Wednesday 21 March 2012

ලංකාවේ සුප‍්‍රසිද්ධ ඉන්ටර්නැෂනල් පොරක් ජිනීවා දුටු හැටි

                 අධ්‍යාපනික මාධ්‍යක් විදියට ඉංග‍්‍රීසිය ලංකාව ඇතුලේ ප‍්‍රචලිත කරන්න මහත් වෙහෙසක් ගන්න ටියුෂන් ගුරුවරයෙක් වගේම ප‍්‍රධාන ධාරාවේ පත්තර ඇතුලේ බොහොම ලොකු සංවාදෙක නිරතවෙලා ඉන්න මහත්තයෙක් අපි නිකන් කතාකරන අතරතුරේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වූ ඇමෙරිකානු යෝජනාව ගැන වෙනස්ම අදහසක් පළ කළා. මට ඒ අදහස වෙනස් කියලා කියන්න හිතුණේ ලෝක දැනුම ලබාගැනීමේදී ඉංග‍්‍රීසිය කියන භාෂාමය යතුර අන්‍යයන්ට බෙදන මේ ගුරුවරයා වඩා අනම්‍ය සිංහල ජාතිකවාදී දෘෂ්ටියකින් මේ ප‍්‍රශ්නය දිහා බලපු හින්දයි. ඔහු යෝජනා කළේ ශ‍්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම කාලයක් රාජ්‍ය බලය හෙබවූවේ සිංහල ජාතිය බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළදී අවධාරණය කළ යුතු බවයි. ඔහු කිව්වේ මාඝ, එලාර වගේ පාලකයන් මෙරට පාලනය කළ කාලය ඉතිහාසයේ ඉතාම සුළු කාලපරිච්ෙඡ්දයක් බව කිසිවෙකු විසින් කවුන්සිලය මධ්‍යයේ මේ වනතුරුත් ඔප්පු කරනු ලැබ නොමැති බවයි. ඒ වගේම එයා අපට මේ කතාව කිව්වේ තීරණාත්මක මොහොතක රට බේරාගැනීමේ වඩාත් නවමු හා තාර්කික මාවත හෙලිකරගත් අයෙකු වගේ පුදුම උද්‍යෝගයකින්. මේ වගේ කතාවක් කියන්න පුළුවන් අතිබහුතරයක් අපේ රටේ ඉන්න බව ඇත්ත. ඒ වගේම මේක සිද්ධියට අදාළව තක්කාලියි බෝල්ට් ඇණයි වගේ අසම්බන්ධිත කතාවක් වුණාට ප‍්‍රශ්නය තිබෙන්නේ මේ කතාව කරන පුද්ගලයාගේ භූමිකාව නිසයි.
 
ඇත්තටම මට මේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මතුවෙච්ච ප‍්‍රධානතම කාරණා දෙකක් තිබුණා. එකක් බහුවිධ සමාජ මතවාද ලෝකය තුළ ඇති බව තේරුම්ගැනීමට අවශ්‍ය දැනුම් මාර්ගය විවර කරන අයෙකු මේ වගේ අධිපතිවාදී මර්දනීය අදහසක් දැරීමයි. අනෙක රටේ උගත්තු කියලා සිවිල් බලයක් හොබවන මේ වගේ අය කරන කතන්දරවලට පොදු ජනයා විසින් වටිනාකමක් ආරෝපණය කරනු ලැබීමේ භයානකකම යි.
උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම පිහිටුවන වටපිටාව හෝ එහි අභිලාශයන්වත් නොදැන කරන මේ වගේ අදහස් දැක්වීම් තමයි අපි අද රට පුරාම දකින්නේ. අඩුම ගානේ ජනතා නියෝජිතයො දන්නෙත් නෑ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ව්‍යුහය හා ක‍්‍රියාකාරීත්වය මොන වගේද කියලා. සිංහල බෞද්ධ ඡුන්ද ගොඩ වැඩිකරගැනීමේ බාල උපක‍්‍රමයක් විදියට කෙරෙන ගැලරිය අමතන කතන්දර හා මෝඩ චූන් රංගන හැරුණම වගකිවයුතු පාර්ශ්වයකින්වත් සත්‍ය ගැන කතිකාවක් ගොඩනැගෙන්නේ නෑ. 
http://www.blogger.com/blogger.g?blogID=6141678029775485709#editor/target=post;postID=8368566445283416862

Tuesday 20 March 2012

දර්ශනේ ඉගෙනගැනීමෙන් ලෝකය තේරුම් ගමු?

