පාකිස්තානු ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීම්වලට ශ්‍රී ලංකාව අවස්ථා කීපයක දී සාකච්ඡා සිදුකර තිබෙනවා. ඒක සිදුවෙලා නැත්තේ ඉන්දියානු මැදිහත්වීම් නිසයි. ඒකට හේතු වෙලා තිබුණේ මෙම ප්‍රහාරක ජෙට් චීන නිපැයුමක් වන නිසා ලංකා ගුවන් හමුදාව ඒවා භාවිත කිරීම ඉන්දියාවට තර්ජනයක් වේවි කියලයි.
කොහොම නමුත් එම බාධා නොසළකා ගනුදෙනුව ස්ථිර වෙලා තිබෙන්නේ පාකිස්තානු අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුවයි. පාකිස්තානු අගමැතිවරයා ඉන්දීය අගමැතිවරයා එක්ක යාළු මිත්‍රකම් වර්ධනය කරගැනීම මේකට හේතු වුණා වෙන්නත් පුළුවන්..( නවාස් ෂරීෆ් කොළඹ සිට මෝඩිට සහතිකයක් දෙයි)
එල්.ටී.ටී.ඊ සිව් වැනි ඊළාම් යුද්ධයේදී ශ්‍රී ලංකා රජයට අවි සැපයීම මඟින් පාකිස්ථානය ලංකාවට වඩාත් සමීප වුණා..
මූලාශ්‍ර- http://economictimes.indiatimes.com/
ජපානය උතුරු කොරියාවට සම්බාධක පනවාවි ද?
![]() |
| උතුරු කොරියාව සීරුවෙන් |
උතුරු කොරියාව විසින් අත්හදා බලන ලද හයිඩ්‍රජන් බෝම්බය සිය ජාතික ආරක්ෂාවට පැහැදිලි තර්ජනයක් යැයි ජපානය මේ වනවිට පවසනවා.
ජපාන අගමැති ෂින්සෝ අබේ පවසන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුතින් උල්ලංඝනය කෙරෙන ආකාරයෙන් සිදු කෙරුණු මෙම පරීක්ෂණ නිසා උතුරු කොරියාවට සම්බාධක පැනැවීම සම්බන්ධයෙන් කරුණු සොයා බලනවා කියලයි.
හයිඩ්‍රජන් බෝම්බ පරීක්ෂාවෙන් පසුව උතුරු කොරියාවේ ඊසාන දිග පෙදෙසහි සිදු වූ කම්පන තත්ත්වය සමඟ ජපානය වහාම සිය ආරක්ෂක මණ්ඩලය කැඳවුවා.
![]() |
| භූ දේශපාලනික අවුල |
ඇමෙරිකාව, රුසියාව ,චීනය හා දකුණු කොරියාව සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ජපානය පවසනවා.
උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණේ සිය පළමු හයිඩ්‍රජන් බෝම්බ පරීක්ෂණය සාර්ථකව නිමා වූ බවයි.
උතුරු කොරියාව මීට පෙර න්‍යෂ්ටික අත්හදාබැලීම් කළේ 2006, 2009 හා 2013 යන වසරවලදීය.
මූලාශ්‍ර - ද හින්දු
Tuesday, 5 January 2016
නවාස් ෂරීෆ් කොළඹ සිට මෝඩිට සහතිකයක් දෙයි..
![]() |
| අනපේක්ෂිත ප්‍රහාරයෙන් හමුදාව අසීරුවට පත්ව |
පතන්කෝට් ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ත්‍රස්ත
ප්‍රහාරයට වගකිවයුත්තන් සෙවීමට සිය පූර්ණ සහාය ලබාදෙන බව පාකිස්තානු අගමැති නවාස්
ෂෙරීෆ් ඉන්දීය අගමැතිවරයාට දුරකතන ඇමතුමක් දෙමින් සහතික වී තිබෙනවා. පාකිස්තානු
අගමැතිවරයා මෙම දුරකතන ඇමතුම ලබා දී ඇත්තේ තම ලංකා සංචාරය අතරතුර කොළඹ සිටයි.
මිනිත්තු 15 ක් තිස්සේ රාජ්‍ය නායකයන් දෙපළ අතර මෙම දුරකතන සංවාදය සිදු වී ඇත්තේ
දෙරටේ ජාතික ආරක්ෂක උපදේශකයන් අතර සිදු වූ සාකච්ඡාවකින් පසුවයි.
