මල්ලී.. මම ශාන්ත.. මම ආවා.. වෙලාව හරියටම හවස 5.18 යි. වසර දෙකක් තිස්සේ නේපාලයේ කත්මණ්ඩුවල සිර කර තිබූ නිර්භීත මාධ්‍ය අකුරක මනුස්ස හඬ හෑන්ඩ් ෆෝන් එකට ගලාගෙන එන්නට වුණා..අම්මටහුඩු.. මට කියැවුණේ එච්චරයි. කාලයක් තිස්සේ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ (පත්‍රකලාවේදීන්ගේ)සංගමය හැටියටත් අප පෞද්ලිකවත් ගත් මහන්සියක ප්‍රතිපලය.. ශාන්ත අයියා මුණගැසීමේ දැඩි වුවමනාව තිබුණත් රාත්‍රී සේවයත් බහුල රාජකාරිත් නිසා ගමන දවසකට දෙකකට කල්දමන්නට සිදුවුණා. කොහොම වුණත් ශාන්ත විජේසූරියගේ පැමිණීම වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට නම් ලොකු හයියක්.
ශාන්ත විජේසූරිය කියන්නේ ලංකාවේ ජනමාධ්‍ය නිදහස පිළිබඳ ඇත්ත කතාවේ ජීවමාන සාක්කියක්. ඒක රැකගත යුතු වුණේ ජනමාධ්‍ය නිදහස ගැන පොර ටෝක්ස් දෙසන බොහෝ දෙනෙකුට නොදන්නා පැති ගැන කතාකරන්නට ඉඩක් ඉතුරු කරගන්න ඕනෑ වුණ නිසයි. කොහොම වුණත් දැන් ශාන්ත නැවතත් ලංකාවේ. දීර්ඝ නිහැඬියාවකින් පසු කුරුල්ලාගේ නාදය ආයේමත්. ඒක මොන කූඩුවෙන් ඇහේවිද එහෙම නැත්නම් ඒ නාදය කූඩු නොවී නිදහසේම ගලායාවිද කියලා දැන්ම කියන්න අමාරුයි. අලුත් පත්තර පටන්ගන්න තවත් පත්තර අර්බුදයට යන කාලයක් ඇවිත්. කොහොම වුණත් කර්මාන්ත ශාලාවල අයිතිය අපේ නෙවෙයි. අපි වැටුප් ශ්‍රමිකයෝ. එතැනදි ශාන්තලා අපි කවුරුත් එකයි. ඉතින් තව ටික දොහක් බලාගෙන ඉම්මු වෙන්නේ මොකද කියලා..
Thursday, 30 April 2015
Wednesday, 29 April 2015
18, 19 හා මන්ත‍්‍රී හෘද සාක්ෂිය
19 වැනි සංශෝධනය ගැන එක එක කතා කියවෙනවා. විවිධ මතිමතාන්තර පලවෙනවා. හැබැයි ඒක මොන විදියට සම්මත වුණත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තට යන්න හදද්දී කකුලෙන් අදින රටක ඒකත් නිකන් ඉන්න එකේ අහලා ගියත් මදෑ වගේ තමයි. උදේ පාන්දර ඉදන් පාර්ලිමේන්තුවේ තැපලා වෙන්නේ මොකද්ද කියලා බලා කියාගන්න ලොකු උනන්දුවක් තිබුණා. රාත්තිරි 12ටත් ළං වෙනකන් වැඬේ ඇදෙද්දි නම් අමාරුව සනීප වුණා.
විමල්, දිනේෂ්, වාසු තමයි 19 කොට්ට උරයක් වගේ අනෙක් පිට හරවන්න සෑහෙන්න ප‍්‍රතිගාමී වැඩ කොටසක් කළ බව පෙනුණේ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න කියලා මරාගෙන මැරෙන්න හදපු මිනිස්සුද මේ කියලයි ඒ අයගේ කතා අහද්දී මට නම් හිතුණේ? ඒ වගේම නොදන්න ලතින් කතා කොරන්න ගිහින් ව්‍යවස්ථාමය කරුණු සම්බන්ධයෙන් තමන්ට තිබෙන දැනුමේ දරිද්‍රතාවය පෙන්නපු එක ගැන නම් අපි විමල් සහෝදරයාට ස්තුතිවන්ත වෙන්න ඕනෑ. වාසු නම් ටිකක් ජාමේ බේරාගත්තත් දිනේෂ් පවා වැඬේ නෝන්ඩි කරගත්තා. උදාහරණෙකට වගන්ති කීපයක්ම සම්මත වෙලා ඉස්සරහට යද්දී සම්මත වෙලා අහවර වූ වගන්තිවලට සංශෝධන ඉදිරිපත් කරන්න පවා දිනේෂ් ට‍්‍රයි කළා. පස්සෙදි කතානායකට සිද්ධවුණා දිනේෂ්ගේ පමාව පැහැදිලි කරන්න.
වඩාත්ම ශෝකජනක හා විස්මයජනක කතාව කළේ නීති මහාචාර්ය ජී.ඇල් පීරිස් මහත්තයයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නීතිමය කරුණු ගැන එතුමා දක්වපු උනන්දුව අනේ දෙයියනේ 18 ගේන වෙලාවෙත් තිබුණා නම් කියලා තමයි අපට හිතුණේ. උදේ පාන්දර ඉදන් කෙරුණු මන්ත‍්‍රීවරුන්ගේ කතා අවසානයේදී කියවූ කාරණාව තමයි මට නම් දවසේ පොයින්ට් එක වුණේ. එරික් වීරවර්ධන හැර සියලුම දෙනාම වාගේ 18 ට අත උස්සපු එක ගැන කණගාටු වෙනවාය, ලැජජ වෙනවාය, දුක්වෙනවාය වගේ කතා කිව්වා. ඒ හැම කතාවකින්ම අවසාන විග‍්‍රහයේදී ඔප්පුවුණේ වෙන මොකක්වත් නෙවෙයි මේ මිනිස්සු ඡුන්දය දීලා තියෙන්නේ හෘද සාක්ෂියට අනුව නෙවෙයි කියන එකයි. ඔන්න ලංකාවේ පාර්ලිමේන්ත මන්ත‍්‍රීවරු ප‍්‍රසිද්ධියේම ඒක පිළිගත්ත හැටි..