නියත ඥානයක් ලෝකයේ තියෙනවද කියන ප‍්‍රශ්නෙට කෙළින් උත්තරයක් දෙන්න තිබෙන බාධා වටහාගන්නකොට තමයි අපි දර්ශනවාදය හදාරන්න පටන්ගන්නේ. ඒ කියන්නේ දර්ශනවාදය කියන්නෙම ප‍්‍රශ්න අඳුරගන්න වැඩකට. හැබැයි ඒක නොසැලකිලිමත්ව ආධානග‍්‍රාහීව කරන්න බෑ. එහෙම අමාරු ප‍්‍රශ්න හදන හේතු මොනවද කියලා හොයලා අපි දරන සාමාන්‍ය අදහස්වලට යටින් තියෙන නොපැහැදිලි බවයි අවුල්බවයි වටගෙන තමයි ඒක කරන්න  ඕනේ.
සාමාන්‍ය ජීවිතේදි අපි ගොඩක් දේවල් නියත විධියට තමයි සලකන්නේ. ඒත් හොඳට බැලූවොත් ඒවායේ ප‍්‍රතිවිරුද්ධතා ගොඩයි. අපි ගොඩක් කල්පනා කළොත් තමයි ඇත්තටම අපි විශ්වාස කරන්නේ මොකද්ද කියලා තේරුම්ගන්න පවා පුළුවන් වෙන්නේ. ඒ කල්පනා කිරීම කරන්න වෙන්නෙත් වර්තමාන අත්දැකීම්වලින් (දැනට දන්න දේවල්වලින්) තමයි. ඒවායින් යම් දැනුමක් ගන්න පුළුවන් වුණත් ගොඩක් වෙලාවට අපි දැනගෙන ඉන්න දේවල්වලින් කරන ප‍්‍රකාශ වැරැුදියි.
උදාහරණයක් ගමු. මම ඉන්නේ යම්කිසි හැඩයකින් යුත් මේසයක් ළ`ග තියෙන පුටුවක වාඩිවෙලා. මොනව හරි ලියපුු කඩදාසි වගයක් මේසෙ උඩ තියෙනවා. ඔලූව හරවල බැලූවම ජනේලෙන් එහා පැත්තේ බිල්ඩින්ග්ස් වලාකුළු ඉර මට පේනවා. හිරු පෘථිවිය වෙතින් සැතපුම් මිලියන අනූ තුනක් දුරින් පිහිටා ඇතැයි ද පෘථිවියට වඩා කිහිප ගුණයකින් විශාල අති උෂ්ණ ගෝලයකියි ද පෘථිවියේ භ‍්‍රමණය හේතුකොටගෙන හිරු සෑම උදයකම පායතියි ද අනාගතයේ යම් අවිනිශ්චිත කාලයක් මුළුල්ලේත් එහෙමම සිදුවෙනවාය කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම කවුරුහරි ආවොත් මේ මේස පුටු පොත් ඔහුත් දකිනවය කියලා මම විශ්වාස කරනවා. මේව කොච්චර පැහැදිලිද කියනවා නම් මෙහෙම කියන්නවත්  ඕනේ නෑ කියලත් හිතෙනවා. අපි එහෙම හිතුවට මේ හැම දෙයක්ම සාධාරණ සැකයකට භාජනය කරන්න පුළුවන්. අපි ඒ දේවල් ගැන කියන දේවල් පූර්ණ සත්‍ය කියලා සහතික(නිසැක) වෙන්න නම් අපි ඒ ගැන පරීක්ෂාකාරීව සාකච්ඡුා කරලා ඉන්න  ඕනේ.
මේසයම උදාහරණයට ගමු. මේසය ගැන දන්න සාමාන්‍ය දේවල්  තමයි
පෙනීම-ඒක චතුරස‍්‍රාකාර දුඹුරු පාට දිලිසෙන වස්තුවක්.   දැනීම- සිනිඳු සිසිල් දැඩි   ශ‍්‍රවණය- තට්ටු කළ විට දැවමය ශබ්දයක්     මේසේ දකින ස්පර්ශ කරන තට්ටු කරන  ඕනෙම කෙනෙකුට මේ විස්තරය එක්ක එක`ග වෙන්න පුළුවන් නිසා ප‍්‍රශ්නයක් නෑ කියලා අපි හිතනවා. එහෙම හිතල සහතික වෙන්න ගියාම තමයි අවුල එන්නේ. උදාහරණෙකට මේසෙ හැමතැනම එකම පාට යයි කියල අපි විශ්වාස කළාට ආලෝකය පරාවර්තනය වන කොටස් අනෙක් කොටස්වලට වඩා ගොඩක් දීප්තිමත්නේ. පරාවර්තිත ආලෝකය හින්දා සමහර කොටස් සුදු පාටටත් පේනවනේ. ඒ වගේම මම ඉන්න තැනින් වෙන තැනකට ගිහින් බැලූවොත් ඒ දකින එකත් වෙනස් වෙනවා. ඒ කියන්නේ එකම වෙලාවේ මේසෙ දිහා කීප දෙනෙක් බැලූවොත් ඒ කිසිම පුද්ගලයෝ දෙන්නෙක්ට එකම වර්ණ පැතිරීමක් පේන්නෙ නෑ. ඒකට හේතුව පුද්ගලයන් දෙන්නෙකුට එකම දෘෂ්ටි කෝණයෙන් බලන්න බැරිවීම. දෘෂ්ටි කෝණෙ පොඩිහරි වෙනසක් වෙනකොට ආලෝකය පරාවර්තනය වෙලා තියෙන විධියෙත් වෙනසක් වෙනවා.
එදිනෙදා කරන ගොඩක් වැඩවලට මේ වෙනස්කම් වැදගත් වෙන්නෑ. හැබැයි චිත‍්‍රකාරයෙක්ට ඒක හරිම වැදගත්. ව්‍යවහාර බුද්ධියෙන් සමහර දේවල්වල ඇත්තටම තියෙනවාය කියලා විශ්වාස කරවන වර්ණ ඒ වස්තුවේ ඒ විධියටම නෑ කියලා ඒ වස්තූන් පේන ආකාරයෙන් ඒ දිහා බලන්න ඉගෙනගන්න චිත‍්‍රකරුවට සිද්ධ වෙනවා. මේකට තමයි පෙනීම සහ තථ්‍යතාව කියන්නේ. යම් දෙයක් පෙනෙන හැටි සහ ඇත්තටම ඒක තියෙන හැටි. මේක දර්ශනවාදයේ විශාල ගැටලූ උපද්දන බෙදීමක්. දාර්ශනිකයට වගේම ප‍්‍රායෝගික මිනිහට වැදගත් වෙන්නෙත් වස්තුවක් ඇත්තට තියෙන ආකාරය. හැබැයි මේ දෙන්නගෙන් අවශ්‍යතාව වඩා බලවත් දාර්ශනිකයගේ.
මෙච්චර වෙලා මේසෙ ගැන කරපු කතාවෙන් අපට පැහැදිලියි විවිධ දෘෂ්ටි කෝණවලින් විවිධ වර්ණ පේනව කියලා.  තවත් වෙනස්කම් තියෙනවා. කෘතිම ආලෝකය යටතේ කෙනෙක් බලද්දී, වර්ණාන්ධ පුද්ගලයෙක් බලද්දී, නිල් උපැස් යුවලක් දාන් ඉන්න කෙනෙක් බලද්දී එහෙම වෙනස් වෙන්න පුළුවන්. අන්ධකාරෙ බැලූවොත් කිසිම දෙයක් පේන්නේ නෑ. ඒ කියන්නේ වර්ණය කියන්නේ මේසේ සහජයෙන් තියෙන දෙයක් නෙවෙයි කියන එක. ඒක ර\ පවතින්නෙ මේසෙයි මේසෙ දිහා බලන කෙනයි මේසෙට ආලෝකය වැටෙන විධියයි අනුව. එතකොට අපි මේසෙ පාට කියල කියන්නේ සාමාන්‍ය ආලෝකයක් ඇති වෙලාවක සාමාන්‍ය පුද්ගලයකුට සාමාන්‍ය දෘෂ්ටි කෝණයකින් පේන පාටට. හැබැයි වෙනත් තත්ත්වන් යටතේ පේන අනෙක් පාටත් ඇත්ත පාට විධියට සලකන්න අයිතියක් ඒකෙන් නැති වෙන්නෙ නෑ. අන්න එතැනදි මේ දෙපක්ෂයටම අනිසි පක්ෂග‍්‍රාහී බවක් ඇතිවෙන එක වළක්වන්න මේසෙට විශේෂ පාටක් තියෙනව කියන එක ප‍්‍රතික්‍ෂේප කරන්න අපට සිද්ධ වෙනවා.

