Thursday, 8 October 2015
බොර තෙල් : ආණ්ඩු පෙරලූ ජනමාධ්‍ය අයියලා පුවත්පත් මණ්ඩලය ගැන නි...
බොර තෙල් : ආණ්ඩු පෙරලූ ජනමාධ්‍ය අයියලා පුවත්පත් මණ්ඩලය ගැන නි...: ජනමාධ්‍ය මර්දනයට ආණ්ඩුවෙන් නිර්මාණය කරනු ලබන විවිධ යාන්ත්‍රණ කවර පාලනයක් ආවත් වෙනස් වෙන්නේ නෑ. මේ නිසාම ආණ්ඩුවේ මැදිහත්වීමක් නැතුව දේ...
ආණ්ඩු පෙරලූ ජනමාධ්‍ය අයියලා පුවත්පත් මණ්ඩලය ගැන නිහඬ ඇයි?
ජනමාධ්‍ය මර්දනයට ආණ්ඩුවෙන් නිර්මාණය කරනු ලබන
විවිධ යාන්ත්‍රණ කවර පාලනයක් ආවත් වෙනස් වෙන්නේ නෑ. මේ නිසාම ආණ්ඩුවේ මැදිහත්වීමක්
නැතුව දේශපාලන පලිගැනීම්වලින් තොරව ස්වයං නියාමනයක් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා
පත්තර ලෝකය හිතුවා. එහෙම හිතලා පුවත්පත් හිමිකරුවන්, ජනමාධ්‍ය සංවිධාන හා කර්තෘ
සංසදය යන පාර්ශ්ව තුන එකතු වෙලා ආයතනයක් පිහිටුවාගත්තා. ඒක තමයි ශ්‍රී ලංකා
පුවත්පත් ආයතනSri Lanka Press Institute ය.
ඒ යටතේ පිහිටුවපු ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමෙන් පත්තර
වාර්තා සම්බන්ධ පැමිණිලි බාරගනිමින් සමථ මණ්ඩලයක් විදියට කටයුතු කළා. ඒ යටතේ
පිහිටුව
2013 ජුනි 05 වැනිදා
එවකට යූ.එන්.පී පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා පුවත්පත් මණ්ඩල යෝජනා පනත්
විවාදයට සහභාගී වෙමින් ඒ ගැන කිව්වෙ මෙන්න මෙහෙම.
‘‘නිදහස් ස්වාධීන මාධ්‍යයක් ඇති කිරීම වෙනුවෙන් 2002 දී එක්සත් ජාතික පෙරමුණ රජය ක‍්‍රියා කළ ආකාරය සිහිපත් කළ යුතුයි.
එදා මාධ්‍ය ස්වාධීනත්වය, ගෞරවය ලබාදීම වෙනුවෙන් අපි කැප වුණා. අපි කතෘ සංසඳය සමඟ, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සමඟ, වෘත්තිය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමය සමඟ පුවත්පත්
ප‍්‍රකාශකයින්ගේ සංගමය සමඟ හා සිවිල් සමාජය සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඔවුන්ගේ
අදහස් සහ උපදේශ ලබා ගත්තා. ඒ අනුව පුවත්පත් ආයතනය (press institute) ස්ථාපිත කළා. එමෙන්ම ඒ තුළින් මාධ්‍යවේදීන්ට
පුහුණුව ලබාදීම මෙන්ම පාඨකයින්ගේ හා මාධ්‍යවේදීන්ගේ අයිතීන් රැකදීම සඳහා පුවත්පත්
පැමිණිලි කොමිසමත් ගොඩනැඟුවා. මේ තුළින් ස්වේච්ඡාවෙන් ස්වයං නියාමනයක් මඟින්
ගැටළු විසඳා ගත හැකියි. මේවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ලක්ෂණයි . මෙම දේවල් අඛණ්ඩව
ක‍්‍රියාත්මක කිරීම වෙනුවට මේ ආණ්ඩුව කළේ, කරමින් සිටින්නේ කුමක් ද?.“
එදා පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය අද
කතානායක වෙලා. ඒ වගේම එදා පුවත්පත් මණ්ඩලයට පක්ෂව හඬ නැගූ හා විපක්ෂ මත දැරූ ප්‍රධාන පක්ෂ
දෙක එක්ව හවුල් ආණ්ඩුවක් පිහිටුවාගෙන තිබෙනවා. ඒත් තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත
කරන්නට මරාගෙන මැරෙන සටනක් දුන් යූ.එන්.පීය එක අද වැඩි සද්දයක් නැතුව ආණ්ඩුවේ ඇමැතිකම්
දරන් ඉන්නවා.
මේ සියල්ල අතරේ ආණ්ඩුවේ උපදේශකයන්ගේ අනුශාසනා මැද පුවත්පත් මණ්ඩලය බලාත්මක කිරීම ගැන සම්මන්ත්‍රණ සංවිධානය වෙමින් තිබෙනවා. එවකට විපක්ෂයේ සිටි
එජාපය ඇතුළු සිවිල් සමාජ බලවේග සමඟ සටන් කළ ඇතැම් මාධ්‍යවේදීන් අද ඉන්නේ ආණ්ඩුවේ ලොකු පුටු හොබවමින්. පුවත්පත් මණ්ඩලය එපෝ යැයි කියමින් තොරතුරු දැනගැනීමේ අයිතිය දියාාාව් යැයි රාජපක්ෂ ආණ්ඩුවට බල කළ මේ උදවියගේ සටන්කාමී ප්‍රවේශය අද අපිට දකින්න නෑ.