Friday, 24 April 2015
රනිල් දුටු ජවිපෙ ...
පක්ෂ දේශපාලනයේදී සෙසු දේශපාලන පක්ෂ උත්කර්ෂයට නැන්වෙන විදියට කතාකරන්න බොහෝ කතිකයන් පෙළඹෙන්නේ නෑ. එහෙම පෙළඹුණත් ඒක සන්ධානගතවීමක තිබෙන උපක්‍රමිකභාවයෙන් එහා යන්නේ නෑ. අනෙක් අතට ලංකාවේ දැන් තිබෙන වාචාල දේශපාලන කතිකයන්ගෙන් නම් කොහොමටවත් සෙසු දේශපාලන පක්ෂයක හොඳක් අහන්න ලැබෙන්නේම නෑ. ලංකාවේ සාමාන්‍ය ජන මනස හදලා තිබෙන්නේත් පුළුවන් තරම් ඇටෑක් කරන එකා හොඳම කතිකයා හැටියට නිසා ඔළුවක් තිබෙන කෙනෙක්වත් ඒකට පෙළඹෙන්නේ නෑ. මේ තත්ත්වය සාමාන්‍ය ජන රැලිවල ඉඳලා රූපවාහිනී දේශපාලන සංවාද දක්වාම අද ව්‍යාප්ත වෙලා. අත් දෙක බැඳගෙන ඊනියා සිනාවකින් සරසාගන්න මුහුණුවලින් පටන්ගන්න සාකච්ඡා මැදදී ගුටි ඇනගෙන අත පය විකන බලු පොර දක්වා වූ වර්ධනය පහුගිය කාලේ ලංකාවේ ප්‍රේක්ෂකයෝ ඇති පදම් දැක්කා.
ඒත් වෙනත් දේශපාලන පක්ෂයක් සම්බන්ධයෙන් අතිශය සංයමයෙන් යුතුව දේශපාලන නායකයකු අදහස් දැක් වූ අවස්ථාවක් පහුගියදා දුටුවා. ඒ රනිල් වික්‍රමසිංහ විසින්. උපුල් ශාන්ත සන්නස්ගල මෙහෙයවන සත්‍යාගාරයේ දී ඔහු දැක් වූ ඒ අදහස වඩාත් සුවිශේෂි. මොකද ඔහු ඒ අදහස දැක්වූයේ රනිල්ගේ යූඑන්පීය කියලා තමන්ගේ පක්ෂය පවා හොඳට පතුරු ගහන ජනතා විමුක්ති පෙරමුණ ගැන නිසයි.
තරුණ කාලේ රනිල් විජේවීරගේ කතා අහන්න ජවිපෙ ජනරැලිවලට ගිහින් තිබෙනවා. ඒ අතීතය අලලා තමයි නිවේදකයා ප්‍රශ්නය අහන්නේ. ඒ මෙන්න මෙහෙම.

උපුල්- 1971 ජනරැලි නැරඹීමට ගිය පිරිස අතර 22 හැවිරිදි
තරුණ රනිල් වික්‍රමසිංහ ද විය. ඔහුට හැඟුණේ මෙතෙක් විසඳී නැති ජනතා ප්‍රශ්නවලට
ජවිපෙ නායකත්වයක් දී ඇති බවයි. ඒ කියන්නේ ඔබතුමා තරුණ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ
රැස්වීම් බලන්න ගිහින් තිබෙනවා රෝහණ විජේවීරගේ කතා අහන්න. එදා සහ අද ජවිපෙ
දේශපාලනය ගැන ඔබේ අදහස මොකද්ද?
මෙන්න රනිල්ගෙ උත්තරේ
රනිල්- එදා රෝහණ විජේවීර එලියට ඇවිල්ලා රැස්වීම්
පවත්වද්දී ඒ රැස්වීම්වලට කන් දෙන්න එකකට දෙකකට මමත් ගියා. වැඩිය පැවැත්වුවේ නෑ.
මොකද අප්‍රේල් මාසේ කැරැල්ල තිබුණා. එදා සමාජවාදය ඉදිරියට ගෙනැල්ලා මේ රටේ ප්‍රශ්නවලට උත්තර තිබෙන්නේ මාක්ස්වාදී සමාජවාදය කියලා පෙන්වන්න බැලුවේ. මම රෝහණ විජේවීර දුන්න ඒ
මාර්ගයට එකඟ වුණේ නෑ. ඒක සාර්ථක වෙන්නේ නෑ. අද මට පෙනෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ
ඇතුලේ අද තිබෙන මේ ප්‍රජාතන්ත්‍රවාදී... සමාජවාදයත් ඒ දෙක අතර තිබෙන ඒ ප්‍රවාහයට
ඇතුල්වෙන්නේ කොහොමද.... වාමාංශික පක්ෂයක් හැටියට කොහොමද වැඩකටයුතු කරන්නේ. එතැන මට
පෙනෙන හැටියට ජනතා විමුක්ති පෙරමුණ ඇතුලෙත් විවිධ ප්‍රශ්න. විපර්යාසයක් වෙන
අවස්ථාවකදී එහෙම ප්‍රශ්න ඇතිවෙනවා. මහින්ද රාජපක්ෂගේ කාලෙන් පස්සේ මේ තිබෙන
ඡන්දවලින් යූ.එන්.පී විරෝධී ඡන්ද කොටසක් තමන් ලබාගන්නේ කියන ප්‍රයත්නය
තමයි ජනතා විමුක්ති පෙරමුණ යෙදිලා තිබෙන්නේ. ඒක සාර්ථක වෙනවද නැද්ද කියලා මේගොල්ලෝ
ගන්න තීරණ අනුව තමයි කියන්න වෙන්නේ..
සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නෙම වෙනත් දේශපාලඥයකුගෙන් ඇහුවා නම් කොහොම උත්තරයක් ලැබේවි ද?
Thursday, 9 April 2015
ආණ්ඩු පෙරලුණත් නේපාලයේ හිරවුණු ශාන්ත විජේසූරිය.......
ඕනෑම ආණ්ඩුවක ප්‍රජාතන්ත්‍රවිරෝධී භාවිතයන් පෙන්වීමට ඕනෑ තරම් නිදර්ශන දිනපතා පුවත් ගොඩෙන් පෙන්වන්නට පුළුවන්. ඒත් ආණ්ඩුවක් පෙරලන මට්ටමට මතු වන තරමේ සටන් පාඨ බවට ඒ සෑම සිදුවීමක්ම පත් වෙන්නෙ නෑ. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් එකී සිදුවීමෙහි ඇති දේශපාලනික බර මෙන්ම ජාතියක් හැටියට එම රටේ පුරවැසියනට වඩාත් සංවේදී වන කාරණා එහිදී ඉස්මත්තට එනවා. පැවැති පාලනය පෙරලාදැමීමේ දී එසේ ඉස්මත්තට පැමිණි සිදුවීම් අතර එක් කරුණක් වූයේ මර්දනය හමුවේ විදෙස්ගත මාධ්‍යවේදීන්. එහෙත් බොහෝ කාරණා වගේම ආණ්ඩුවට දැන් එය ද අමතක වී ගිය බවක් පෙනෙනවා.
එහෙම විදෙස්ගත වූ මාධ්‍යකරුවන් රැසක් අතරේ මට පුද්ගලිකව තදින් දැනෙන මනුස්සයෙක් ඉන්නවා. ඒ මනුස්සයා ගැන හිතේ ඇතිවෙච්ච තද කම්පාවත් ආයෙමත් බ්ලොග් අඩවියේ අකුරු කරවන්න එක හේතුවක් වුණා. එයා තමයි ශාන්ත විජේසූරිය. පිටුවහලේ ජීවිත ගත කරන මාධ්‍ය පිරිස අතරේ දකුණු ආසියානු රටක සිටින එකම මාධ්‍යකරුවාත් ඔහුයි. ලංකා ඊ නිිව්ස් කියන වෙබ් අඩවිය ජනප්‍රිය වෙලා කාගෙ කාගෙත් කතාබහට ලක්වෙන්න ගත්ත කාලේ දරුණු විදියට ඒකට දරදිය ඇද්ද ඇත්තම මාධ්‍ය පොරක් කියලා කියන්න පුළුවන් කෙනෙක් තමයි ශාන්ත විජේසූරිය කියන්නේ. හැබැයි එයාට සාමාන්‍ය මාධ්‍යකරුවන්ට නොතිබුණු දේශපාලන දැක්මක් තිබුණා. පවතින මාධ්‍ය වෙළෙඳපොලේ ඒ දේශපාලන දැක්මම තමයි එයාව මර්දනය කරන්න ඕන කියල ලැයිස්තුවට තල්ලුකළෙත්.
2012 ජුලි 5 වැනිදා ඔහුව නුගේගොඩදි පැහැරගන්න උත්සාහ කෙරුණේ එහි අවසාන පලය හැටියට. ඒත් සාහසිකයන්ගේ වෑයම පල නොදැරුව නිසා ශාන්ත බේරුණා. ඒ වනවිට ඔහු පැවැති ආණ්ඩුවේ මර්දනීය යාන්ත්‍රණය ගැනත් තදින් ලියමින් හිටියේ. ඒ වෙන කොහේවත් නෙවෙයි. වත්මන් මංගල සමරවීර විදෙස් ඇමැතිවරයා අධීක්ෂණය කළ එක්ස් නිවුස් වෙබ් අඩවියේ. ඒත් ඉහත කී පැහැර ගැනීමේ උත්සාහයෙන් පසුව ඔහුට විදෙස්ගතවන්නට විය. ආසියානු ජනමාධ්‍යකරුවන්ගේ සම්මේලනයට සහභාගීවීමට නේපාලයට ගිය ශාන්ත විජේසූරිය නැවත ලංකාවට නොපැමිණෙන්නේ වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් ලැබුණු උපදෙස් මතය.
අද ඒ ආණ්ඩුව නෑ. ඒත් ශාන්තට නේපාලයෙන් ලංකාවට එන්නට විදියකුත් නෑ. හේතුව තමයි නේපාල රජය ඔවුන් නීතිවිරෝධී සංක්‍රමණිකයන් හැටියට මිස සරණාගතයන් හැටියට නොසැළකීම.. එනිසා වීසා නැතිව සිටි කාලය වෙනුවෙන් රුපියල් පන්ලක්ෂ හැත්තෑ හය දහසක මුදලක් නේපාල රජයට ගෙවන්නට ඔහුට සිදු වී තිබෙනවා. සැබැවින්ම මෙය ඛේදවාචකයක්. ශාන්ත කියන්නේ කිසිදු විටෙක ලංකාවෙන් පලායන්නට සිටි මාධ්‍යකරුවෙක් නෙවෙයි. ඔහුව උපන්රටින් පිටුවහලට යැව්වේ පැවැති පාලනයේ දරදඩු මර්දකයන් විසින්. ශාන්තව නැවත ලංකාවට ගෙන්වීම මංගල සමරවීර කියන ඔහුගේ අතීත සගයාට සුළු දෙයක්. නමුත් වැඩේ නොවෙන්නේ ඇයි?