මේ කාරණා මේසයේ මතුපිටට ද අදාළය. පියවි ඇසින් බැලූවිට සිනිඳු සමතලා මතුපිට අන්වීක්ෂයෙන්  බැලූවිට රළු වල ගොඩැලිත් පේනවා. එතකොට වඩා තථ්‍ය මොකද්ද? මේසයේ හැඩයත් මේ වගේ. මේසයේ විරුද්ධ පැති දෙක සමාන්තරව පේනකොට බලන්නාගෙන් ඈතට යන යම් ලක්ෂයකදී ඒ දෙක එක්වෙනවා වගේ පේනවා. ඒ වගේම පැති දෙක සමාන දිගින් යුක්ත නම් වඩා ළ`ග පැත්ත දිග බවක් පේනවා. මේසයක් දිහා බැලූ බැල්මට මේ සියල්ල පේන්නෑ. ඒකට හේතුව ‘‘සැබෑ’’ හැඩය සකස් කරගන්න අපේ අත්දැකීම් අපට උගන්වලා තිබීම. ස්පර්ශ ශබ්දත් මේ විධියටම අදාළයි.
මෙහෙම බැලූවම අපි දැකීමෙන් ස්පර්ශයෙන් හෝ ශ‍්‍රවණයෙන් එක්වරම අත්දකින්නේ සැබෑ මේසයක් ඇත්නම් ඒ සැබෑ මේසය නොවන බව පැහැදිලියි. එතකොට සැබෑ මේසය (සැබෑ මේසයක් තිබෙනවානම්)අපට ඒක කිසිසේත්ම එක්වරම දැනගන්න බෑ. ඒක අපි එක්වරම දැනගන්නා දේ ආශ‍්‍රයෙන් අනුමාන කළයුත්තක් විතරයි. මේ අනුව ඉතාම දුෂ්කර ප‍්‍රශ්න දෙකක් එකපාර හටගන්නවා. 1)සැබෑ මේසයක් කියලා එකක් කොහෙත්ම තියෙනවද?   2)තියෙනවනම් ඒක මොන විධියේ වස්තුවක්ද?   මේ ප‍්‍රශ්න සලකල බලනකොට නිශ්චිත පැහැදිලි අර්ථ ඇති සරල වචන කීපයක් භාවිත කරන එක අපට පහසුවක්.
⋆සංවේදනවලින් එක්වරම දැනගන්න දේ- ඉන්ද්‍රිය දත්ත  උදා:-වර්ණ, ශබ්ද, ආඝ‍්‍රාණ, තද බව, රළු බව                              ⋆මේවා එකපාරම දැනගන්න අත්දැකීම - සංවේදන                                                                                                           ඒ අනුව පාටක් දකිනකොට අපි පාට පිළිබඳ සංවේදනයක් ලබනවා. ඒත් පාට කියන්නේ සංවේදනයක් නෙවෙයි. ඉන්ද්‍රිය දත්තයක්. පාට කියන්නේ අපි එකපාරටම දැනගන්න දේට අයිති දෙයක් විතරයි. සංවේදනය කියන්නෙ ඒ දැනගැනීමට. එතකොට අපි මේසය ගැන යමක් දැනගන්නවානම් ඒක සිද්ධවෙන්නේ අපිව මේසයට සම්බන්ධ කරන දුඹුරු පාට දිග හැඩය සිනිඳු බව ආදී ඉන්ද්‍රිය දත්ත මාර්ගයෙන්.     ඒත් අපි සඳහන් කරපු හේතු නිසා මේසය කියන්නේ ඉන්ද්‍රිය දත්තයන්ය කියල හරි ඉන්ද්‍රිය දත්ත කියන්නේ කෙළින්ම මේසයේ ගුණයන්ය කියලා හරි කියන්න බෑ. එතකොට සැබෑ මේසයක් තියෙනවනම් ඒ සැබෑ මේසයට ඉන්ද්‍රිය දත්තවල ඇති සම්බන්ධය මොකද්ද කියන ප‍්‍රශ්නය හටගන්නවා.
සැබෑ මේසයක් තියෙනවනම් ඒ සැබෑ මේසයට අපි ‘‘භෞතික වස්තුවක්’’ කියමු. සියලූම භෞතික වස්තු ද්‍රව්‍ය යනුවෙන් හැඳින්වේ. ඒ අනුව අර ප‍්‍රශ්න දෙක නැවත මෙහෙම අහන්න පුළුවන්.
1)ද්‍රව්‍ය යනුවෙන් දෙයක් තිබේද? 
2)තිබේ නම් එහි ස්වභාවය කුමක්ද?

ලයිබ්නිටිස් :- ද්‍රව්‍ය යනු යම් ආකාරයක ප‍්‍රාථමික මනස් රාශියක එකතුවකි.
අපේ ඉන්ද්‍රියයන්ට එක්වරම ගෝචර වන වස්තු අපෙන් ස්වාධීනව පවතින්නේ නැත.  මේ මතය ඔප්පු කරන්නට හේතු ප‍්‍රබල ලෙස ඉදිරිපත් කළ දාර්ශනිකයා නම් බර්ක්ලේ බිෂොප්වරයා(1685- 1753)ය. ද්‍රව්‍ය යනු අදහස් රාශියක එකතුවකි.
‘‘අඥෙයවාදීන්ට හා අදේවවාදීන්ට විරුද්ධව හයිලෑස් හා ෆිලෝනූස් පැවැත්වූ සංවාද’’ නම් කෘතියේ ඇත්තේ ද්‍රව්‍ය ඇතැයි විශ්වාස කළ හයිලෑස්ට එය එසේ නොවන බව ඔප්පු කරන ෆිලෝනූස් අතර වන සංවාදයයි. මීට ෆිලොනූස් යොදන ඇතැම් තර්ක වැදගත් සප‍්‍රමාණ ඒවා වුවද ඇතැම් ඒවා දුර්වලය. වියවුල්ය. එය අභූත බවින් තොරව පෙන්වාදීමේ ගෞරවය බර්ක්ලේ දිනාගන්නේ ඒ නිසාය.

බර්ක්ලේ වර්ගයේ මතය තහවුරු කිරීමට යොදන තර්කය :- සිතන සෑම දෙයක්ම සිතන පුද්ගලයාගේ මනසේ පවතින අදහසකි. එහෙයින් මනසේ ඇති අදහස් හැර වෙනත් කිසිවක් ගැන සිතිය නොහැකිය. එහෙයින් ඉන් පරිබාහිර කිසිවක් ගැන සිතාගත නොහැකිය. සිතාගත නොහැකි දේ නොපවතී’’. ඒ අනුව චිත්ත චෛතසික හැරෙන්නට තථ්‍ය වූ කිසිවක් නැතැයි පවසන්නෝ විඥානවාදීහු වෙති.

එහෙම වුණත් මේ අය මනසට ප‍්‍රතිපක්ෂ වූ ද්‍රව්‍යයක පැවැත්ම ප‍්‍රතික්‍ෂේප කරන ගමන් වෙන විදියකට(වෙනත් අර්ථයකින්)ද්‍රව්‍යයේ පැවැත්ම පිළිගන්නෝ. අපි මුලින්ම ප‍්‍රශ්න දෙකක් ඇහුවනේ.1)සැබෑ මේසයක් කියලා එකක් කොහෙත්ම තියෙනවද?   2)තියෙනවනම් ඒක මොන විධියේ වස්තුවක්ද?   කියලා......බර්ක්ලේයි ලයිබ්නිටිසුයි දෙන්නම සැබෑ මේසයක් තියෙනව කියල පිළිගන්නෝ. ඒත් බර්ක්ලේ කියන්නේ ඒක දෙවියන්වහන්සේගෙ ඹනසේ තියෙන නිශ්චිත දෙයක්ය කියලා. ලයිබ්නිටිස් ආත්ම රාශිියක එකතුවක් කියනෝ. ඒ දෙන්නම අපේ පළමුවෙනි ප‍්‍රශ්නෙට ඔව් කියනෝ. සාමාන්‍ය පෘථග්ජන අදහස්වලින් වෙනස් වෙන්නේ දෙවැනි ප‍්‍රශ්නෙට දෙන උත්තරෙන්.
ඒ කියන්නේ මේසෙ හැඬේ මොකක් වුණත් සැබෑ මේසයක් තියෙනවය කියලා දාර්ශනිකයෝ එක`ග වෙනවා.