මේ ආණ්ඩුවේ විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි කිසිදු කරුණක්
සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රතිපත්තිය දැනගැනීමට අපහසු වීම. මොකද පක්ෂ දෙකක ප්‍රතිපත්ති(ප්‍රතිපත්ති
ද හුදු කතා ද?) මඟින් පුරුද්දනු ලැබෙන බැවින් බොහෝ කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය
දෙමුහුන් වී තිබෙන හින්දා. එහෙම බැලුවාම පුවත්පත් මණ්ඩලයට එරෙහි වෙමින් ජනමාධ්‍ය නිදහස
වෙනුවෙන් සටන් කළ අතීත සගයන්ගේ මතයත් හයිබ්‍රිඩ් වෙලාද කියලා ජනමාධ්‍ය සමාජයට සිතීම තාර්කිකයි නේද?
Monday, 10 August 2015
තරුණ ජනමාධ්‍යකාරයන් රතුපස්වලට ගියේ ඇයි?
උසස් පෙළ විභාගය ලියන්නට සිහින දකිමින් සිටි තරුණ ජීවිත දෙකක් ද බිලිගනිමින් රතුපස්වල සිදු වූ මනුෂ්‍ය ඝාතනයට දැන් වසර දෙකකි. කටුනායක, හලාවත මෙන්ම රතුපස්වල ද හුුදු මරණයේ ද්වාරයක සංකේතයක් පමණක් වෙමින් බොහෝ සිත්වලින් මැකීයමින් තිබේ. එහෙත් සැබෑවටම රටට සැබෑ වෙනසක් වී ඇත්නම් මේ ම්ලෙච්ඡු සිදුවීම් පිළිබ`දව සොයාබලන්නට තරම් මේ සමාජය ශිෂ්ටසම්පන්න විය යුතු නොවේද? ජනවාරි 8 වෙනස කරන්නට පැමිණි දේශපාලකයන්ගේ එක් සටන් පාඨයක් වූයේ රතුපස්වලයි. ජය පතා කළ දේශපාලන ප‍්‍රචාරණයේදී දැන්වීම් හැටියට විකිනුණේ රතුපස්වල ජනයාගේ රුධිරයයි. ඒ නිසා විකිණූ රුධිරයටවත් මිලක් ගෙවීමට පාලකයන් ශිෂ්ටසම්පන්න විය යුතුය. නැතිනම් එකී සාධාරණය වෙනුවෙන් අරගල කරන තැනකට හෝ පොදුජනයා තල්ලු විය යුතුය.
සාධාරණය පතා අරගල කරන තැනකට පොදුජනයා තල්ලු විය යුතු යැයි අප කීවද එය ඒ තරම්ම පහසු කටයුත්තක් ද? නැත. එසේනම් ඊට හේතු කිම?

පසුගිය කාලය පුරාවටම ජලය, නිවාස, අධ්‍යාපනය, රැුකියා ආදී මූලික අවශ්‍යතා මුල්කරගනිමින් රටේ තැනින් නැත නැගුණු ජනවිරෝධයන් අපට සුලභව දැකගත හැකි විය. එහෙත් ඒවා බොහෝමයක් අවසන් වූයේ අවසන් විසදුමක් නොමැතිවය. විපරම්කාරී ලෙස සොයා බැලුවහොත් ඒ පසුපස ඇත්තේ නින්දනීය බල දේශපාලනය බව අපට පහසුවෙන් සොයාගත හැකිය. සිය ඡුන්දයෙන් පත්කෙරෙන නියෝජිතයන් සිය අවශ්‍යතා ගැන සැළකිල්ලක් නොදක්වන කල්හි කළයුත්තේ කුමක්දැයි පසුගිය කාලයේදී මේ රටේ ජනයාට තේරුම් ගියේය. එහෙත් අවාසනාවකට අවංක හැ`ගීමෙන් යුතුව රොද බැෙ`දන ජනයාගේ හිසේ නැග සිය බල දේශපාලන ව්‍යාපෘති දියත් කරගැනීමේ නින්දනීය දේශපාලනයක දේශපාලන පක්ෂ ද නිරත විය. ජනමාධ්‍ය හමුවේ දේශපාලන ප‍්‍රතිරූපය වර්ධනය කරගැනීමේ ලාබ දේශපාලනයක නිරත වූ ඇතැම් දේශපාලකයෝ රතුපස්වල ද එවැනිම රසමසවුලක් කරගත්හ. ප‍්‍රතිපලය වූයේ ජනමාධ්‍යට වෙනත් කාරණා රස මසවුලක් වෙද්දී ජනතා සේවකයෝ ද රතුපස්වලින් ඈත්මෑත් වීමය. ජනතා සේවකයන්ගෙන් ඈත් මෑත් වූ රතුපස්වල ජනයාට තමා හිසට තම අතමය යන පණිවුඩය ගෙන එහි යන්නට තරුණ ජනමාධ්‍යවේදීන් කටයුතු කරන්නේ ඉන් අනතුරුවය.