මේ ශාන්ත විජේසූරිය තමන් දැන් ගතකරන ජීවිතය ගැන කියන හැටි........

‘‘අපේ ජිවිත අවිනිශ්චිතය. අපි පැවැත්ම
පිළිබද බරපතළ අර්බුදයකට මුහුන දී සිටිමු. අපේ මුල් කපා අපේ රටවල් වලින් උගුලා
දැමීම නිසා, අපේ දරුවන් බිරින්දෑවරු දෙමව්පියන් සහ
අපේ ඥාතීන් සිසී කඩ වී ඇත.සමහරුන් ගේ දරුවන් ,බිරියන් ,ස්වාමි පුරැෂයන් සහ ඥාතීන් මරා දමා
තිබේ. හුදකලාව සහ කාලකන්නි කම අද අපේ දරුවන්, බිරියන් ,දෙමව්පියන් සහ ඥාතීන් මෙන් අපව වට කොට
ගෙන සිටියි. නේපාලයේ අපට වැඩි කාලයක් රාත්රිව ගත කරන්නට සිදුව ඇත්තේ අදුරේය.
නේපාල් ආණ්ඩුව එම රටේ ජනතාවට විදුලිය ලබා දෙන්නේ දිනකට පැය 06 කි. ලෝකයේ ජල මුලාශ්රන ඇති රටවල් අතරින්
දෙවන ස්ථානය හිමි වන්නේ නේපාලයටය. නමුත් නේපාලයේ අග නගරය වන කත්මණ්ඩු වල ජිවත් වන ජනතාව
පානීය ජලය ලබා ගැනිම සදහා මුදල් ගෙවිය යුතු වෙයි.
ධනවාදය නැමැති අදුරට එරෙහිව රැ දවල්
නොබලා ලංකාවේ දී සටන් වැදුනු මට නේපාලයේ අදුරට සාප කරමින් බොහෝ කාලයක් සිටින්නට
සිදු විය. නමුත් මා ඇතුළු ශ්රීා ලංකීය සරණාගතයන් කීපදෙනෙක්ට
යු.එන්.එච්.සී.ආර්.සංවිධානයේ රුදුරු කප්පාදු වලට එරෙහිව පැන නැගි ඇති අරගලයට මග
පෙන්විමට හැකි වී තිබේ.
අප ජිවත් වන්නේ කදවුරු ගතව නොව
නාගරිකවය. කත්මණ්ඩු නගරයෙන්
පිටට යෑම අපට තහනම්ය. අපව හදුන් වන්නේ
නගරික සරණාගතයන් කියාය. (Urban Refugee) යු.එන්.එච්.සී.ආර්.
කාර්යාලය මගින් පෙබරවාරි මස වන තෙක් තනි සරණාගතයෙකු සදහා නේපාල් රුපියල් 5,750 ක් ගෙවු නමුත් මාර්තු මස සිට අපේ
දීමනාවෙන් 25% ක් කප්පාදු කර ඇත. මා
හට දැන් ලැබෙන්නේ නේපාල් රුපියල් 4,313කි. ඇමරිකන් ඩොලර් 44 කි. ශ්රී. ලංකන් රුපියල් 6,900 කි. එම මුදලෙන් කාමර කුලී රුපියල් 2
,200 ක් විදුලි බිල රුපියල් 200ක් ගෙවු පසු මසක් ජිවත් විම සදහා මා අත
ඉතිරි වන්නේ රුපියල් 1,913කි. පස් දෙනෙක් ගෙන්
සමන්විත පවුලකට ජිවත් විම සදහා කප්පාදුවට පෙර 17,500ක් ගෙවු අතර දැන් එම මුදල 12.938ක් දක්වා කප්පාදු කර ඇත. නේපාලයේ පස්
දෙනෙක් ගෙන් සමන්විත පවුලකට අවම පහසුකම් යටතේ ජිවත් විම සදහා රුපියල් 25,000 මුදලක් අත්යා්වශ්ය් වෙයි . නවක සරණාගතයන් විශාල පිරිසකට එම
කාර්යාලය මගින් සරණාගත භාවය පිරි නමා ඇතත් ,ඔවුනට සරණාගත දිමනාව ලබා නොදෙයි. ඔවුනට අද නේපාලයේ හිගා කෑම හැර වෙනත්
විකල්පයක් ඉතිරි වි නැත. “
Wednesday, 8 April 2015
බොරතෙල් බඳුනට නැවත බසිමි....
කැම්පස් උණෙන් පෙලී ලියන්නට ගත් බ්ලොගයට අකුරක් දාන්නේ කලෙකට පසුය. පත්තර රස්සාව ඉස්තරම්ම විනෝදයක් දුන් උණ බහින්න ගනිද්දී බ්ලොග් රසය ඇත්තටම වැළඳී ඇත්තේ දැන්දැයි සිතේ. ප්‍රකාශන මාධ්‍යක් හැටියට පත්තරය යනු පොදු ජනයාට තොරතුරු සපයන තැනක් මිස අපේ රජ දහනක් නොවන බව ඕනෑම පත්තරකාරයකුට දැනෙන්නේ කල්ගතවීමෙනි. දයාසේන ගුණසිංහයන් කැප නැති අඩවිය හැටියට හඳුන්වමින් ඉන් මිදී හිස් දෑතින් ගියේ එහෙයිනි. එදා ඒ ලෙවල් කරද්දී පුනරාගමනය කියවද්දී පරිකල්පිතව මවාගත් ඇත්ත දැන් ඇඟටම දැනෙමින් තිබේ. එහෙයින් තමන්ටම කියා තමන්ගේම හැඟීම් දැනීම් ලියන්නට...අඩුම ගානේ පත්තර ජීවිතේ නොලියැවෙන අකුරු දෙක තුන හලා මගේ බොර තෙල් බඳුන තව තවත් බොර කරන්නට සිතා ගතිමි.