Sunday 18 March 2012

එක්සත් ශිෂ්‍ය සංගමය හා පරිපාලනය අතර කසාදය

කොළඹ කැම්පස් එකට අලුතෙන් එන විද්‍යාර්ථින්ට අහන්න ලැබෙන ජනප‍්‍රිය මතයක් තමයි කොළඹ කැම්පස් එක නිර්දේශපාලනිකයි කියන එක. දේශපාලනයේ අයන්න ආයන්න කියවපු  ඕනම කෙනෙකුට මේ කතාව පට්ට ජෝක් එකක් වුණාට මේ මතවාදී ධජය උස්සන් හැටට හැටේ දුවන දේශපාලන විද්‍යා විශේෂවේදියෝත් මේ අය අතර ඉන්නවා. මේ මතයට මූල බීජය සපයන්නේ පිරිමි හොස්ටල් එක නොහොත් කිත්‍යාගරේ. ආරම්භයේදී මේ නිර්දේශපාලනික කොඩිය මතුවෙන්නේ තෙලවල කියලා කලින් තිබුණු හොස්ටල් එකේ මතය(අ:වි:ශි:බ:ම ට සහාය දැක්වීමේ)ට අභියෝග කිරීමේ උපක‍්‍රමයක් හැටියටයි. අන්තරේ මතය ගෙනියන පොදු ශිෂ්‍ය සංගමයේ දේශපාලනික නිජබිම වුණේ තෙලවල. අන්තරේ කියන්නේ කොහොමත් ලංකාවේ විශ්වවිද්‍යාල පරිපාලනේට නයාට අඳුකොල වගේ නිසා කිත්‍යාගරේ තමන්ගෙ න්‍යායික සගයෙක් කරගන්න කොළඹ විශ්වවිද්‍යාලීය පරිපාලනය පැකිලෙන්නේ නෑ. මේ අතර අන්තරේට සහයෝගී පොදු ශිෂ්‍ය සංගමයත් සිය පක්ෂ දේශපාලනික න්‍යාය පත‍්‍රය දිගහරිනවා. ඒ 2009 අවුරුද්දේ මැද. මේ කණ්ඩායම් දෙකම නවකයන් තමන්ගෙ පැත්තට හරවගන්න විවිධ උපක‍්‍රම පාවිච්චි කරනවා. තෙලවල අය ඔරියන්ටේෂන්වලටත් කලින් නවකයන්ව දිශානුගත කරන්න හිතාගෙන කොළඹට තේරුණු නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ඒ අයගෙ හෝම් ටවුන්වලම සම්මන්ත‍්‍රණ සංවිධානය කරනවා. මට හිතෙන්නේ ඒක ජේ.වී.පී එක කල්තියා හදල දීපු ප්ලෑන් එකක් කියලයි. මේක දැනගන්න වීසී(මැඩම්) මෙන්න මෙහෙම දැන්වීමක් පලකරනවා. පත්තරවල ඒක නිව්ස් එකක් විදියටත් පළකරනවා.
විශේෂ දැන්වීමයි
ශාස්ත‍්‍ර පීඨයේ පළමු වසර සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත,
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨයේ නවක සිසුන් සඳහා විශ්වවිද්‍යාලයෙන් පිටත කිසිදු සම්මන්ත‍්‍රණයක් හෝ දේශනයක් සංවිධානය කර නොමැති බව දන්වා සිටින අතර, ඇතැම් ශිෂ්‍ය කණ්ඩායම් නවක සිසුන් නොමග යැවීමේ පටු අරමුණින් මෙවැනි සම්මන්ත‍්‍රණ හා දේශණ මාතර, පේරාදෙණිය, නුගේගොඩ හා වෙනත් ස්ථානවල සංවිධානය කර ඇති බවට කොළඹ විශ්වවිද්‍යාලයට දැනගැනීමට ලැබී ඇත. නවක සිසුන් මෙම දේශන හා සම්මන්ත‍්‍රණ සඳහා සහභාගීවීමට අවශ්‍ය නොමැති බව දෙමව්පියන් වෙත දන්වන අතර, ඒ පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලය කිසිදු වගකීමක් නොදරන බව ද දන්වා සිටී. නේවාසිකාගාර හා අනෙකුත් පහසුකම් සඳහා සුදුසුකම් ලබන නවක සිසුන් වෙනුවෙන් විශ්වවිද්‍යාලයේ පවත්නා නීති රීති අනුව සාධාරණව කටයුතු කරනු ලැබේ.
උපකුලපතිනි,
කොළඹ විශ්වවිද්‍යාලය,
2009.08.06
ඉතින් ඔය අලකලංචි මැද්දෙ කැම්පස් එකට ආපු අපට කොළඹ විශ්වවිද්‍යාලයේ එක්සත් ශිෂ්‍ය සංවිධානය (කිත්‍යාගරේ කස්ටියගෙන්) ‘‘සොයුරු සෙනෙහසක සොඳුරු ආමන්ත‍්‍රණයක් ’’ කියල ලීෆ්ලට් එකක් ලැබෙනවා. තෙලවල කස්ටිය කරපු ජරා වැඩෙන් උදක්ම කම්පා වෙච්චි මේ සොයුරෝ ඒකෙ මෙන්න මෙහෙම ලියනවා.