රතුපස්වල සංහාරයට වසර දෙකක් ගතවෙන තැන රතුපස්වල ගම්වැසියන් සමග අප සිටගත්තේ අරමුණු රැුසක් පෙරදැරි කරගෙනය. ජනමාධ්‍යවේදියාගේ පළමු ආරක්ෂකයා ජනසමාජයයි. ජනමාධ්‍යවේදියාට ජනමාධ්‍ය නිදහස ලැබෙන්නේ ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති නිදහස නමැති මූලාශ‍්‍රයෙනි. එහෙත් අවාසනාවකට මේ මූලික සංකල්පීය කාරණා පවා අද වනවිට ජනමාධ්‍ය සමාජයෙහි බොහෝ පැණසර යැයි කියන පුද්ගලයෝ පවා නොදනිති. මේ නිසාම ජනමාධ්‍යකරණයට පිවිසෙන නවකයෝ ද ජනමාධ්‍ය යනු රටේ පාලකයන් සමග හිටගෙන කරන දෙයක් හැටියට වැරැුදි පූර්වාදර්ශයන්හි පිහිටා කටයුතු කරති. රතුපස්වල ජනයා සමග තරුණ ජනමාධ්‍යවේදීන් සිටගැනීමේ මුඛ්‍ය අරමුණක් ගැටගැසෙන්නේ මෙම ප‍්‍රතිසංස්කරණමය වුවමනාව සමගින් යැයි කීවොත් එහි වරදක් නැත. ඒ අනුව රටේ දේශපාලන තිරය පසුපස සිදුවන බොහෝ දෑ විනිවිද දකින්නන් හැටියට තමන්ට තම වෘත්තියට නිදහස සම්පාදනය කරන පොදුජනයාට අත්වැලක් විය හැකි මගක් අපි සොයමින් සිටිමු. රතුපස්වල යනු එකී සමාජ සාධාරණත්වයක් සදහා වූ සටනේ බිහිදොර ය. ගමන ඇත්තේ බිහිදොරින් ඉක්බිතිය. ඉතින් ඒ ගමන සිතන තරම් සුන්දර යැයි අපි නොසිතමු. එහෙත් පොදු ජනයා සමග ඒකාබද්ධ වූ එකී ප‍්‍රතිසංස්කරණාත්මක අලුත් ගමන ජීවයෙන් පිරුණු එකක් වනු ඇති බව නම් නිරනුමානය. ඉතින් අපි රතුපස්වලට සාධාරණයක් ඉටුකරමින් ඊට ප‍්‍රාණය පිඹිමු.

(තරුණ ජනමාධ්‍යකාරයන් රතුපස්වලට ගියේ කවර අරමුණකින්දැයි එක්වරම අප ගැන නොදන්නා කෙනෙකුට පැනයක් මතුවෙන්නට පුළුවන. මේ අප ගැන වූ කෙටි හැදින්වීම ඒ සහෝදරත්වයටයි..
තරුණ ජනමාධ්‍යකාරයන් කියන්නේ කවුද?
Wednesday, 10 June 2015
මොකද්ද බොල තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියන්නේ?
සුදුසුකම් නැතුව ඉතාම පහසුවෙන්න කරන්න පුළුවන් රස්සා දෙකක් තියෙනවා කියලයි රටේ ප‍්‍රසිද්ධ. එකක් දේශපාලනය. අනෙක ජනමාධ්‍ය. ඒක එහෙමමද කියලා හොයනවට වඩා යම් පමණෙකින් හෝ එය ඇත්ත නම් ඒකට උත්තරයක් හොයන්න අපිට ඕන වුණා. ශ‍්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය බිහිවෙන්නේ ඒ අනුවයි. ඒ සමග බැඳුණු තවත් හේතු ගණනාවක් තිබුණත් මම කිව්ව කාරණය මූලික හේතුවක් වුණා. ඒකයි ඒ ගැන මෙතැන ලිව්වේ.
ඇත්තටම තමන් වැඩ කරන ක්‍ෂෙත‍්‍රය හැර අනෙක් සියලු ක්‍ෂෙත‍්‍රයන්හි දොස් දකින්න නුගුණ කියන්න දක්ෂයන් බහුතරයක් ඉන්න රටක් මේක. විශේෂයෙන්ම මේ සියලු විපත්ති කරදර වෙන්නෙ තමන් හැර සෙසු සමාජය නිසාය යන ආකල්පය අපේ ඇගපත පුරාම මුල්බැහැගෙන තියෙන්නෙ. හැබැයි හැම දෙනාම අවංකවම හිතලා තම තමන්ගෙ ක්‍ෂෙත‍්‍රවල අභ්‍යන්තර ප‍්‍රතිසංස්කරණ සඳහා පෙනී ඉන්නවා නම් දේශපාලකයටම සියල්ල පවරන්න ඕන නෑ..