ඉතින් සකියනේ අවසරයි.....
Wednesday, 21 March 2012
ලංකාවේ සුප‍්‍රසිද්ධ ඉන්ටර්නැෂනල් පොරක් ජිනීවා දුටු හැටි
අධ්‍යාපනික මාධ්‍යක් විදියට ඉංග‍්‍රීසිය ලංකාව ඇතුලේ ප‍්‍රචලිත කරන්න මහත් වෙහෙසක් ගන්න ටියුෂන් ගුරුවරයෙක් වගේම ප‍්‍රධාන ධාරාවේ පත්තර ඇතුලේ බොහොම ලොකු සංවාදෙක නිරතවෙලා ඉන්න මහත්තයෙක් අපි නිකන් කතාකරන අතරතුරේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වූ ඇමෙරිකානු යෝජනාව ගැන වෙනස්ම අදහසක් පළ කළා. මට ඒ අදහස වෙනස් කියලා කියන්න හිතුණේ ලෝක දැනුම ලබාගැනීමේදී ඉංග‍්‍රීසිය කියන භාෂාමය යතුර අන්‍යයන්ට බෙදන මේ ගුරුවරයා වඩා අනම්‍ය සිංහල ජාතිකවාදී දෘෂ්ටියකින් මේ ප‍්‍රශ්නය දිහා බලපු හින්දයි. ඔහු යෝජනා කළේ ශ‍්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම කාලයක් රාජ්‍ය බලය හෙබවූවේ සිංහල ජාතිය බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළදී අවධාරණය කළ යුතු බවයි. ඔහු කිව්වේ මාඝ, එලාර වගේ පාලකයන් මෙරට පාලනය කළ කාලය ඉතිහාසයේ ඉතාම සුළු කාලපරිච්ෙඡ්දයක් බව කිසිවෙකු විසින් කවුන්සිලය මධ්‍යයේ මේ වනතුරුත් ඔප්පු කරනු ලැබ නොමැති බවයි. ඒ වගේම එයා අපට මේ කතාව කිව්වේ තීරණාත්මක මොහොතක රට බේරාගැනීමේ වඩාත් නවමු හා තාර්කික මාවත හෙලිකරගත් අයෙකු වගේ පුදුම උද්‍යෝගයකින්. මේ වගේ කතාවක් කියන්න පුළුවන් අතිබහුතරයක් අපේ රටේ ඉන්න බව ඇත්ත. ඒ වගේම මේක සිද්ධියට අදාළව තක්කාලියි බෝල්ට් ඇණයි වගේ අසම්බන්ධිත කතාවක් වුණාට ප‍්‍රශ්නය තිබෙන්නේ මේ කතාව කරන පුද්ගලයාගේ භූමිකාව නිසයි.
ඇත්තටම මට මේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මතුවෙච්ච ප‍්‍රධානතම කාරණා දෙකක් තිබුණා. එකක් බහුවිධ සමාජ මතවාද ලෝකය තුළ ඇති බව තේරුම්ගැනීමට අවශ්‍ය දැනුම් මාර්ගය විවර කරන අයෙකු මේ වගේ අධිපතිවාදී මර්දනීය අදහසක් දැරීමයි. අනෙක රටේ උගත්තු කියලා සිවිල් බලයක් හොබවන මේ වගේ අය කරන කතන්දරවලට පොදු ජනයා විසින් වටිනාකමක් ආරෝපණය කරනු ලැබීමේ භයානකකම යි.
උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම පිහිටුවන වටපිටාව හෝ එහි අභිලාශයන්වත් නොදැන කරන මේ වගේ අදහස් දැක්වීම් තමයි අපි අද රට පුරාම දකින්නේ. අඩුම ගානේ ජනතා නියෝජිතයො දන්නෙත් නෑ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ව්‍යුහය හා ක‍්‍රියාකාරීත්වය මොන වගේද කියලා. සිංහල බෞද්ධ ඡුන්ද ගොඩ වැඩිකරගැනීමේ බාල උපක‍්‍රමයක් විදියට කෙරෙන ගැලරිය අමතන කතන්දර හා මෝඩ චූන් රංගන හැරුණම වගකිවයුතු පාර්ශ්වයකින්වත් සත්‍ය ගැන කතිකාවක් ගොඩනැගෙන්නේ නෑ.
http://www.blogger.com/blogger.g?blogID=6141678029775485709#editor/target=post;postID=8368566445283416862
උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම පිහිටුවන වටපිටාව හෝ එහි අභිලාශයන්වත් නොදැන කරන මේ වගේ අදහස් දැක්වීම් තමයි අපි අද රට පුරාම දකින්නේ. අඩුම ගානේ ජනතා නියෝජිතයො දන්නෙත් නෑ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ව්‍යුහය හා ක‍්‍රියාකාරීත්වය මොන වගේද කියලා. සිංහල බෞද්ධ ඡුන්ද ගොඩ වැඩිකරගැනීමේ බාල උපක‍්‍රමයක් විදියට කෙරෙන ගැලරිය අමතන කතන්දර හා මෝඩ චූන් රංගන හැරුණම වගකිවයුතු පාර්ශ්වයකින්වත් සත්‍ය ගැන කතිකාවක් ගොඩනැගෙන්නේ නෑ.
Tuesday, 20 March 2012
දර්ශනේ ඉගෙනගැනීමෙන් ලෝකය තේරුම් ගමු?