‘‘ පසුගිය දින කිහිපය තුළ නුඹේ පැහැබර අනාගතය බිලිගන්නට සැරසෙන පාපිෂ්ටයන් නුඹට අනන්තවත් කතා කල බව මතක ඇති. නීති විරෝධි ලෙස ‘‘ සංසද ’’ පවත්වන්නට ගත් උත්සාහය විශ්වවිද්‍යාලයේ ගුරුමව්පියවරුන් සම`ග එකතුව අප නවතා දැමූවෙමු. එසේනම් වෙනත් උපායකින් නුඹව බිලිගන්නට ඔවුන් දැන් සූදානම්. සබඳ නුඹම වැනිම වූ මල් හිතුමතේ පිපී ඔවුන්ගේ බවට රැුවටී ජීවිතය කාලකණ්ණි කරගත් වගට ඉතිහාසය පුරාම සාකෂ්‍ය ඇත’’
(උපුටා ගැනීම :- සොයුරු සෙනෙහසක සොඳුරු ආමන්ත‍්‍රණය, එක්සත් ශිෂ්‍ය සංවිධානය, දෙවන වසර)
ඒ කියන්නේ තෙලවල වැඬේ අල කරන්න ගුරුමව්පියවරුන්ගේ ද සහාය ලැබුණු බව මේ අය කියනවා. මට හිතෙන්නේ නම් ජ්‍යෙෂ්ට ශිෂ්‍ය අනුශාසකතුමා පියෙකුවීම නිසාත් වීසී මවක  වීම නිසාත් එක්සත් අය ඒ වචනය බය නැතුව පාවිච්චි කරන්න ඇති බවයි. කොහොම වුණත් ඒ වෙනකොට මේ නිර්දේශපාලනය ගැන කතා කරන හොඳ පුතාලා ගැන වීසීට නම් ලොකු විශ්වාසයක් තිබුණා.
    කාලය කෙමෙන් ඉක්ම යනවා. කැම්පස් එක ඇතුලේ මේ කණ්ඩායම් දෙක අතරේ අවස්ථා ගණනාවකදිම ගැටුම් ඇතිවෙනවා. තුවාල වෙනවා. නඩු යනවා. කැම්පස් එක වහනවා. සස්පෙන්ඞ් කරනවා. කැම්පස් එක අරිනවා. අවසාන විග‍්‍රයෙදි පරිපාලනය හැම ගැටුමකදිම කොන්දේසි විරහිතව එක්සත් අය රකින  ස්ථාවරයක් ගන්නවා.
      දැන් අපි මේ කියන සිද්ධි  රාජ්‍ය ප‍්‍රතිපත්ති හා පරිපාලනය ගැන අපේම ගුරුවරයා වෙච්චි ධම්ම දිසානායක මහත්තයා කියල දීපු සාස්තරේට  අනුව සූත‍්‍රගත කරල ලිහාගමු බලන්න. රාජ්‍ය ප‍්‍රතිපත්තියක් කියන්නේ මොකද්ද? ‘‘ සමාජයට බලයක් සහිතව යම්කිසි අගයන් සමුදායක් බෙදාහැරීමයි. ඒක පවතින දේශපාලන පද්ධතියේ අවසාන නිමැවුම : (Final  output  of  the  rulling  political  system)    යි. ඉතින් අපේ මේ කතන්දරේ ගැටගැහෙන්නේ මූලිකවම ලංකාවේ උසස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය එක්කයි. එතකොට වීසී කියන්නේ කවුද? පරිපාලන නිලධාරිනියක්. එහෙම නැත්තන් රාජ්‍ය සේවිකාවක්.: (public  servent). ඇය පරිපාලන විධායකය නියෝජනය කරනවා. එතකොට ප‍්‍රශ්නයක් එනවනේ පරිපාලන විධායකය කොහොමද දේශපාලනයට සම්බන්ධ වෙන්නේ කියලා. ඒක හරිම සරලයි. ප‍්‍රතිපත්ති සකස් කෙරෙන්නේ ව්‍යවස්ථාදායකයෙන්. දැන් තියෙන තත්ත්වය අනුව (තුනෙන් දෙකේ බලයක් තිබෙන) ආණ්ඩුව විසින්. ඒ අයට කියන්නේ දේශපාලන විධායකය කියලා. එතකොට එක්සත් ජනතා නිදහස් සන්ධාන දේශපාලන විධායකය සකස් කරන ප‍්‍රතිපත්ති කොළඹ කැම්පස් එකේදි සංයුක්ත වෙන්නේ වීසී කියන පරිපාලන විධායකය හරහා. දැන් පැහැදිලිනේ මෙතන තියෙන දේශපාලනය. එල්.ඞී. වයිට් කියන චින්තකයා බොහොම පැහැදිලිව මේ තත්ත්වය ‘‘ රාජ්‍ය පරිපාලනය කියන්නේ රාජ්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම හා පාලනය සඳහා උපයෝගී කරගනු ලබන සියලුම කාර්්‍ය භාරයන් ’’ කියල පැහැදිලිව කියනවා. ජනතා නියෝජිතයන් වන දේශපාලන විධායකයට දේශපාලන බලය තිබෙන අතර පරිපාලන විධායකයට තිබෙන්නේ වැඬේ කරන්න අවශ්‍ය අධිකාරයයි.  ‘‘දේශපාලනය හා පරිපාලනය වෙන්කළ හැකි දෙයක් නෙවෙයි’’ කියලා හෙන්රි ෆායල් කිව්වේ ඒ නිසයි. මෙතැනදි එක්සත් එක සම්බන්ධ වෙන්නේ කොහොමද? එක්සත් එක නීත්‍යනුකූල ශිෂ්‍ය සංවිධානයක් විදියට එලියට එන්නේ මේ අවුරුද්දේ. ඒකත් ශාස්ත‍්‍ර පීඨයේ බහුතරයක් වූ ස්ත‍්‍රීන් (ශිෂ්‍යාවන්) හා කිත්‍යාගාරය නියෝජනය නොකරන ශිෂ්‍ය ශිෂ්‍ය දෙපාර්ශ්වයම (පිට අය) විතැන් කරල අනෙක් අතට කිත්‍යාගරයෙම තමන්ට එක`ග නැති අයත් කොන් කරල බොහොම හොර රහසේ තියපු ඡුන්දෙකින්. ඒ ගැන වෙනම කතා කරමුකෝ. කොහොමහරි දැන් ශාස්ත‍්‍ර පීඨ ශිෂ්‍ය සංගමය කියලා මේ අය පෙනීසිටිනවානම් ඒ අය දැනගන්න  ඕනෙ ඒ අයගෙ භූමිකාව මොකද්ද කියලා. ඇත්තටම ශිෂ්‍ය සංගමය කියන්නේ විශ්වවිද්‍යාලය තුළ මෙන්ම මහා සමාජය තුළත් බලපෑම් කණ්ඩායමක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් පවතින රටක ශිෂ්‍ය කණ්ඩායම් ප‍්‍රතිපත්ති සම්පාදනයේදී මැදිහත්කාර පාර්ශ්වයක්. හැබැයි ඒ අය ඇකඩමික් එක ඇතුළේ බුද්ධිමය කුලකයක් වෙන්න  ඕනේ. දැන් අපි ආයෙම යමු එක්සත් හා වීසී ඊනියා සම්මුතිකාමී නිද්‍රාශීලී දේශපාලනයට.
පහුගිය කාලෙ පුරාම පැවැතිච්ච සම්මුතියට අනුව එක්සත් අය වීසීවවත් වීසී එක්සත් අයවත් ප‍්‍රශ්න කළේ නෑ. මේ නිසා එක්සත් අය නිදහස්කාමී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රැුග් එක දෙනකොට ඒක බරපතල විදියට දකින්න පරිපාලනය කටයුතු කළේ නෑ. අනෙක් අතට පරිපාලනයත් දැනගෙන හිටියා තමන්ව ප‍්‍රශ්න කරන්න ශඛ්‍යතාවය තිබුණු ආචාර්යවරුන්ව මර්දනය කරන්න එක්සත් එක තරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනත් උපක‍්‍රමයක් නෑ කියලා. මේ නිසා  වගකිව යුතු ශිෂ්‍ය නියෝජිතයන්ව, ශාස්ත‍්‍රාලීය නිදහස අගය කරපු ආචාර්යවරුන්ට ප‍්‍රසිද්ධියේ හූ තියන තැනට පත්කරලා බලපත‍්‍රලාභී මජරයන් බවට අනුවර්තනය කරන්නට වීසී හරිම සවිඥානකව මැදිහත් වුණා. ඒක එහෙම නෙවෙයි කියල කියන්න හැකි තරමේ උදාහරණ ඇය සතුව කොහෙත්ම නෑ. මේ නිසා අනෙක් අතට ශිෂ්‍ය සංගමයට සිදුවුණා තමන්ගෙ මතය වීසී හිතවාදී මිත‍්‍රශීලී එකක් බවට පත්කරගන්නට.