තීරණාත්මක කාලපරිච්ඡෙදවල බිහිවෙලා ඉදිරියට ඇවිත් කිසියම් කාර්යභාරයක් කරපු ජනමාධ්‍ය සංවිධාන කීපයක්ම මේ රටේ තිබෙනවා. ඒත් ඒ බොහෝ සංවිධානවල සැකැස්ම ගත්තොත් ඒවා පරණ වෙලා. ඒ වගේම ඒවායේ නියෝජනයත් පරණ වෙලා. තරුණ පිරිස ඒ වටා රොඳ බැඳගන්නෙ නැති තරම්. සමස්ත සමාජය පුරාවට පැතිරිලා තිබුණු අවිශ්වාසය ජනමාධ්‍ය සංවිධාන කෙරෙහිත් එල්ල වෙලා. ඒ කවර සීමාසහිතකම් තිබුණත් එකී සංවිධානවලිනුත් මේ රටේ ජනමාධ්‍ය ක්‍ෂෙත‍්‍රයට සැළකිය යුතු වටිනාකම් හා ඇගයීම් රාශියක්ම එකතු වුණා.
දැන් අපි ගැන කතා කරනවා නම් අපේ ඉලක්කය අපේ ක්‍ෂෙත‍්‍රය ප‍්‍රතිසංස්කරණය කරගැනීමයි. කෙටියෙන් කිව්වොත් රෙද්දක් ඇදගෙන රස්සාව කරන්න පුළුවන් තත්ත්වයට ඒකට කිසියම් හෝ පරිවර්තනයක් අත්පත් කරගැනීමයි. ඒක මෙහෙම මියනවා වගේ පහසු ක‍්‍රියාවලියක් නෙවෙයි. වැඩසටහන් හතර පහකින් ළගා විය හැකි ඉලක්කයකුත් නෙවෙයි. දුරදර්ශීව හිතලා අවංකව කැප වෙලා කළ යුතු බුද්ධිමය ගනුදෙනුවක ප‍්‍රතිපලයක්. ඇත්තටම පුළුල් හා ගැඹුරු වැඩක්.
එතැනදි අපිට උදවු ඕනෑ සමාජ කොටස් රාශියක්ම සිටිනවා. විශේෂයෙන්ම පොදු සමාජය. අපිට හරිම වැදගත්. මොකද පොදු සමාජයේ කොටසක් ලෙස තමයි අපිත් ඉදිරියට එන්නේ. විශේෂයෙන්ම අවංක විවේචනය වැදගත්. සංවිධානයක් හැටියට ඒ විවේචනයට දොරගුළු අපි විවරකරලයි තිබෙන්නේ. කාලාන්තරයක් තිස්සේ පොදු සමාජ අගතීන්ගෙන් ව්‍යාධීන්ගෙන් රෝග පීඩාදියෙන් පෙලෙන ජනමාධ්‍ය ක්‍ෂෙත‍්‍රයට බෙහෙත් කරන්න තමයි මේ උත්සාහය. ඒ වෛද්‍ය භූමිකාවෙ එක කලාපයක් ඔබට බාරයි..
(මේ අපි අන්තිමට කළ වැඬේ)ඔන්න පාර..
මේක ගැඹුරු සාකච්චාවක්..දැනට ඒ ආරාධනාව කරන්නම්..අපි කරපු වැඩ හා අපේ දර්ශනය ගැන ඉදිරියේදී කතාකරමු..දැනට මේ සහෝදරත්වයේ ආරාධනාව බාරගන්න..
Monday, 8 June 2015
අස්ගිරි මහ නාහිමියන්ට මහින්ද බය වේවි ද?
ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගේන්නේ ඇයි කියලා සවිස්තරාත්මකව නිවේදනයකින් කිව්වේ මහින්ද රාජපක්ෂ. ඒ කියන්නෙ විශ්වාසභංගය ගේන අයවත් නෙවෙයි. ජනාධිපතිවරණෙන් පැරදිලා ගෙදර ගියපු හිටපු ජනාධිපති. පොඩ්ඩක් කලබල වුණා වැඩිද මංදා. මහින්ද මහත්තයාගෙ ඉක්මනට බළලා මල්ලෙන් එලියට පැන්නා. එතකොය විශ්වාසභංගෙ කාගෙ වැඩක්ද කියලා වැඩේ දැන් ක්ලියර්නෙ.
විශ්වාසභංගෙ අයිතිකාරයා...
ඒක එහෙමයි කියමුකෝ. මේ අතරේ රටේ මහනාහිමි කෙනෙකුත් තමන්ගේ නිල මතය රටට කියනවා. හැබැයි මහනාහිමියන් කියන්නේ තාම නිල බලේ ඉන්න කෙනෙක් මිස ගෙදර ගිය කෙනෙක් නෙවෙයි. මේ කතාව කියන්නේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක ගලගම ශ්‍රී අත්ථදස්සී මහ නාහිමියෝ...
අත්ථදස්සි නාහිමියන් කියන කතාව
නාහිමියන්ගෙ කතාවට අනුව නම් දැන් තියෙන්නෙ ජාතික ආණ්ඩුවක්. මෙහෙම වෙලාවක අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙනඒම තමන් අනුමත කරන්නේ නෑ කියලයි උන්වහන්සේ කියන්නේ. එතකොට හිටපු ජනාධිපතිටත් දැන් ඉන්න මහනාහිමි කෙනෙකුගෙන්ම උත්තරයක් ලැබිලා තිබෙනවා.