![]() |
| මුර සංචාර අඛණ්ඩව.. |
කතාබහෙන්
පසුව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් ද නිකුත් කළා. ″පතන්කෝට් ත්‍රස්ත ප්‍රහාරයට
වගකිව යුතු සංවිධාන හා පුද්ගලයන්ට එරෙහිව පාකිස්තාන රජය සෘජු හා කඩිනම් පියවර ගත
යුතු බව අගමැති නරේන්ද්‍ර මෝඩි අවධාරණය කරනවා. ප්‍රහාරයට අදාළ තොරතුරු මේ වනවිට
ඉන්දීය රජය විසින් පාකිස්තානු රජයට ලබා දෙනු ලැබ තිබෙනවා..″
යැයි එම නිවේදනයේ සඳහන් වුණා.
ඉන්දියාව
හා පාකිස්තානය අතර සාමය ගොඩනැන්වීමට අවංකවම උත්සාහ කළ සෑම අවස්ථාවකදීම පාහේ එය
කඩාකප්පල් කිරීමට ත්‍රස්තයන් උත්සාහ කරන්නේ යැයි පාකිස්තානු අගමැතිවරයා පැවැසූ බව
ඉන්දීය අගමැතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා එරට මාධ්‍යට පවසා තිබුණා. ත්‍රස්තයන්ගේ
දුෂ්ට ක්‍රියාකලාපයට දැක්විය හැකි හොඳම ප්‍රතිචාරය වන්නේ දෙරට අතර මිත්‍රශීලී හා
සහයෝගී සම්බන්ධයක් ගොඩනැගීම බවට රාජ්‍ය නායකයන් කතිකා කර ගත් බවට ද ඔහු වැඩිදුරටත්
අදහස් දක්වා තිබුණා.
කෙසේ නමුත් දේශපාලන විචාරකයන් පවසන්නේ ඉන්දීය
අගමැතිවරයා දෙසැම්බර් 25 වැනිදා කළ හදිසි
මෙන්ම විස්මය දනවන පාකිස්තානු සංචාරයෙන් පසුව එල්ල වූ මෙම ප්‍රහාරය ඉන්දු පාකිස්තාන්
රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට එරෙහිව නැගුණු කළු වලාවක් බවයි.
ශ්‍රී ලංකාවේ රඳවා සිටින ඉන්දීය ධීවරයන් තෛපොංගල් ගැන අපේක්ෂාවෙන්..
ධීවර යාත්‍රා තුනකින් අනවසරයෙන් ශ්‍රී ලාංකීය
මුහුදු සීමාවට ඇතුලු වූ ඉන්ධීය ධිවරයන් 12දෙනෙක්
ඊයේ (4) රාත්‍රියේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
රාමේෂ්වරම් සිට යාත්‍රා දෙකකින් 8 දෙනෙක් ද
ජගතාපට්ටිනම්හි සිට සෙසු සිව් දෙනා තවත් යාත්‍රාවකින් ද සිය ගමන ආරම්භ කර ඇත.
වෙරළාරක්ෂක බළකායේ මූලිකත්වයෙන් තලේමන්නාරම හා
ඩෙල්ෆ්ට් දූපත් අවට පෙදෙස්හිදී මෙම අත්අඩංගුවට ගැනීම් කර ඇති බව නාවික හමුදා වෙබ්
අඩවිය පවසයි.
ධීවරයන් හා යාත්‍රා කන්කසන්තුරේ පිහිටි ධීවර හා
ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට බාර දී ඇති අතර ජනවාරි 15 ට යෙදෙන තෛපොංගල් දිනයට පෙර
ඔවුන් නිදහස් කරන බවට ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා කර ඇති ප්‍රකාශයක් නිසා
ඉන්දීය ධීවර ප්‍රජාව තුළ යම් අපේක්ෂාවක් හටගෙන තිබේ.
අනවසර ඇතුල්වීම මත ශ්‍රී ලංකාවේ විවිධ
බන්ධනාගාරවල රඳවා සිටින ඉන්දීය මුළු ධීවරයන් සංඛ්‍යාවෙන් 144 කි.
ඉන්දීය හා ශ්‍රී ලාංකික ධීවර පිරිස් දෙකක් අතර 4
වැනිදා රාත්‍රියේ මුහුද මැද දී හටගත් වචන හුවමාරුවක් ගැටුමක් දක්වා දුරදිග ගිය අතර
එහි ප්‍රතිපලය වී ඇත්තේ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව විසින් ශ්‍රී ලාංකික බෝට්ටුව
හප්පා මුහුදුබත් කිරීමයි.