දැන් මේ දෙගොල්ලම මිනිස්සු නිදහසේ කතාකරනවට ( දේශපාලනය කරනවට) අකැමැති නිසා පොදු හතුරා බවට පත්වෙන්නේ එකම පාර්ශ්වයක්නේ. සාමාන්‍යයෙන් ශිෂ්‍ය සංගමයකින් කෙරෙන්නේ ශිෂ්‍ය නියෝජිතයන් විදියට කටයුතු කිරීම වුණත් මේ නින්දාසහගත විශ්වාස කිරීම විසින් මේ අයව පරිපාලනයේ නියෝජිතයන් බවට පත්කෙරුණා. ඉතින් ශිෂ්‍ය සංගමයක් කියන්නේ බලපෑම් කණ්ඩායමක් වුණත් මේ පසුගාමී දෙබිඩි නියෝජනය නිසා මොවුන්ට පරිපාලන ප‍්‍රතිපත්ති හෝ ඊට තීන්දු නිශ්චය කෙරෙන දේශපාලන විධායකයේ හැසිරීම් ප‍්‍රශ්න කරන්න බැරුව යනවා. මේ නිසා ඇත්තවශයෙන්ම මොවුන් බලපෑම් කණ්ඩායමක් වුණේ පරපීඩාකාමීත්වය සම්බන්ධයෙන් නවකයන්ටයි. නවකයන්ගේ ස්වාධීන සජීවී සංවාදශීලීත්වය ෆ්ලැට් කරන්න ඒ ගෝත‍්‍රික වැඬේට පුරවර සරසවියේ පටිසෝතගාමී (උඩුගංබලා යන) වැඩක් කියලා අපූරුම සිද්ධාන්තෙකුත් හොයාගත්තා. අද ඒවා ප‍්‍රමෝට් කරපු එක්කෙනෙක් ශ‍්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය සංගමයේ සභාපති හා තවත් කෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු වීමත් ඔවුන්ගේ නිර්දේශපාලනික වංශ කතාවේ සුජාතභාවය කියන උදාහරණ දෙකක් පමණයි. තමන් නවක වදයට විරුද්ධ බව කියන මේ කණ්ඩායම් නේවාසිකාගාරය තුළ ගොන්පාට් නාමයෙන් යහමින් නවකයන්ට  මාස ගණන් නවක වදය දෙනවා. මේක ඉතින් චක‍්‍රයක් වගේ ඊළ`ග කණ්ඩායමටත් උරුම වෙනවා. වෛරය සහ පලිය පිරිමසාගැනීමේ දේශපාලනය හා බලය පෙන්වීමේ මනෝගතිකයන් නවකයන්ව දිශානුගත කිරීම නමින් දියත් වෙනවා.
   කෙහොමින් කොහොමහරි වීසීගේ අධීක්ෂණය සමාජ විද්‍යාඥයන්ගේ මෙහෙයවීම හා එක්සතුන්ගේ ක‍්‍රියාකාරීත්වය මැද පොදු ශිෂ්‍ය සංගමය කොළඹ කැම්පස් එකෙන් අතුගා දමන්න 2010 වෙනකොට හැකිවෙනවා. ඉතිරි වෙච්ච නෂ්ටාවශේෂත් පොඩිපට්ටම් කරල දාන්න බලය තහවුරුකරගත් එක්සත් අය කටයුතු කරනවා. අවිදුර දෘෂ්ටිකත්වය උපන්ගෙයි ව්‍යාධියක් වෙච්ච එක්සත් බළකායට මේක ඒ මොහොතේ ඓතිහාසික යුද ජයක් වෙනවා. ඉතින් මේ අය ඒ බලය ටෙස්ට් කරන්න හතුරෙක් හොයනවා. ළ`ගම හතුරා බවට පත්වෙන්නේ කොළඹ කියල ඒ අයම කියන  ඕෆ්කලම්බු ස්ටුඩන්ට්ලයි. ඒක වෙනම කතා කළ යුතු මාතෘකාවක්. දේශපාලනය එපා කියපු මේ අයට කැම්පස් එක ඇතුළේ වැඩකරන්න ගියාම තමයි අමාරුව තේරෙන්නේ. මොකද ග‍්‍රාමීය සිංහල බෞද්ධ දෘෂ්ටියට අනුව නිර්දේශපාලනික වැඩ විදියට අහුවෙන්නේම පිරිත් බණ බලි තොවිල් බලු කපුටු දාන විතරනේ. ඉතින් කට්ටිය ඒව යහමින් පටන්ගන්නවා. අපේ ගම්වල දායක සභා, කුළ`ගන සමිති ඉන්න ආස්ථානයට මේ අය කියන විදියට රටේ ප‍්‍රධානතම  විශ්වවිද්‍යාලයේ හා ලෝකයේ හොඳම ශාස්ත‍්‍ර පීඨයේ ශිෂ්‍ය සංගමය අවප‍්‍රමාණය වෙනවා. හැබැයි ඒ වෙනකොට රටපුරා වේගයෙන් පැතිර යමින් තිබුණු පශ්චාත් යුද ලාංකීය යුද්ධාගමික ප‍්‍රබෝධය මේ අයට ධෛර්්‍ය සපයනවා. මොකද නිර්දේශපාලනික මේ අයගේ දේශපාලන න්‍යාය පත‍්‍රය රාජ්‍ය බල න්‍යාය පත‍්‍රය හා 100% ක් සමපාත වෙනවනේ. ඒකයි. මේ නිසා බුදු හාමුදුරුවෝ තුන් හිතකින්වත් නොහිතපු දේවල් ‘‘බුදු වදනේ සඳහන් වන පරිදි ’’ යි යනුවෙන් කිසිම ලැජ්ජාවක් නැතිව දෙසා බාන සිංහල බෞද්ධ කොඩිය අරන් දුවන හෙළ උරුමය හා මාක්ස්ටත් න්‍යාය සපයන ජාතික නිදහස් පෙරමුණ වගේ දේශපාලන පක්ෂ තමන්ගේ අවිධිමත් මතවාදයට ආලෝකයක් සපයන ගමන් සගයෝ බවට පත්කෙරෙන්නේ නිරුත්සාහයෙන්.
     මෙන්න මෙහෙම දැහැමෙන් සෙමෙන් ශාස්ත‍්‍ර පීඨය විචාලන කල්හි තමයි එක්සත් එකේ කරුමෙකට වගේ ආණ්ඩුව පෞද්ගලික විශ්වවිද්‍යාල පනතක් ගේන බව කියන්නේ. එක්සත් එකේ නායකයො හරිම අසරණ වෙන තැනක් මේක. කෙහෙම්මල් පනතක් නිසා රට පුරාම උගත් බුද්ධිමත් ප‍්‍රජාව කෑ ගහද්දි දේශපාලනය එපා කියපු අපටත්  නිස්සද්දව ඉන්න බැරිවෙනවා කියලා ඒ අයට තේරෙනවා. මොකද ඒ වෙද්දි ජනඅරගල ව්‍යාපාරයත් ජවිපෙන් විතැන් වුණු අ:වි:ශි:බ:ම තමන්ගේ කරගෙන හරිම කූට විදියට  සරසවි ප‍්‍රජාව අතරේ බලය විහිදුවල තිබුණු නිසාත් ඒකෙන් ගැලවෙන්න කොළඹ විශ්වවිද්‍යාලයට පවා බැරිවෙන බව දැනගෙන හිටපු නිසාත්. මේ නිසා දෛවයේ සරදමකට වගේ එකම වර ආණ්ඩුව රකින්නත් (වීසී ව ආරක්ෂා කරන්නත්) ආණ්ඩුවට විරුද්ධ වෙන්නත් (පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහි වෙන්නත්) එක්සත් අයට සිදුවෙනවා. මේක එක්සත් නායකයගේ එහෙම නැත්තන් අපේ ජයන්තගේ මොළේ කොලොප්පන් කරන ක‍්‍රියාවලියක්නේ. සභාපතිකමත්  ඕන. වීසීත්  ඕන. විරෝධයට සහභාගී වෙන්නත්  ඕන. ඒ වැඬේ නිදහස් අධ්‍යාපනය රැුකගැනීම යන්නට මුවාවෙලා ඉෂ්ට කරගන්නත් ඔවුන් කටයුතු කරනවා. වීසී ඔවුන්ගේ අසරණභාවය තේරුම්ගන්නවා. ඉතින් ජනාධිපතිතුමා වමට සිග්නල් දාල හැමදාම වාහනේ දකුණට හරවන වාසුදේව මහත්තයට දෙනවා වගේ චාන්ස් එකක් වීසී ජයන්තට දෙනවා. අද වෙද්දි පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් කරපු රට හොල්ලපු විරෝධය නිසා යැයි කියන්න තරම් අඳබාල කතන්දරත් තැන තැන ඇහෙනවා. හැබැයි සමස්ථ පීඨ ශිෂ්‍ය එකමුතුව නමින් ජන අරගල ව්‍යාපාරය හා දීග කාපු ජයන්තලා ඇටි කෙහෙල් කාපු කවුද බවට පත්වෙලා. කරපු වැඬේ තිබුණු දේශපාලනය හා ඒකේ කොන්දේසි මොනවද කියලා ඒ අය හොඳට දන්නවා. අවසාන වශයෙන් අපි ජයන්ත සහෝදරයගෙන් බොහොම සරල ප‍්‍රශ්න කීපයක් අහනවා.
ජයන්ත,
1.උඹ යූනියන් එකක් කියන වචනයෙන් අදහස් කරන්නේ මොකද්ද?
2.දේශපාලනය කියන්නේ මොකටද?
3.විශ්වවිද්‍යාලයක් කියන්නේ මොකකටද?
4.විශ්වවිද්‍යාල පරිපාලනය හා රාජ්‍ය ප‍්‍රතිපත්ති අතර ඇත්තේ කවර සම්බන්ධයක්ද?
5.විශ්වවිද්‍යාල පරිපාලනය හා ස්ටුඩන්ට් යූනියන් එකක් අතර ඇත්තේ කවර සම්බන්ධයක්ද?
6.නවක වදය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?