නියත ඥානයක් ලෝකයේ තියෙනවද කියන ප‍්‍රශ්නෙට කෙළින් උත්තරයක් දෙන්න තිබෙන බාධා වටහාගන්නකොට තමයි අපි දර්ශනවාදය හදාරන්න පටන්ගන්නේ. ඒ කියන්නේ දර්ශනවාදය කියන්නෙම ප‍්‍රශ්න අඳුරගන්න වැඩකට. හැබැයි ඒක නොසැලකිලිමත්ව ආධානග‍්‍රාහීව කරන්න බෑ. එහෙම අමාරු ප‍්‍රශ්න හදන හේතු මොනවද කියලා හොයලා අපි දරන සාමාන්‍ය අදහස්වලට යටින් තියෙන නොපැහැදිලි බවයි අවුල්බවයි වටගෙන තමයි ඒක කරන්න ඕනේ.
සාමාන්‍ය ජීවිතේදි අපි ගොඩක් දේවල් නියත විධියට තමයි සලකන්නේ. ඒත් හොඳට බැලූවොත් ඒවායේ ප‍්‍රතිවිරුද්ධතා ගොඩයි. අපි ගොඩක් කල්පනා කළොත් තමයි ඇත්තටම අපි විශ්වාස කරන්නේ මොකද්ද කියලා තේරුම්ගන්න පවා පුළුවන් වෙන්නේ. ඒ කල්පනා කිරීම කරන්න වෙන්නෙත් වර්තමාන අත්දැකීම්වලින් (දැනට දන්න දේවල්වලින්) තමයි. ඒවායින් යම් දැනුමක් ගන්න පුළුවන් වුණත් ගොඩක් වෙලාවට අපි දැනගෙන ඉන්න දේවල්වලින් කරන ප‍්‍රකාශ වැරැුදියි.
උදාහරණයක් ගමු. මම ඉන්නේ යම්කිසි හැඩයකින් යුත් මේසයක් ළ`ග තියෙන පුටුවක වාඩිවෙලා. මොනව හරි ලියපුු කඩදාසි වගයක් මේසෙ උඩ තියෙනවා. ඔලූව හරවල බැලූවම ජනේලෙන් එහා පැත්තේ බිල්ඩින්ග්ස් වලාකුළු ඉර මට පේනවා. හිරු පෘථිවිය වෙතින් සැතපුම් මිලියන අනූ තුනක් දුරින් පිහිටා ඇතැයි ද පෘථිවියට වඩා කිහිප ගුණයකින් විශාල අති උෂ්ණ ගෝලයකියි ද පෘථිවියේ භ‍්‍රමණය හේතුකොටගෙන හිරු සෑම උදයකම පායතියි ද අනාගතයේ යම් අවිනිශ්චිත කාලයක් මුළුල්ලේත් එහෙමම සිදුවෙනවාය කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම කවුරුහරි ආවොත් මේ මේස පුටු පොත් ඔහුත් දකිනවය කියලා මම විශ්වාස කරනවා. මේව කොච්චර පැහැදිලිද කියනවා නම් මෙහෙම කියන්නවත් ඕනේ නෑ කියලත් හිතෙනවා. අපි එහෙම හිතුවට මේ හැම දෙයක්ම සාධාරණ සැකයකට භාජනය කරන්න පුළුවන්. අපි ඒ දේවල් ගැන කියන දේවල් පූර්ණ සත්‍ය කියලා සහතික(නිසැක) වෙන්න නම් අපි ඒ ගැන පරීක්ෂාකාරීව සාකච්ඡුා කරලා ඉන්න ඕනේ.
මේසයම උදාහරණයට ගමු. මේසය ගැන දන්න සාමාන්‍ය දේවල් තමයි
පෙනීම-ඒක චතුරස‍්‍රාකාර දුඹුරු පාට දිලිසෙන වස්තුවක්. දැනීම- සිනිඳු සිසිල් දැඩි ශ‍්‍රවණය- තට්ටු කළ විට දැවමය ශබ්දයක් මේසේ දකින ස්පර්ශ කරන තට්ටු කරන ඕනෙම කෙනෙකුට මේ විස්තරය එක්ක එක`ග වෙන්න පුළුවන් නිසා ප‍්‍රශ්නයක් නෑ කියලා අපි හිතනවා. එහෙම හිතල සහතික වෙන්න ගියාම තමයි අවුල එන්නේ. උදාහරණෙකට මේසෙ හැමතැනම එකම පාට යයි කියල අපි විශ්වාස කළාට ආලෝකය පරාවර්තනය වන කොටස් අනෙක් කොටස්වලට වඩා ගොඩක් දීප්තිමත්නේ. පරාවර්තිත ආලෝකය හින්දා සමහර කොටස් සුදු පාටටත් පේනවනේ. ඒ වගේම මම ඉන්න තැනින් වෙන තැනකට ගිහින් බැලූවොත් ඒ දකින එකත් වෙනස් වෙනවා. ඒ කියන්නේ එකම වෙලාවේ මේසෙ දිහා කීප දෙනෙක් බැලූවොත් ඒ කිසිම පුද්ගලයෝ දෙන්නෙක්ට එකම වර්ණ පැතිරීමක් පේන්නෙ නෑ. ඒකට හේතුව පුද්ගලයන් දෙන්නෙකුට එකම දෘෂ්ටි කෝණයෙන් බලන්න බැරිවීම. දෘෂ්ටි කෝණෙ පොඩිහරි වෙනසක් වෙනකොට ආලෝකය පරාවර්තනය වෙලා තියෙන විධියෙත් වෙනසක් වෙනවා.