පසුව ශ්‍රී ලාංකික ධීවර පිරිස මිතුරු ධීවර
පිරිසකගේ ද සහාය ලබාගෙන ඉන්දීය ට්‍රෝලරය මුලතිව් වෙරළට රැගෙන ගොස් ඇත.
මූලාශ්‍රය - ද හින්දු
පාකිස්තාන දේශපාලන අස්ථාවරත්වය නවාස් ෂෙරීෆ් අවසන් කරාවි- ජනපති මෛත්‍රිපාල සිරිසේන
පාකිස්තානය හා ශ්‍රී ලංකාව
අතර අවබෝධතා ගිවිසුම් අටකට අස්සන් තැබීම කොළඹ දී අද (5) දී සිදුවිය. වෙළෙඳ, ආරක්ෂක, ත්‍රස්තමර්දන යන ක්ෂෙත්‍ර
ඇතුලු තවත් ක්ෂෙත්‍ර ඊට අයත් වේ. වෙළෙඳ ප්‍රවර්ධන, සංස්කෘතික, සෞඛ්‍ය, මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්ත
මර්දනය ඇතුලු විවිධ අංශවල අන්තර්සහාය වර්ධනයට මෙම ගිවිසුම් හේතුවනු ඇති බව
පාකිස්ථාන අගමැති නවාස් ෂරීෆ් මහතා පැවැසීය.
ශ්‍රී ලංකාව හා පාකිස්තානය
අතර ද්විපාර්ශ්වික වෙළෙඳාමට විශාල අවස්ථා තිබෙන අතර ගිවිසුම් අනුව සිමෙන්ති හා
සීනි කම්හලක් මෙරට පිහිටුවන බව ද හෙතෙම පැවැසීය. වෙළෙඳාමේදී ශ්‍රී ලංකාවට
අතිශය අනුග්‍රාහිත ජාතිය බවට පත්වීමට පාකිස්තානය සූදානම් බව ද අගමැතිවරයා කීය.
″මැණික් හා ස්වර්ණාභරණ යන අංශවලට අමතරව අධ්‍යාපන, ආරක්ෂක, විද්‍යා, තාක්ෂණ යන අංශවලදී ද එක්ව කටයුතු කිරීමට රටවල් දෙක එකඟවෙලා තිබෙනවා
..මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඉතා ඉක්මණින්ම පාකිස්තාන සංචාරයක නිරත වනු
ඇතැයි අපි අපේක්ෂාවෙන් සිටිනවා. ″ නවාස් ෂෙරීෆ් වැඩිදුරටත් කීය.
″පාකිස්තානයේ
දේශපාලන අස්ථාවරභාවය අගමැති නවාස් යටතේ ඉතා ඉක්මණින්ම පහව යාවි. .″
ජනාධිපති සිරිසේන ද දේශපාලන අනාවැකියක් ප්‍රකාශ කළේ එසේය.
නියෝජිත මට්ටමේ සාකච්ඡා කොළඹ
ජනාධිපති මන්දිරයේදී පැවැති අතර පාකිස්තාන වාණිජ ඇමැති කුරාම් ඛාන්, විදෙස් සබඳතා
විෂයෙහි අගමැතිවරයාගේ විශේෂ සහකාර තරික් ෆටේමි ද ඊට සහභාගී වූහ.
පාකිස්තාන අගමැතිවරයා හෙට(6)
මෙරටින් පිටත්විමට නියමිතය.
Wednesday, 11 November 2015
මාරපන මාධ්‍ය හමුවෙන් ආණ්ඩුවේ රෙදි යළි ගලවයි..
![]() |
| කට හින්දා නැහිල්ල |
තිලක් මාරපන මහතා කියන්නේ ඉල්ලා අස්වීමට තමා ස්වාධීනව
තීරණය කළ බවයි. එහෙත් අගමැතිවරයා කැබිනට් ඇමැතිවරුන් පිරිසකට පවසාතිබුණේ ගත යුතු
හොඳම සහ සෘජුම තීරණය ඇමැතිකමෙන් ඉල්ලා අස්වීම බව තමා මාරපනට පෙන්වාදුන් බවයි. ඒ
අනුව මාරපන ඇත්තටම අස්වුණේ හදවත කී නිසාද අගමැති කී නිසාද යන්න පැහැදිලි නැත.