(තව ප‍්‍රශ්න තියෙනවා. ඒව අපි ඉස්සරහට ලිහාගමු)

Saturday 3 March 2012

කාව්‍යක්කාර පුරවරයේ වහල් වෙළෙඳාම හෙවත් කැන්වසින් පතා ස්ත‍්‍රීන්


ශාස්ත‍්‍ර පීඨයේ ශිෂ්‍ය හිංසනයකට සම්බන්ධ වූ සිසුවකුගේ හැඳුනුම්පතක් වරක් මාෂල්වරුන් විසින් සිය භාරයට ගන්නා ලදී. මෙම සිසුවා පංති තහනමකට ලක්වීමෙන් වලක්වාගැනීමට ශිෂ්‍ය නේවාසිකාගාරයේම තවත් සිසුන් කණ්ඩායමකට වුවමනා විය. එම ඉල්ලීම කිරීම සඳහා පාගමනකින් මාෂල් ඔෆීසියට යාම ඔවුන් තේරූ උපක‍්‍රමයයි. එහිදී ඔවුන් මුහුණ පෑ ප‍්‍රමුඛ ගැටලුව වූයේ පිරිස් බලයයි. මන්දයත් ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිසුන් විශාල පිරිසක් ඒ වනවිටත් දේශනවලට සහභාගී වී සිටි අතර තවත් පිරිසක් පෙම් සුව විඳිමින් සිටි නිසාය. මේ නිසා ඔවුන්ගේ ප‍්‍රධාන ඉලක්කය වූයේ බහුතරයක් වූ ස්ත‍්‍රීන්(ශිෂ්‍යාවන්*ය. එසේ වුවද ශිෂ්‍යාවන්ට පවා ක්ෂණිකව සිය පණිවුඩය යැවීම දුෂ්කර කටයුත්තක් විය. ඒ අවස්ථාවේදී වදෙන් පොරෙන් එකතු කරගත් ශිෂ්‍යාවන්ට නේවාසිකාගාරයේ සිට එන දෙවැනි වසර සිසුවෙක් අපූරු ප‍්‍රකාශයක් කළේය. ‘‘ඔයාලගේ හැම ප‍්‍රශ්නයෙදිම අපි මැදිහත්වෙලා කතා කරනවනම් කොල්ලෙකුට ප‍්‍රශ්නයක් ආවම එන්න බැරිනම් වැඩක් නෑනෙ. අපේ වැඩවලට එන්නෙ නැත්තන් ඉතින් මීට පස්සේ අපිත් නෑ’’ යන අදහසය ඒ ප‍්‍රකාශයේ ගැබ්වුණේ. ඇත්තෙන්ම මේ මිත‍්‍රයා කළ ප‍්‍රකාශය සීයට සීයක් නිවැරැුදිය. අප දන්නා කාලයේ පටන් ශාස්ත‍්‍ර පීඨ ශිෂ්‍ය සංගමය පිරිමි කීප දෙනෙක් අත පාලනය වන සැකැස්මක් සහිත බල කණ්ඩායමකි. ඇත්ත. මේ නිසා ශිෂ්‍යාවන්ගේ ප‍්‍රශ්නවලටත් මැදිහත්වෙන්නේ ඔවුන්ය. එහෙත් ස්ත‍්‍රීන්ට පොදු වූ සංවේදී ප‍්‍රශ්න මේ සැකැස්ම තුළ නියෝජනය වන ආකාරයක් ගැන නම් කිසිවෙකුට අදහසක් නැත. අනෙක් අතට මේ සැකැස්මේ යෝජිතයෝ සාතිශය බහුතරයක් වූ ස්ත‍්‍රීන් (ශිෂ්‍යයාවන්* හෝ ශාස්ත‍්‍ර පීඨයේම නේවාසිකාගාරය නියෝජනය නොකරන පිරිමි(ශිෂ්‍යයන්* නොවුණ ද යට කී කණ්ඩායම නිකන්ම නියෝජිතයන් වන සාම්ප‍්‍රදායකි ඇත්තේ. අනෙක් අතට අපේ මිත‍්‍රයා ස්ත‍්‍රීන්ගේ සහාය පතා ඔවුන් මත පටවන බලහත්කාරය ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දිග පළල ගැන අපට කියයි. මෙම කතාව මෙසේ දිගහැරියේ ශාස්ත‍්‍ර පීඨය තුළ ස්ත‍්‍රී පුරුෂ භූමිකාව ගැන වූ කතාබහකට ප‍්‍රවේශයක් වශයෙනි.
    මහා සමාජයට මෙන්ම ශාස්ත‍්‍ර පීඨයට ද ස්ත‍්‍රිය යනු නැතිවම බැරි භාණ්ඩයකි. පැවැරුම්, නිබන්ධ කරගැනීමේ සිට ශිෂ්‍ය සංගමයට අවශ්‍ය ඔලු ගෙඩි ටික සකසා ගැනීම දක්වා මේ ස්ත‍්‍රියගෙන් ඇති ප‍්‍රයෝජනය අතිමහත්ය. ශාස්ත‍්‍ර පීඨයේ සාතිශය බහුතරය ශිෂ්‍යයාවෝය. එහෙත් සිය හැ`ගීම් දැනීම් ප‍්‍රකාශනයට ඇති අයිතිය භුක්ති විඳීම අතින් ශිෂ්‍යයකුට හිමි තැන ඇයට නැත. මෙය සුන්දර යැයි කියන උපසංස්කෘතියේම තිත්ත ඇත්තකි. මෙහි වැදගත් කරුණ වන්නේ මෙම ඇත්ත සම්බන්ධයෙන් ස්ත‍්‍රියටත් වඩා පුරුෂ පක්ෂය සවිඥානක වීම හා ආයතනගතවීමය. නිදසුනකට ශිෂ්‍ය නේවාසිකාගාරවල සිටින පළමු වසර ශිෂ්‍යයනට ඉහළින් අණ එන්නේ වැඩිපුර ශිෂ්‍යාවන් සේවනය (පාත්ති ? පට්ටි?* කරන්නටය. මෙම කාරණයේදී එක්සත් ශිෂ්‍ය සංගමය හා අ:වි:ශි:බ:ම යන්නේ එකම පීල්ලකය. එනම් මේ කණ්ඩායම් දෙකටම සිය සංවිධාන බලය තර කරගැනීමට මීට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සවිඥානක මානුෂීය බැඳීම් පිළිබඳ විශ්වාසයක් නැත. (අ:වි:ශි:බ:ම විරෝධතාවන්වලදී පළමු වසර නියෝජනය කරමින් ගුටිබැට කන බහුතරය දෙවැනි වසරට යද්දී හැලෙන්නේ මේ නිසාය*
 ස්ත‍්‍රිය සම්බන්ධයෙන් එක්සත් ශිෂ්‍ය සංගමයට ඇති උපයෝගිතාව කෙබඳුද? සැබැවින්ම එය අතිශය දේශපාලනිකය. තමන් සංවිධානය කරන වැඩකට බීම ටිකක් හදාගන්නට, අවමංගල්‍ය උළෙලවලට කැන්වසින් යන්නට, ඇඞ් එකක් හොයාගන්නට හා ලිංගික වශයෙන් තමන්ට ඇති පීඩනයන් පිටකරගන්නට ආදී වැඩ කීපයකටය. මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් වූ වාසස්ථාන සාධකය කේවල් කරමින් පිරිමි(ශිෂ්‍ය* සංවිධාන ගොඩනගන්නා සේම මෙම පාවිච්චි කිරීමට ලක්වන්නේ ද විශ්වවිද්‍යාලීය නේවාසිකාගාරවල සිටින ශිෂ්‍යයාවන්ය. (නේවාසිකාගාරවලින් ඉවත් වූ කළ මෙම සහෝදරියෝ ප‍්‍රතිගාමී, කමකට නැති, බඩු භාණ්ඩ හැටියට රූපාන්තරණය වීමේ රහස ද මේ සාධකයයි*
 