එදිනෙදා කරන ගොඩක් වැඩවලට මේ වෙනස්කම් වැදගත් වෙන්නෑ. හැබැයි චිත‍්‍රකාරයෙක්ට ඒක හරිම වැදගත්. ව්‍යවහාර බුද්ධියෙන් සමහර දේවල්වල ඇත්තටම තියෙනවාය කියලා විශ්වාස කරවන වර්ණ ඒ වස්තුවේ ඒ විධියටම නෑ කියලා ඒ වස්තූන් පේන ආකාරයෙන් ඒ දිහා බලන්න ඉගෙනගන්න චිත‍්‍රකරුවට සිද්ධ වෙනවා. මේකට තමයි පෙනීම සහ තථ්‍යතාව කියන්නේ. යම් දෙයක් පෙනෙන හැටි සහ ඇත්තටම ඒක තියෙන හැටි. මේක දර්ශනවාදයේ විශාල ගැටලූ උපද්දන බෙදීමක්. දාර්ශනිකයට වගේම ප‍්‍රායෝගික මිනිහට වැදගත් වෙන්නෙත් වස්තුවක් ඇත්තට තියෙන ආකාරය. හැබැයි මේ දෙන්නගෙන් අවශ්‍යතාව වඩා බලවත් දාර්ශනිකයගේ.
මෙච්චර වෙලා මේසෙ ගැන කරපු කතාවෙන් අපට පැහැදිලියි විවිධ දෘෂ්ටි කෝණවලින් විවිධ වර්ණ පේනව කියලා. තවත් වෙනස්කම් තියෙනවා. කෘතිම ආලෝකය යටතේ කෙනෙක් බලද්දී, වර්ණාන්ධ පුද්ගලයෙක් බලද්දී, නිල් උපැස් යුවලක් දාන් ඉන්න කෙනෙක් බලද්දී එහෙම වෙනස් වෙන්න පුළුවන්. අන්ධකාරෙ බැලූවොත් කිසිම දෙයක් පේන්නේ නෑ. ඒ කියන්නේ වර්ණය කියන්නේ මේසේ සහජයෙන් තියෙන දෙයක් නෙවෙයි කියන එක. ඒක ර\ පවතින්නෙ මේසෙයි මේසෙ දිහා බලන කෙනයි මේසෙට ආලෝකය වැටෙන විධියයි අනුව. එතකොට අපි මේසෙ පාට කියල කියන්නේ සාමාන්‍ය ආලෝකයක් ඇති වෙලාවක සාමාන්‍ය පුද්ගලයකුට සාමාන්‍ය දෘෂ්ටි කෝණයකින් පේන පාටට. හැබැයි වෙනත් තත්ත්වන් යටතේ පේන අනෙක් පාටත් ඇත්ත පාට විධියට සලකන්න අයිතියක් ඒකෙන් නැති වෙන්නෙ නෑ. අන්න එතැනදි මේ දෙපක්ෂයටම අනිසි පක්ෂග‍්‍රාහී බවක් ඇතිවෙන එක වළක්වන්න මේසෙට විශේෂ පාටක් තියෙනව කියන එක ප‍්‍රතික්‍ෂේප කරන්න අපට සිද්ධ වෙනවා.
මේ කාරණා මේසයේ මතුපිටට ද අදාළය. පියවි ඇසින් බැලූවිට සිනිඳු සමතලා මතුපිට අන්වීක්ෂයෙන් බැලූවිට රළු වල ගොඩැලිත් පේනවා. එතකොට වඩා තථ්‍ය මොකද්ද? මේසයේ හැඩයත් මේ වගේ. මේසයේ විරුද්ධ පැති දෙක සමාන්තරව පේනකොට බලන්නාගෙන් ඈතට යන යම් ලක්ෂයකදී ඒ දෙක එක්වෙනවා වගේ පේනවා. ඒ වගේම පැති දෙක සමාන දිගින් යුක්ත නම් වඩා ළ`ග පැත්ත දිග බවක් පේනවා. මේසයක් දිහා බැලූ බැල්මට මේ සියල්ල පේන්නෑ. ඒකට හේතුව ‘‘සැබෑ’’ හැඩය සකස් කරගන්න අපේ අත්දැකීම් අපට උගන්වලා තිබීම. ස්පර්ශ ශබ්දත් මේ විධියටම අදාළයි.
මෙහෙම බැලූවම අපි දැකීමෙන් ස්පර්ශයෙන් හෝ ශ‍්‍රවණයෙන් එක්වරම අත්දකින්නේ සැබෑ මේසයක් ඇත්නම් ඒ සැබෑ මේසය නොවන බව පැහැදිලියි. එතකොට සැබෑ මේසය (සැබෑ මේසයක් තිබෙනවානම්)අපට ඒක කිසිසේත්ම එක්වරම දැනගන්න බෑ. ඒක අපි එක්වරම දැනගන්නා දේ ආශ‍්‍රයෙන් අනුමාන කළයුත්තක් විතරයි. මේ අනුව ඉතාම දුෂ්කර ප‍්‍රශ්න දෙකක් එකපාර හටගන්නවා. 1)සැබෑ මේසයක් කියලා එකක් කොහෙත්ම තියෙනවද? 2)තියෙනවනම් ඒක මොන විධියේ වස්තුවක්ද? මේ ප‍්‍රශ්න සලකල බලනකොට නිශ්චිත පැහැදිලි අර්ථ ඇති සරල වචන කීපයක් භාවිත කරන එක අපට පහසුවක්.