ඇත්තටම මාරපන තම ඉල්ලා අස්වීමෙන් හා ඉන්පසුව
පැවැත් වූ මාධ්‍ය හමුවෙන් රෙදි ගලවා ඇත්තේ රනිල් වික්‍රමසිංහගේය. ඔහු නොකියා
කියන්නේ එය වැරැදි වෙලාවක දුන් වැරැදි ඇමැතිකමක් බවය. පසුගිය ජනවාරි හා පෙබරවාරි
මාසවලදී ඇවන්ගාඩ් හිමිකරුගේ විදෙස් ගමන් බලපත්‍රය අහිමි වීම සම්බන්ධයෙන් ඔහුට නීතී
උපදෙස් දුන් බව මාරපන කියයි. ඒ ගැන නීතිපතිවරයා පරීක්ෂණ අවසන් කර තීරණයක් දුන්නේ
ජුනිවල බවත් තමා ඇමැති පදවියට පත්වුණේ සැප්තැම්බර්වල බවත් ඔහු කියයි. එහෙත් මාරපන
අවසන් කළා යැයි කියන පරීක්ෂණ දිගින් දිගටම ක්‍රියාත්මක වූ බව රටම දනී. ආණ්ඩුවේ ප්‍රබල
යැයි කියන දේශපාලකයන් විටින් විට කළ උදාරම් කතාවලින් වුවද එය පැහැදිලිය. මාරපනගේ
කතාව ඇත්ත නම් අනෙක් සියලු ඇමැතිවරුන් කළ කතා බොරු විය යුතුය. කැබිනට් මාධ්‍ය
හමුවලට අර්ථයක් නැති විය යුතුය.
ඉතාම වැදගත් කාරණය වන්නේ ඇවන්ගාඩ් ගැන එවන්
පරීක්ෂණ දියත් මොහොතක ඇවන්ගාඩ් හිමිකරුගේ නීති උපදේශක වැඩේ කළ තැනැත්තාටම ඇවන්ගාඩ්
පරීක්ෂණවලට අදාළ අමාත්‍යංශය පිරිනැමීමයි. එය කරන්නේ වෙන කවුරුවත් නොව අගමැති රනිල්
වික්‍රමසිංහය.
![]() |
| ඇමැතිකම දුන්නේ ඇයි? |
මාධ්‍ය හමුවේදී ඇමැති මාරපන කළ තවත් බරපතල ප්‍රකාශ
දෙකක් වේ. ඒවා නම් මෙසේය.
1)″මා ජනාධිපතිතුමාට අද උදේ කිව්වා අද පැවැත්වෙන
කැබිනට් රැස්වීමට එන්නේ නැහැ කියලා. ඇවන්ගාඩ් සිද්ධිය සමථයකට පත්කර ගැනීමට
අවස්ථාවක් තිබෙනවා නම් එය කරගන්නා ලෙසත් දැන්වුවා...″
2)ප්‍රශ්නය- නමුත් කැබිනට් ප්‍රකාශක රාජිත
සේනාරත්න මහතා කියල තිබුණා ඔබේ මතය රජයේ මතය නෙවෙයි කියලා?
පිළිතුර-
ඒක ඉතින් එතුමාගේ මතය..
පළමු ප්‍රකාශය සිදුකිරීමට ප්‍රථමයෙන් ඔහු මාධ්‍ය
හමුවේදී පැවසුවේ පොලිසිය බාර ඇමැතිකමේ තමා සිටියදී එම විමර්ශන තවදුරටත් කරගෙන යෑමට
බාධා වේ යැයි යන සැකය නිසා අස්වීමට තීරණය කළ බවයි. එහෙත් ඒ කටින්ම ඔහු නැවත
පවසන්නේ ඇවන්ගාඩ් සිද්ධිය සමථයකට පත්කරගැනීමට අවස්ථාවක් තිබෙනවා නම් එය කරගන්නා
හැටියට ජනාධිපතිවරයාට දැන් වූ බවයි. ඉතින් මාරපන මේ කරන්නේ කුමක්ද? විමර්ශනවලට
බාධා වේ යැයි යන සැකය නිසාම අස්වුණා යැයි කියන මාරපන ඇවන්ගාඩ් ප්‍රශ්නය සමථයකට
පත්කරගන්නා හැටියට ජනාධිපතිට නොකියා කියයි. යෝජනා කරයි. මේ ප්‍රකාශයෙන් ඔහු කරන්නේ
ඇවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමට පෙර ජනාධිපතිවරයාට පූර්ව යෝජනාවක්
කිරීම නොවේද?