කුකුල් මස් සාදන ආකාරය කියන අතරේ වුණත් අපේ හාමුදුරුවනේ කියලා නිරායාසයෙන් කියවෙන්න තරම් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳ වූ සිත් ඇති අපේ හිටපු ජනාධිපතිට ඔන්න මහනාහිමි කෙනෙකුගෙන්ම උත්තරයක් ලැබිලා තිබෙනවා. ඉතින් මහින්ද රාජපක්ෂ ගලගම අත්තදස්සි නාහිමියන්ගේ වදනට කීකරු වේවිද? ඕක තමයි බලන්න ඕනේ..
හැබැයි ඕක බලන්න ඕනේ මේ බෞද්ධ නඩේ පරණ කෙරුම්වලින්ම මිස කියන කතාවලින් නම් නෙවෙයි. සරත් ෆොන්සේකා හිරේ විලංගුවේ දාන්න එපාය කියලා ත්‍රෛනිකායික නාහිමිවරු නිවේදනයකින්ම කියලත් රාජපක්ෂ මහත්තයා වැඩ කරපු හැටි අපට අමතක නෑ.. දළදා මාළිගාව වටේ රේස් පදින්න දෙන්න එපාය කියලා මල්වතු අස්ගිරි නාහිමි දෙපළ කට කැඩෙනකන් කිව්වත් ජය සිරිමා බෝධියේ ඔළුව ගහගෙන පොටෝවලින් පත්තර පුරවපු මේ මහා බෞද්ධයා වැඩ කළ හැටි අපට අමතක නෑ.. තමන්ගෙ දේශපාලන මතයට වෙනස් මතයක් දරපු නිසා මිහින්තලේ රාජමහා විහාරයට සළකපු සැලකිල්ල මිහින්තලේ මිනිස්සු දන්නවා. මේ විදියට කියන්න ගියොත් අපේ හාමුදුරුවනේ කිය කියා රඟන මේ නළු දේශපාලන බලවේගය අපේ හාමුදුරුවන්ට ඇට්ටි නෙවෙයි කුරුම්බැට්ටිත් හැලෙන්න සළකපු සැලකිල්ල රටම දන්නවා.
අනේ ඉතින් දැන් මේ අස්ගිරි මහානාහිමියෝ දෙන පණිවුඩේ ආයෙත් අදාළ වෙන්නේ මේ ඊනියා බෞද්ධ නඩේටම තමයි. මොකද විශ්වාසභංගය ගෙනඑන හේතුව තතු ඇතිව පහදලා දීලා ඒකෙ නිල අයිතිකාරයා තමන් කියලා රාජපක්ෂ මහත්තයා රටටම කියලා තිබෙන නිසා.. ඔළුවක් තියෙනවා නම් මන්ත්‍රීවරු ඔහොම කරන්නේ නෑ කියලයි මහනාහිමියන් කියන්නේ..දැන් අපිට බලන්න පුළුවන් ඔළු තියෙන අය කවුද කියලා.. ඒ වගේම රාජපක්ෂ කල්ලිය සවන් යොමුකරන්නේ මොන පැත්තටද කියලයි.. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිට ද ගලගම අත්ථදස්සි නාහිමිට ද?

Thursday, 21 May 2015
අලුත් පරපුර හා යුද සැමරුම....
ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නෑ. බුදු දහමේ දාර්ශනික හරය සරල ගැමි වහරින් කියැවෙන මෙමඟින් හඟවන්නේ මැදුම්
පිළිවෙත. ඕනෑම දෙයක අසීමාන්තික බව හේතුවෙන්නේ උන්මාදයකට. රැලි සේ සමාජයේ රළ නැගෙන
විවිධ ප්‍රවණතාවල ද බොහෝවිට දකින්නට තිබෙන්නේ මේකමයි. ඇතැම් උන්මාදයන් අහිංසකයි.
ඇතැම් ඒවා හාස්‍යජනකයි. කාලයක් චේ මෙන් තොප්පි පළඳින තරුණයෝ තවත් කාලයකදී බොබ් මාලේ
මෙන් කොණ්ඩය වවනවා. නැත්නම් බෙකම් අනුගමනය කරනවා. එහෙමත් නැත්නම් ශිහාන් මිහිරංග
එතැනට එනවා. තරුණියන් ද ඊට දෙවැනි නෑ.. එහෙත් කොණ්ඩා මෝස්තර, ඇඳුම් නිර්මාණ
ආදිය මෙන් සෑම උන්මාදයක්ම එසේ අහිංසක නෑ. ඇතැම් ඒවා මාරාන්තිකයි. ජන සමාජයක සමගියට සමාදානයට අන්තරායදායකයි. එහෙත් ආකර්ශනීය
මිථ්‍යා මතවලින් ඔතා ගත් කළ කවර සර්පයකු වුවද දෂ්ට කරනතුරු අපි දන්නේ නෑ. බොහෝවිට
එවැනි උන්මාදයන් අත්වැල් බැඳගන්නේ රටේ දේශපාලනය එක්කයි. එහෙම අතිශය නරක ලෙස ප්‍රවණතාවක්
ලෙස වර්ධනය කරන්නට දේශපාලකයන් උත්සාහ ගත් උන්මාදයක් හැටියට යුද්ධෝන්මාදය හඳුන්වන්න පුළුවන්.