⋆සංවේදනවලින් එක්වරම දැනගන්න දේ- ඉන්ද්‍රිය දත්ත උදා:-වර්ණ, ශබ්ද, ආඝ‍්‍රාණ, තද බව, රළු බව ⋆මේවා එකපාරම දැනගන්න අත්දැකීම - සංවේදන ඒ අනුව පාටක් දකිනකොට අපි පාට පිළිබඳ සංවේදනයක් ලබනවා. ඒත් පාට කියන්නේ සංවේදනයක් නෙවෙයි. ඉන්ද්‍රිය දත්තයක්. පාට කියන්නේ අපි එකපාරටම දැනගන්න දේට අයිති දෙයක් විතරයි. සංවේදනය කියන්නෙ ඒ දැනගැනීමට. එතකොට අපි මේසය ගැන යමක් දැනගන්නවානම් ඒක සිද්ධවෙන්නේ අපිව මේසයට සම්බන්ධ කරන දුඹුරු පාට දිග හැඩය සිනිඳු බව ආදී ඉන්ද්‍රිය දත්ත මාර්ගයෙන්. ඒත් අපි සඳහන් කරපු හේතු නිසා මේසය කියන්නේ ඉන්ද්‍රිය දත්තයන්ය කියල හරි ඉන්ද්‍රිය දත්ත කියන්නේ කෙළින්ම මේසයේ ගුණයන්ය කියලා හරි කියන්න බෑ. එතකොට සැබෑ මේසයක් තියෙනවනම් ඒ සැබෑ මේසයට ඉන්ද්‍රිය දත්තවල ඇති සම්බන්ධය මොකද්ද කියන ප‍්‍රශ්නය හටගන්නවා.
සැබෑ මේසයක් තියෙනවනම් ඒ සැබෑ මේසයට අපි ‘‘භෞතික වස්තුවක්’’ කියමු. සියලූම භෞතික වස්තු ද්‍රව්‍ය යනුවෙන් හැඳින්වේ. ඒ අනුව අර ප‍්‍රශ්න දෙක නැවත මෙහෙම අහන්න පුළුවන්.
1)ද්‍රව්‍ය යනුවෙන් දෙයක් තිබේද?
2)තිබේ නම් එහි ස්වභාවය කුමක්ද?
ලයිබ්නිටිස් :- ද්‍රව්‍ය යනු යම් ආකාරයක ප‍්‍රාථමික මනස් රාශියක එකතුවකි.
අපේ ඉන්ද්‍රියයන්ට එක්වරම ගෝචර වන වස්තු අපෙන් ස්වාධීනව පවතින්නේ නැත. මේ මතය ඔප්පු කරන්නට හේතු ප‍්‍රබල ලෙස ඉදිරිපත් කළ දාර්ශනිකයා නම් බර්ක්ලේ බිෂොප්වරයා(1685- 1753)ය. ද්‍රව්‍ය යනු අදහස් රාශියක එකතුවකි.
‘‘අඥෙයවාදීන්ට හා අදේවවාදීන්ට විරුද්ධව හයිලෑස් හා ෆිලෝනූස් පැවැත්වූ සංවාද’’ නම් කෘතියේ ඇත්තේ ද්‍රව්‍ය ඇතැයි විශ්වාස කළ හයිලෑස්ට එය එසේ නොවන බව ඔප්පු කරන ෆිලෝනූස් අතර වන සංවාදයයි. මීට ෆිලොනූස් යොදන ඇතැම් තර්ක වැදගත් සප‍්‍රමාණ ඒවා වුවද ඇතැම් ඒවා දුර්වලය. වියවුල්ය. එය අභූත බවින් තොරව පෙන්වාදීමේ ගෞරවය බර්ක්ලේ දිනාගන්නේ ඒ නිසාය.
බර්ක්ලේ වර්ගයේ මතය තහවුරු කිරීමට යොදන තර්කය :- සිතන සෑම දෙයක්ම සිතන පුද්ගලයාගේ මනසේ පවතින අදහසකි. එහෙයින් මනසේ ඇති අදහස් හැර වෙනත් කිසිවක් ගැන සිතිය නොහැකිය. එහෙයින් ඉන් පරිබාහිර කිසිවක් ගැන සිතාගත නොහැකිය. සිතාගත නොහැකි දේ නොපවතී’’. ඒ අනුව චිත්ත චෛතසික හැරෙන්නට තථ්‍ය වූ කිසිවක් නැතැයි පවසන්නෝ විඥානවාදීහු වෙති.
එහෙම වුණත් මේ අය මනසට ප‍්‍රතිපක්ෂ වූ ද්‍රව්‍යයක පැවැත්ම ප‍්‍රතික්‍ෂේප කරන ගමන් වෙන විදියකට(වෙනත් අර්ථයකින්)ද්‍රව්‍යයේ පැවැත්ම පිළිගන්නෝ. අපි මුලින්ම ප‍්‍රශ්න දෙකක් ඇහුවනේ.1)සැබෑ මේසයක් කියලා එකක් කොහෙත්ම තියෙනවද? 2)තියෙනවනම් ඒක මොන විධියේ වස්තුවක්ද? කියලා......බර්ක්ලේයි ලයිබ්නිටිසුයි දෙන්නම සැබෑ මේසයක් තියෙනව කියල පිළිගන්නෝ. ඒත් බර්ක්ලේ කියන්නේ ඒක දෙවියන්වහන්සේගෙ ඹනසේ තියෙන නිශ්චිත දෙයක්ය කියලා. ලයිබ්නිටිස් ආත්ම රාශිියක එකතුවක් කියනෝ. ඒ දෙන්නම අපේ පළමුවෙනි ප‍්‍රශ්නෙට ඔව් කියනෝ. සාමාන්‍ය පෘථග්ජන අදහස්වලින් වෙනස් වෙන්නේ දෙවැනි ප‍්‍රශ්නෙට දෙන උත්තරෙන්.
ඒ කියන්නේ මේසෙ හැඬේ මොකක් වුණත් සැබෑ මේසයක් තියෙනවය කියලා දාර්ශනිකයෝ එක`ග වෙනවා.

Subscribe to:
Posts (Atom)