![]() |
| රාජිත කැබිනට් ප්‍රකාශක නෙවෙයිද? |
දෙවැනි ප්‍රකාශය මඟින් මාරපන කෙලින්ම අභියෝග
කරන්නේ ආණ්ඩුවේ මතයටය. මාරපන පාර්ලිමේන්තුවේදී ඇවන්ගාඩ් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය
රජයේ මතය නොවන බව කියන්නේ රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්නය. එහෙත් රාජිතගේ ප්‍රකාශය
ගැන මාරපන කියන්නේ එය රාජිතගේ මතය බවය. ඒ කියන්නේ ආණ්ඩුවේ මතය නොවන බව නොවේද?
මෙමගින් නැවත ආණ්ඩුව ජනතාවට කිවයුත්තේ ඇවන්ගාඩ් ගැන ආණ්ඩුවේ මතය කුමක්ද යන්නයි.
තවද ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කැබිනට් තීරණ දැනුම්දෙන රාජිත සේනාරත්න කරන්නේ
තමන්ගේ මතය දැක්වීම යැයි මාරපන කියන්නේ නම් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවල
ඇති අර්ථය කුමක්ද?
දැන හෝ නොදැන මෙම මාධ්‍ය හමුවේදී ද ඇමැතිවරයා කළ
පුදුමය දනවන ප්‍රකාශ මඟින් අවසන සිදුකර ඇත්තේ ආණ්ඩුව වට දෙකකින් අමාරුවේ දැමීමය.
දැන් මේ ගැන රටට ඇත්ත කිවයුත්තේ අන් කවරෙකුවත් නොව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාය.
Friday, 6 November 2015
යහපාලනේ මල් පුප්පන මාර පන ලා....
![]() |
| නායකයිනි එන්න..මල් පිපීදැයි බලන්න.. |
තිලක් මාරපන යන නම ඇසුණු කලම දැන් රටේ ජනතාවට
දැනෙන්නේ දළඹුවෙකු ඇඟේ ගෑවුණා වැනි හැඟීමකි. ඊට හේතුව නම් පසුගිය 4 වැනිදා ඔහු පාර්ලිමේන්තුවේදී කළ නින්දනීය කතාවයි.
රටක් කැළඹූ ඇවන්ට්ගාඩ් සිදුවීමේදී ඇවන්ට්ගාඩ් යනු තම සේවාදායකයා බව කිසිදු
හිරිකිතයක් නැතිව රටට කී තිලක් මාරපන යනු කවුද? ඒ මේ රටේ නීතිය හා සාමය පිළිබඳ
ඇමැතිවරයාය. රටක් කැළඹූ සිදුවීමක සැකකාර පාර්ශ්වය වෙනුවෙන් රටේ කැබිනට් ඇමැතිවරයකු
පෙනීසිටිද්දී ඒ රටේ ජනතාවට දෙයියන්ගේම පිහිටය.
රාජපක්ෂ පාලන සමයේදී පවා තිලක් මාරපනලා
සම්බන්ධයෙන් රටේ පැතිර ගිය පුවත් වූ කලී
යහපත් ඒවා නොවේ. ඔහු ඊට පෙර පැවැති එජාප පාලන සමයන්හි දැරූ ඇමැතිකමුත් නීතිය
විෂයෙහි දැරූ තනතුරුත් හැරුණුකොට පැවැති පාලනය පෙරලීමේ දේශපාලන පරිවර්තනයෙහි
කිසිදු කර්තෘත්වයකට ගෞරවයක් හිමි විය යුත්තෙක් නොවේ. මෙවර යහපාලන ආණ්ඩුවේ වුවද
ඔහුට ඇමැතිධුරයක් හිමිවන්නේ ජාතික ලැයිස්තුවෙන් පැමිණි පාර්ලිමේන්තු ගමන නිසා මිස
ජනතා ඡන්දයකින් ලැබූ ජයක් නිසා නොවේ. 1994
පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පැමිණීමෙන් නීතිපතිකමට සමු දී ගෙදර ගිය තිලක් මාරපන පළමු
වරට පාර්ලිමේන්තු ආවේ 2001 දීය. ඒය ද ජාතික ලැයිස්තුවෙනි. එහෙත් ආරක්ෂක හා
ප්‍රවාහන වැනි බාරදූර ඇමැතිකම් ඔහුට පැවැරිනි. මහින්ද රාජපක්ෂගේ නඩු කටයුතු
වෙනුවෙන් පෙනී සිටින ගාමිණි මාරපන යනු තිලක්ගේ සොයුරාය. තිලක් මාරපනගේ පුත්තු
දෙදෙනා ද නීතිඥයෝය.