යුද්ධය කොතැනක කවර පරිමාණයෙන් කවුරුන් විසින් කා
හට එරෙහිව දියත් කරනු ලැබුවත් එහි පලය නම් මිහිරි එකක් නෙවෙයි. ශිෂ්ටසම්පන්න
කවර සමාජයක් වුවත් අලුයම ලූ කෙල පිඩක් වගේ යුද්ධය බැහැර කරන්නේ මේ විශ්ව සත්‍ය
හින්දයි. ඒත් දේශපාලනයට ඕනෑම දෙයක් ඔලුවෙන් හිටවන්න පුළුවන්.
විශේෂයෙන්ම නොදියුණු
රටවල පවතින පසුගාමී ජන හද මනස ඉතාම ලාබයට කළඹන්නට දේශපාලනයට පුළුවන්. පැණසර නොවන
දේශපාලකයන් ඒ සඳහා පාවිච්චි කරන්නේත් සමාජයට අන්තරායකාරී දෘෂ්ටිමය අවි ආයුධ. ඒ
හුදෙක් බලය සඳහාමයි. පසුගිය කාලයේදී ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවටත් එවැනිම අන්තරායකර
ඖෂධයක් පාලක ප්‍රජාවත් ඒ හා අත්වැල් බැඳගත් විවිධ අනුගාමික කොටසුත් එන්නත් කළා. ඒ
තමයි යුද උන්මාදය. පාලකයන්ට නම් එය දිව ඔසුවක්ම වුණා. මොකද රැකියා වියුක්තිය,
ආර්ථික පීඩනය ආදිය නිසා ආතතියට ලක්වන තරුණ ප්‍රජාවට සිය පීඩනය මුදාහරින මඟක්
බවට හිංසනය පත්කරන්න පුළුවන් නිසා. එතකොට තමන්ගෙ පීඩනේ මුසල්මානුවගේ හරි දෙමළාගේ පිටින් හරි යවන්න තරුණයන්ටත් පුළුවන් වුණා.
ඒකෙන් අන්තිමේදි නිර්මාණය කරන්නේ සාහසිකත්වයේ විෂම චක්‍රයක්
වුවත් පෙරලා ඒකත් දේශපාලනිකව සිය මතවාදය ශක්තිමත් කරන්නට දේශපාලකයන් නොමසුරු වුණා.
දැන් රටේ දේශපාලන තත්ත්වය වෙනස් වුණත් නුවර,
ගම් නියම්ගම් ගිනි තැබූ පැරැණි පන්නයේ හනුමා නැටුම් අදටත් ඇතැම් තැනකින් හිස
ඔසවන්නට කැස කවන බවක් පේනවා. එහෙත් ඒ හනුමාලාට දැන් ප්‍රශ්නයක් මතුවෙලා. මොකද දේශපාලන
හයිය හත්තිය නැති වුණාම මූල්‍ය ප්‍රාග්ධනයත් අහිමිවෙද්දී විශාල වශයෙන් තරුණ ප්‍රජාව ඒකරාශි
කරගැනීමට තිබුණු ශඛ්‍යතාවය දියවෙනවා. ඒ වෙනුවට තරුණ පරපුරත් යුද්ධයට එරෙහිව
කතාකිරීම මේ ව්‍යාපෘතිධාරීන්ගේ ඇසට කටු අනින දසුනක් වෙලා. තරුණ කලාකරුවන්, නාට්‍යකරුවන්,
සාහිත්‍යකරුවන් ඇතුලුව විවිධ ප්‍රකාශන මාධ්‍යන්හි දක්ෂ පක්ෂකම් ඇති සමාජ සංවේදී
තරුණ තරුණියන් පිරිසකගෙන් සැදුම්ලත් අලුත් පරපුර සංවිධානය යුද සැමරුම් වෙනුවට
සහෝදරත්වයේ සැමරුමක් කරමින් පසුගියදා එවැනි වැඩකට අතගසාතිබුණා. වැඩේ තිබුණේ නෙළුම් පොකුණ ඉස්සරහ. ඒ හරියටම මැයි 19
වැනිදා. අලුත් පරපුර ප්‍රශ්නකර තිබුණේ යුද්ධයක අවසානයක් මිස ජයග්‍රහණයක් තිබේද කියලයි.
ඇත්තටම මේ ප්‍රශ්නය වඩාත් අධිසංවේදී විදියට ජන සමාජයෙන් ඇහුවේ අහිංසාවාදී
දහමක් ලොවටම දායාද කළ බුදු රජාණන්වහන්සේ. එහෙත් පෙර කී ලෙසටම යුද්ධය උන්මාදයක්ව
අවිද්‍යා කැට මුගුරු අතට ගත් ජාතිවාදී ධාරාවෝ කිසිවිටෙක් බුදු වදන සිහිපත් කරන්නට
උත්සාහ කළේ නෑ. ජාතිකානුරාගය මුවාවෙන් ජාතිවාදී
නෙයියාඩම් නටමින් සමස්ත ජන මනසම දිය සුළියක් සේ කළම්භනය කරලා ඡන්ද ගැරීමේ සටන තමයි ඔවුන් ඊට වඩා උතුම්කොට සැළකුවේ.