wfkla w;g úYajúoHd, fkajdisld.drj,skau yg.kakd ia;%S mqreI in|;d YsIH ix.ïjdiSka w;r jvd /äl,ah' iqkaorh' fm%aufha kdufhka ix.ïjdiSkaf.a jqjukd bgqlroSfï isg iajdëk YsIH lKavdhï yd m%;súreoaO u;OdÍka iïnkaOfhka jd¾;d lsÍfï pr mqreI fiajh o fuu.ska fkdñf,a ,nd.;yels ùu Bg fya;=jhs' wdorh" /ljrKh yd ñksidf.a w;suQ,sl wjYH;djhla jQ ,sx.sl wjYH;d yuqfõ wirK jk YsIHhdjg fï lgq Tgqkak ord isàug n, flÍ we;' fuys we;s kmqr kï YsIHdjka mqrjr iriúh kue;s ldjHlaldr isysk jy,a jevìu ;=< fulS wdlD;skays isr lr,Suh' l,ahEfïoS w;aú|Sfuka ;s;a; we;a; mila jqjo ta jkúg;a ;uka ie,lsh hq;= f,i mdúÉÑ ù ;sîuh' b;ska tlaflda ys;g jHdcfhka fyda fï wdh;k.; fma%u yd ñ;% in|lï kv;a;= l< hq;=h' ke;skï th m%Yak l< hq;=h' we;eï YsIHdjka tjeks ;eklg f.dia we;s nj olskakg we;;a th o ;ek ;ek flfrk wjêu;a l;d nylska Tíng hkq fmfkkakg ke;' wfkla w;g úYajúoHd,h ;=< m%Yak lsÍï yd ixjdo ndysr iudcfha uyd u;jdohka úiska .s,f.k isák fudfyd;l tajd flf,i fld;ekska wdrïN lrkafkao hkako wo ojfia Ydia;% mSG YsIHdj bÈßfha we;s m%Yakhls'
  fm!oa.,sl úYajúoHd,j,g úreoaOj fyda ksoyia wOHdmkh /l.ekSu uq,alrf.k YsIH wr., b,a,d isák n,fõ. o fulS udÈ,sfha n, in|;d f.dvke.Sfï wdÈl¾;Djreh' tl w;lska wo Tjqkag wOHdmk m%;sixialrK iïnkaOfhka l;d lsÍug wjYH N+ñh ilialr.ekSu m%Yakhla ù we;af;a o fï hdka;%sl nkaOk ksidh' jvd iqkaor hqfgdamshdkq udkj in|;d ms<sn| isysk olsñka ienE in|;d mlaI foaYmd,k kHdh m;%hg hg l< fï msßia isr ù isák tl ;eklah fï' Ñ,S YsIH jHdmdrhg kdhl;ajh fok  23 yeúßÈ leñ,d jf,afIdaf.ka ^weh ia;%shls& Tjqkag bf.k .;yels mdvï /ils' ì%;dkHfha o .d¾ähka mqj;amf;a mdGlhka 2011 jif¾ ckm%shu úfrdaO;dldßh f,i kï lf<a o wehhs' Ydia;% mSGh iïnkaOfhka .;fyd;a id;sYh nyq;rhla jQ YsIHdjka iïnkaOfhka ;Skaÿ ;SrK .ekSu msßñ fo;=ka fofkl= u; mokïj we;' b;ska flfiakï jf,afIda,d ìysjkak o@ we;a; kï ia;%sh foaYmd,kslj oekqïj;a lsÍug wdKavq muKla fkdj fï YsIH jHdmdr^@& ^l,a,s@& o ìhh'
    wdKavq fukau ,dxflah YsIH jHdmdr hehs lshk wh úiska Wiia wOHdmk l%shdj,sh yd úYajúoHd,h iïnkaOfhka fokq ,enQ ckm%sh ñ:Hdjka ;=<  YsIH YsIHd fomd¾Yajhu tl fia isr ù isák ;;a;ajhla ;=< fujeks bishqï foaYmd,ksl n, in|;d f;areï .kakg W;aidy lsÍu o wehg^YsIHdjkag&  wu;r ysirohls' tfy;a Ydia;% mSGh ;=< ia;%S mqreI N+ñld y÷kd.ekSuu ;j;a me;a;lska YsIH jHdmdr kj udkhlska lsheùuls'