![]() |
| පාර්ලිමේන්තුව උසාවියක් කළ මාර පන.. |
බැලූවිට නම් මාරපන පවුලම නීතියේ සාරයම උකහාගත්
පරම්පරාවක් මෙනි. එහෙත් ඒ සාරය යළි ප්‍රතිනිෂ්පාදනය වන්නේ ජාතික දේහයේ සාරය
උරාබොන්නට නම් ඒ නීති දැනුමෙන් රටට පලක් නැත. එයින් අත්වන්නේ විනාශයක් පමණි.
සැබැවින්ම මාරපන පාර්ලිමේන්තුවේදී කළ කතාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ
මුලකුරු දන්නා ඕනෑම අයෙකු සලිත කරන මට්ටමේ එකකි. පොලිසිය බාර මාර පන ඇමැති
ඇවන්ට්ගාඩ් යනු තම සේවාදායකයා බව ලැජ්ජා නැතිව කීමෙන් නොනැවැතී සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම
කලිසම් ද ගැලෙව්වේය. ඒ ඇවන්ට්ගාඩ් යනු මිලේනියම් සිටි බඳු ආණ්ඩු මාරුවකදී පොලිසිය
ලකුණු දා ගන්නට කළ වැඩක් බව කියමිනි. අන්තිමේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයාට
සිදුවුණේ ඔය ඇමැතිකම ළමයෙකුට දෙන්න යැයි කියන්නටය. මන්දයත් ඇමැතිගේ අමුතු කතාව ඒ
තරම්ම ආණ්ඩුවක් පවා සසල කරවන වගකීම්විරහිත කතාවක් වීම නිසාය.
![]() |
| ඒ පාර්ලිමේන්තුවත් මේ පාර්ලිමේන්තුවත් අතර වෙනස කුමක් ද? |
ඇත්තටම වුණේ මේකය. මාරපනලාට පාර්ලිමේන්තුව අදාළ
නැත. මාරපනලා කීයක් හරි හොයාගන්නේ නීති දැනුම උකස් කරලාය. මාර පනට පාර්ලිමේන්තුව
පෙනුණේ උසාවිය වගේය. කතානායක පෙනුණේ මහේස්ත්‍රාත්වරයා වගේය. ඉතින් විපක්ෂයේ ප්‍රධාන
සංවිධායක හෝ විපක්ෂය නියෝජනය කරන්නේ රටේ ජනතාව බව මාරපනට මතක නැතුව ගියේය. තමා රටේ
ජනතාවට වගකියන්නට බැඳී සිටින බව මාරපනට මතක නැතිව ගියේය. ඒ අස්සේ බළලා මල්ලෙන්
එලියටත් පැන්නේය. ඇවන්ට්ගාඩ් සිදුවීමේ වගකීම්විරහිත ඇමැති කෙරුවාව දැන් මුළු රටම
දැනගෙන හමාරය. ඇත්තවශයෙන්ම මාරපනගේ මේ නිහීන වැඩය ඔහුට එරෙහිව නොව සමස්ත ආණ්ඩුවට
එරෙහිව වුව දෝෂාභියෝගයක් ගෙනඒමට ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය.
රටම ගිනිපත්තු කර පැවැති පාලනයට මිනීපෙට්ටියේ
අවසන් ඇණ ගසන්නට යහපාලකයන් භාවිත කළ සටන් පාඨ යට ගොසිනි. ඒ වෙනුවට අපට දකින්නට
ලැබෙන්නේ මහින්ද රාජපක්ෂගේ භීෂණකාරී පාලන සමයේ ඔළුව දෙපරැන්දෙ ගසාගෙන අපේ මොකෝ අපට
මොකෝ තියරියට සිටි අවස්ථාවාදී දේශපාලන රැලක් ව්‍යාපාරිකයන් ලෙසින් කැබිනට් මණ්ඩලයේ
ලැග සිටිනා අරුම පුදුම පාලනයකි. මේ ආණ්ඩුවේම ඇමැතිහොරු පෙන්නන සොහොන් ලකුණු අනුව
ආණ්ඩුවට වැඩි ආයුෂක් ඇතැයි කෙසේ සිතන්නද?
(සැ-යු-විජයදාස රාජපක්ෂ යනු මාටින් වික්‍රමසිංහගෙන් පසු මෙලක බිහි වූ මහා ප්‍රාඥයා බැවින් ඔහු ගැන වෙනම ලිවිය යුතුය)
Subscribe to:
Posts (Atom)