ජනමාධ්‍යත් දේශපාලන අධිකාරිවාදයත් එකට මුසු වූ කළ
ඇතිකරනු ලබන මතවාදී බලපෑමට මුහුණදීමට තරම් අදටත් අපේ පොදුජන සමාජය ශක්තිමත් නෑ. දේශපාලකයාට ගැතිකම් නොකරන ස්වාධීන බුද්ධිමතුන්ගේ අඩුව ඒකට හේතුවක්. මේ නිසා බැලූ
බැල්මට සත්‍ය සේ පෙනෙන දේ වුණත් කොට්ටඋරයක් වගේ නොපිට ගසා පැත්ත පෙරලා බොරුවකට
පරිවර්තනය කරන්නට දේශපාලකයාට පුළුවන්. යුද්ධය අවසන් වුණාට පස්සෙත් යුද්ධය පැවැති
කාලයට වඩා සද්දයෙන් යුද්ධය සමරන්නට දේශපාලකයන්ට දැඩි කැක්කුමක් හටගෙනතිබුණේ මේ
දේශපාලන ව්‍යාපෘතිය නිසයි.
දැන් යුද්ධය නිමාවෙලා සය වසරක් ගතවෙද්දී අලුත් දේශපාලන පරිසරය එක්ක තරුණ පරපුරටත් ස්වාධීනව වැඩකට අතගහන්න අවස්ථාවක් උදාවෙලා. අන්න එතැනදි තරුණ
පරපුර හැටියට ආපසු හැරී බැලිය යුත්තේ යුද්ධයේ ශේෂ පත්‍රය කුමක්ද කියලයි. උතුරින්
නැගෙනහිරින් දකුණෙන් විතරක් නෙවෙයි රට වටින්ම රෑ මැදියමේ ඇසෙන තරුණ වැන්දඹුවන්ගේ ශෝකී ගී
රාවයට ඔබ කවුරුන් හෝ අද වනතුරු සවන් දුන්නාද? අත පය ඇහැ කණ අහිමිව ජීවිතයේ
අඩක් දරාගෙන නිවාසවලටම සින්න වී සිටින සිංහල දමිළ තරුණයන්ගේ හදවත් අභ්‍යන්තරයෙන්
නැගෙන වේදනාකාරී හඬට සවන් යොමුකළාද? යුද්ධයේ ප්‍රමුඛ ප්‍රතිපලයක් ලෙස නිෂ්පාදනය
කරන ලද්දා වූ මවුපියන් අහිමි දරු සිඟිත්තන්ගේ හුදෙකලා වූ ආත්මයන් සමඟ කෙටි වේලාවක්
හෝ ගතකළාද? අතින් සටන් පාඨ උසුලාගෙන කටින් බතල කොල හිටුවන තුංමුල්ලේ
දේශප්‍රේමී දේශපාලකයන්ගෙන් තරුණ පරපුර අහන්න ඕනෑ මේවයි.
රජ කාලේ රජුන් අතරම ද්වන්ධ සටන් ගැන අහල තිබුණත් අද කාලේ යුද්ධයක් ඇතිවුණොත් පෙරමුණට යන රජ පුතුන් ගැන කිසිදු තැනක සඳහන් වෙලා
නෑ. ගියත් ලංකාවෙ යුද්ධෙ නම් උන් යන්නේ රාජකීය හමුදා පුහුණුව ගන්න වෙන රටකට. වෙඩරු, කිරි, ගිතෙලින් කවා පොවා රජ සැප දී හැදූ වැඩූ සිය දූ පුතුන්ට එවැනි
වේදනාවක් දෙන්නට කිසිදු දේශපාලක අම්මෙක් අප්පෙක් කැමැති නෑ. ඇත්ත ඒකයි. ඒත් යුද්ධ කරන්නට නම් කොල්ලන් කෙල්ලන් ඕනෑ. සැප සිරි දී නෙක අදරින් වැඩු දරුවන් කරදිය
ගැඹරෙන් එතෙර යවලා යුද්ධ කරන්නට අවශ්‍ය මානසිකත්වයට දුප්පත් දුවා දරුවන්ගේ මනස
සන්නද්ධ කරන්නේ ඒ හින්දයි. අල්ලස් කොමිසමේ නම කියනවිට දණ බිම ඇණෙන මට්ටමට බයවෙන දේශපාලකයන්ගේ ඇත්ත වීරාභිවන්දනයක් අද දවසේ වඩ වඩාත් අවශ්‍යයි කියලයි මට හිතෙන්නේ. සිය දේශපාලන ව්‍යාපෘති පරාජයට මෙන්ම පාරාජිකාවට
පත්වද්දී නැවතත් යුද උන්මාදය නමැති හනුමාන්ට අත තබන්නට ඔවුන් උත්සාහ කරන්නේ ද මේ
හෙළිදරව්වට ඇති බිය නිසාමයි. කෙසේ වෙතත් එවැනි පසුබිමක යුද්ධය පිළිබඳ අලුත්
පරපුරේ වෙනස් කියවීම විශිෂ්ට වෑයමක් බව නොකියා වටේ යෑම කුහකකමක්. එහෙත් එතැනින්
පමණක් අලුත් පරපුරට සිට විෂය පථය සීමාකරගන්නට බෑ. දැන් ඔවුන් කරන්න ඕනෑ යුද්ධයෙන්
සැබැවින්ම පීඩාවට පත් වින්ධිතයන්ගේ සැබෑ සමාජ, ආර්ථික, සංස්කෘතික ප්‍රශ්න ජනගත
කිරීමයි. යුද වෙළෙන්ඳන්ගෙන් ද සාම වෙළෙන්ඳන්ගෙන් ද ඔවුන්ට වෙනස් මගක් ගන්න එතකොට පුළුවන්. මේක සහෝදරාත්මක යෝජනාවක්. පුළුවන් නම් ගන්න.
Tuesday, 12 May 2015
මහින්ද බලන්නට ආ ජනතාව කවුද?
‘‘මම තනතුරු ඉල්ලුවේ නැහැ. ඉල්ලන්නෙත් නැහැ. තනතුරු ජනතාව තුළින් ඉල්ලන දෙයක්. ජනවාරි 09 වැනිදා ජනතාව ඇවිත් මාව හමුවුණා. ජනතාව වියදම් කරගෙන මාව බලන්න ආවා. මට හිතුණා මා විසින් වියදම් කරගෙන පන්සල්වලට, දේවාලවලට ඇවිත් ජනතාව හමුවන්න. ඇත්තටම මේ දවස්‌වල ජීවත්වන්නේ පන්සල්වල, දේවාලවල.“....... මහින්ද රාජපක්ෂ
මේ
පෙරේදා(10) හික්කඩුව සීනිගම දේවාලයට ආපු මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යට කියපු කතාව. ඇත්තටම මේ කතාව දැක්කාම හිතුණේ ලංකාවේ ජනාධිපති ධූරය සම්බන්ධයෙන් තාමත් මහින්ද රාජපක්ෂ නම් පාඩමක් ඉගෙනගෙන නැති පාටයි. තනතුරු ඉල්ලන්නේ නැතිව තනතුරුවලට පැමිණීමක් ආගමික ශාසනවල කෙසේවෙතත් දේශපාලනයේ නම් නෑ. දේශපාලනය කියන්නේම බලය සඳහා බලය පසුපස දිවයෑමක්. ඒ දිවයෑම නියතියක් නිසා තමයි මහින්ද රාජපක්ෂ තාමත් පන්සල් කෝවිල් ගානේ බඩගාන්නේ. එහෙම නැත්නම් ජීවිතයේ සැඳෑ කාලයවත් නිස්කලංකේ නිවාඩු පාඩුවේ ගතකරන්න ඔහුට පුළුවන් වෙන්න ඕනෑ. මේ නම් බලකාමයම මිස වෙන කිසිවක් නෙවෙයි.
දෙවැනි කාරණය තමයි ඔහු කියන ජනතාව. ජනවාරි 9 වැනිදා ඇවිල්ලා ඔහුව මුණගැහුණාය කියන ජනතාව. දේශපාලනයේදී සාමාන්‍ය ජනයා මුලාකරන ලෙස බස හැසිරවීමට ලංකාවේ බොහෝ දේශපාලකයන් දක්ෂයි. ඒ දක්ෂකම කියන්නේම අඩුදේශපාලනික දැනුමක් සහිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවම සංකල්පීය දැනුමක් සහිත සමාජයක ජයටම ඇතිකරගන්න පුළුවන් දෙයක්. ඇත්තටම ඒක දක්ෂකමට වඩා කපටිකම. මහින්දගෙ කතාව දකින සාමාන්‍ය මනුස්සෙයකුට වුණත් එක්වරම හිතට එන්නේ ඇත්තටම තාමත් මහින්ද එක්ක මිනිස්සු ඉන්නවා වගේ අදහසක්. ඒත් ඇත්ත නම් මේ රටේ අතිබහුතර ඡන්දයකින් ඔහුව පරාජයට පත්කරලා ගෙදර යවලා ඉවරයි කියන එකයි.
අතින් වියදම් කරගෙන පන්සල්, දේවාල ගානේ යන්නේ මිනිස්සු කරදරයක් වුණාම. ඒ වගේම තමයි ලංකාවේ දේවාලවලට යන සැළකිය යුතු පිරිසක් ඉන්නවා පාතාලයන්. පාතාලයොත් හොරුත් දූෂකයොත් දෙයියනේ කියලා සැප විඳලා ඉන්න හැටි දැක්කාම නම් දෙවියන් හා පාතාලය අතර ඇති සම්බන්ධය ශක්තිමත්දෝ කියලා හිතෙනවා. එහෙම බැලුවාම බලය තිබුණු කාලේ හැසිරුණු හැටි රෑට මතක් නොවෙන්න විදියකුත් නෑ නෙව. ඉතින් අතින් කාලා හරි පන්සල්, කෝවිල් ගානේ ගිහිල්ලාවත් හිත විරේක කරගන්න එකට නම් අපට දොසක් කියන්න බෑ.

Subscribe to:
Posts (Atom)